
සිනහමුසුව ජනතා සේවය නොකරන රාජ්‍ය සේවකයන්ගෙන් දඩ අය කර ගන්නා බව, පිලිපීනයේ මුලානේ නගරයේ නගරාධිපති ඇරිස්ටෝටල් ඇග්වයර් පවසා තිබේ.
රාජ්‍ය සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් මිත්‍රශීලි වටපිටාවක් ඇති කරමින්, රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් මෙම තීරණය ගත් බව නගරාධිපතිවරයා පෙන්වා දී ඇත.
‘රාජ්‍ය සේවය ගැන ජනතාව සිටින්නේ කලකිරීමෙන්. තම තමන්ගේ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයන් හමුවට යන වැසියන් බොහෝ දෙනකුගෙන් මැසිවිලි නගනවා. රාජ්‍ය සේවය කෙරෙහි ඇති විශ්වාසය ගිලිහී ගිහින්. ඒ නිසා මින් ඉදිරියට රාජ්‍ය සේවකයන් ජනතාවට සේවය සපයන විට සිනහමුසු මුහුණින් සේවය ලබා දීම කළ යුතුයි. ජනතාවගෙන් මැසිවිලි හෝ පැමිණිලි හෝ නැගෙන්න ඉඩක් නැහැ. එසේ පැමිණිලි ලැබෙන්නේ නම්, අදාළ රාජ්‍ය නිලධාරීන්ට දඩුවම් ලැබෙනවා. තමන්ගේ මෙම නියෝගය නොසළකා කටයුතු කරන රාජ්‍ය සේවනයන් හෝ නිලධාරීන් මාස 6ක වැටුපකට සමාන උපරිම දඩයකට හෝ වැඩ තහනමකට හෝ ලක් කෙරෙනු ඇත.’ යැයි නගරාධිපති ඇරිස්ටෝටල් ඇග්වයර් පැහැදිලි කර තිබේ.
ඇරිස්ටෝටල් ඇග්වයර්, නගරාධිපති ධුරයට පත්වී මාස 8 කි. නගරාධිපති ධුරයට තරග වදිද්දී පවා ඇරිස්ටෝටල් ඇග්වයර් ගුණාත්මක රාජ්‍යඨ සේවකයක් ඇති කිරීමට ප්‍රතිඳා දී තිබේ. ඒ අනුව, ජනතාවගෙන් එල්ල වන පැමිණිලි සැලකිල්ලට ගනිමින් ඔහු මෙම ‘සිනාසීමේ ප්‍රතිපත්තිය’ හඳුන්වා දී තිබේ.
‘ධීවරයන්, කෘෂි කර්මාන්තයේ නියැළෙන්නන් සහ දුෂ්කර පළාත්වල වැසියන් ඔවුන්ගේ කටයුතු සඳහා නගරයට පැමිණෙනවා. අවශ්‍ය වැඩේ කර ගන්න ඔවුන් පැය ගණනක් දින ගණනක් රස්තියාදු වෙනවා. රාජ්‍ය සේවකයන්ගෙන් සිදුවන කෙණෙහිලිකම් සම්බන්ධව දිනපතා පැමිණිලි ලැබෙනවා. ඒ අනුව ජනතාව සෑහීමකට පත්වන ආකාරයේ සේවයක් සැපයිය කළ යුතුයි.’ යැයි නගරාධිපතිවරයා පැහැදිලි තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
512
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනතා සේවයේදී හිනාව ඕනෑ: නැතිනම් දඩ
gaming01 Friday, 15 July 2022 11:58 AM
හිනා වෙවී මාටිය ගහනකොට අපි මොනවද කරන්නෙ.
අමා Friday, 15 July 2022 02:54 PM
අපේ එහෙම කළොත් මුලු රාජ්‍ය සේවයටම දඩ ගහන්න වෙනවා..!