(අංජුල මහික වීරරත්න)
ජනතාවගේ තැන්පතු වලට අත තියන්න කිසිවකුටවත් හැකියාවක් නැතැයි ජනාධිපති උපදේශක එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
මහබැංකු අධිපතිවරයා පැහැදිලිව ඒ ගැන ප්‍රකාශ කර තිබෙන බව කී කාරියවසම් මහතා කිසිවකුත් ඒ ගැන කලබල විය යුතු නැති බව සඳහන් කළේය.
බැංකු නිවාඩු ලබාදීම සම්බන්ධව අනවශ්‍ය මතවාදයක් රටෙි ගොඩනැගී තිබෙන බවද අකිල විරාජ් කාරියවසම් මහතා කීය.
ජනතාවට සහනයක් දීම සඳහා සකස් කරන ලද අස්වැසුම වැනි වැඩසටහන් දේශපාලන න්‍යාය පත්‍ර වලට ඇතුලත් කර ගන්නේ නැතිව කටයුතු කළ යුතු බව කී කාරියවසම් මහතා සෑම දෙයක්ම ඉතාම සාධාරණව බෙදී යා යුතු බව සඳහන් කළේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව කීය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනතා තැන්පතු වලට අත තියන්න කාටවත් බෑ
Kazi Shajahan Tuesday, 27 June 2023 04:33 PM
දැන් ආණ්ඩුව වෙනුවෙන් රිප්ලයි කරන්නේ .කිසිම ජනතාවගේ කැමැත්තක් නැති මිනිස්සු නේ
chandima Tuesday, 27 June 2023 11:45 PM
ඇත තියන්නේ නැහැ බිලී කොක්කක් දාලානේ ගන්න යන්නේ
චින්තක Wednesday, 28 June 2023 06:29 AM
අත තියන්න බැහැ ඒත් ඔහේලාම ඇතිකල ජ්‍යේෂ්ඨ පුරවැසි පොලියත් ඔහේලගෙ නායක විසින් කපාගන්නවා එයින් ජීවත්වූ අපි කබලෙන් ලිපට වැටිලා ඉන්නෙ මෙහෙම කපාගෙන ආදායම් බදු වංචා සදහා අස්වැසුම ගන්න පුද්ගලයො ඉන්නවා අස්වැසුම ඉල්ලුම් පත්‍රයේ ආදායම් වියදම් ඉල්ලුවේ නැහැ රැකියා ඇහුවෙ නැහැ ඉඩකඩම් බැලුවෙ නැහැ ලක්ෂ ගණනක් මාසෙකට ගන්න උන්ට අස්වැසුම දෙන්න අනුමත කරල තියෙනවා එහෙම අය ඔක්කොමලා පොහොට්ටු ක්‍රියාකාරීන් තමයි ඒත් සාගරයා හා සජිත් කියන්නෙ වෙන විකාර' කොහොම වුනත් අපි ගෙයක් දොරක් හදාගන්න වයසක අය බෙහෙතක් හේතක් ගන්න රුපියල් සීයක් දෙසීයක් ලෙසට බැංකුවේ තැන්පත් කරන මුදල් වලට හානියක් වුනොත් ඔහේලට ඊළඟ වතාවේ ජාතික ලැයිස්තුවේ තැනත් නැතිවේවි