IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


ජනතාව හිඟමනට වැටෙන තරමට බදු ගහලා - ගයන්ත දෙහිවත්ත

(යොහාන් භාසුර)

ජනතාව හිඟමනට වැටෙන තරමට බදු ගසා, මැරී වැටෙනකන් පහසුකම් කප්පාදු කර දියුණු වු ලෝකයේ කිසිදු රටක් නොමැති බව ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත මහතා පැවසීය.

‘ප්‍රගතිශීලි ආණ්ඩුවේ වැඩපිළිවෙල රනිල්ගේද?’ යන මැයෙන් විකල්ප මග සංවිධානය ජාඇල ප්‍රදේශයේ පසුගියදා පැවැත්වූ සම්මන්ත්‍රනයකදී ගයන්ත දෙහිවත්ත මහතා එසේ පැවසීය.v වත්මන් රජය ක්‍රියාත්මක කර ඇති වැරදි බදු ප්‍රතිපත්තිය නිසා රජයටත් පාලනය කරගත නොහැකි බලසම්පන්න නව ව්‍යාපාරික පන්තියක් රට තුළ බිහි වී ඇති බවත් රටේ විධායක ජනාධිපතිවරයාගේ මේසයට තට්ටුවක් දමා, තග දමා තම ව්‍යාපාරික අභිප්‍රායන් සපුරාගැනීමට තරම් ඇතැම් ව්‍යාපාරිකයන් ශක්තිමත් වී ඇති බවත් ඔහු සදහන් කළේය.

ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත මහතා වැඩි දුරටත් මෙසේ ද සඳහන් කළේය.

“රජය මහ පරිමාණ ව්‍යාපාරිකයන් පිරිසකට වසර 5 සිට 30 දක්වා බලපාන අයුරින් විශේෂිත බදු සහන දීලා තියෙනවා. ඒ අතරම කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන්ට දරාගත නොහැකි අන්දමට බදු බර පටවා තියෙනවා. රජය මුදල් නැති අයගෙන් අරගෙන සල්ලි එකතු කර ගන්න ලැජ්ජාසීලි උත්සහයක නිරත වෙලා ඉන්න බව පැහදිලිව පෙන්නුම් කරනවා. මේ රජය යටතේ මුලු රාජ්‍ය යන්ත්‍රනයම මුලික වගකීම් දෙවනියට දමා අද සල්ලි එකතු කරගත හැකි ක්‍රියාමාර්ගවලට මුල්තැන දීල කටයුතු කරගෙන යනවා. ඒ බව රේගුව සහ ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරන ආකාරයෙන් රටටම හුවා දක්වලා තියෙනවා.

 



අදහස් (18)

ජනතාව හිඟමනට වැටෙන තරමට බදු ගහලා - ගයන්ත දෙහිවත්ත

මොණරවිල. Sunday, 07 September 2025 06:55 PM

ඒක හින්දා වෙන්න ඕන මිනිස්සු කාර් ගන්ට පොර කකා පෝලිම් වල ඉන්නේ...

:       22       49

bbc Sunday, 07 September 2025 07:34 PM

කොහෙද හිටියේ...? රට බංකොලොත් වෙලා කුල්ල කුජීත වෙලා තියෙද්දී. ඉස්සර ණය අරගෙන,නොමිලේ රෝහල්, පාසැල් , විශ්වවිද්‍යාල තියාගෙන හිටිය කාලේ ඉවරයි. දැන් මිනිස්සු තමන්ට ලැබෙන දේ වලට ඔවුන්ගේ බද්ද ගෙවන්න ..ඕනේ ..

:       22       50

Dayan Sunday, 07 September 2025 08:29 PM

මෙයා හදේ ඉදලා ආපු කෙනෙක්ද?

:       21       47

C.K.Lankaputhra Sunday, 07 September 2025 10:29 PM

රාජපක්ස නඩය රට විනාශ කරල රනිල් රාජපක්සට රට බාර දීල යාන්තමටවත් පාන් කියන්න බැරි තැනකයි රට තිබුනේ. දැන් තමයි මිනිස්සු හුස්මක් කටක්වත් ගන්නේ. රට වනසපු උන්ට කඩේ යන මේ පිස්සා මගුලක් කතා කරනවා.

:       4       15

Lankaputha Monday, 08 September 2025 05:36 AM

NPP විසින් හඳුන්වා දී ඇති නව බදු මොනවාද? NPP විසින් ලබා දී ඇති පාපොච්චාරණ මොනවාද? කරුණාකර කරුණු දෙන්න.

:       3       11

maalaka Monday, 08 September 2025 06:07 AM

මෙය සත්‍යක් නොවෙයි කියලා හිතෙනවා. මගේ මිතුරෙක් ලංකාවට ආව ගිය සතියේ අවුරුද්දකට පස්සේ. ඔහු කිව්වා බදු මිල වෙනසක් නැහැ කියලා. සමහර සුඛෝපභෝගි දේවල් ගැන නම් නොවෙයි, එදිනෙදා වියදම් තමයි සංසන්දනය කළේ.

:       3       10

Sarath Gomes Monday, 08 September 2025 07:50 AM

අපේ රට දියුණු විය යුත්තේ අපේම මුදලින්, ඒ සඳහා අපි වෙහෙස මහන්සි වී වැඩ කර බදු ගෙවිය යුතුයි. ඔහුට මූලික අවශ්‍යතා පවා නැහැ. වෙනත් රටවලින් ණය ලබා ගැනීම අපේ ධනය විකිණීමට හේතු විය හැකියි.

:       3       8

nihal Monday, 08 September 2025 08:06 AM

රුවන් ජයවර්ධන වගේම ඔවුත් පිස්සුවෙන් දොඩවනවා

:       3       7

Junaid Nana Monday, 08 September 2025 09:42 AM

අටවත් පාස් වෙච්ච ඇත්තෙක්ද මංදා. ආර්ථික ඔස්තාද් කොහේ ඉඳලා ආවද මංදා.

:       5       8

de silva Monday, 08 September 2025 10:18 AM

සුකෝපභෝගී කාර් වැනි දේවල් වලට බදු ගැහුවට ප්‍රශ්නයක් නැහැ නමුත් අත්‍යවශ්‍ය අහර ද්‍රව්‍ය වන සහල් වලට 50% , අල වලට රුපියල් 50 (තිබෙන බදු අවලට අමතරව) ලුණු වලට රුපියල් 80 (තිබෙන බදු වලට අමතරව ගහන කොට ) පහල සහ මධ්‍යම පන්තික ජනතාව ඊට අසීරු අඩියකට පත්වෙනවා , අපි මේ ආණ්ඩුවට චන්දෙ දුන්නේ සුකොපභෝගී භාන්ඩ වලට ගහන බදු අඩු නොකලත් අහර වලට ගහන බදු අඩුකොට ජිවන වියදම දරාගන්න පුළුවන් තරමකට ගෙන ඒවි කියල සිතල , රුපියල් 70000 පමණ වැටුපක් අරගන්න මම දරුවන් දෙදෙනෙකු සමග ජිවත් වෙන්නේ අමාරුවෙන් ,

:       2       7

R.T.sarath Monday, 08 September 2025 10:21 AM

අත්‍යවශ්‍ය අහාර බෙහෙත් වැනි දේවල් වලට ගහන බද්ද අනිවාර්යයෙන් අඩු වෙන්න ඕනේ , මිනිස්සු ජිවත් වෙන්නේ අමාරුවෙන්

:       3       5

de silva Monday, 08 September 2025 10:24 AM

lankaputha , ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු පසුගිය සති දෙක ඇතුලත ආනයනික අල වලට ගහන බදු වලට අමතරව රුපියල් 50 බද්දක් ගැහුවා , ලුණු වලට 80 ගැහුවා

:       4       3

sanath Monday, 08 September 2025 10:29 AM

එංගලන්තෙත් උසස් අධ්‍යාපනය ලබනවා නම් ගෙවන්න ඕනේ , එහෙම එකේ ලංකාවෙත් උසස් අධ්‍යාපනය සදහා මුදල් අයකරන්න වෙනවා , රස්සාව කරන කොට ගෙවන ආකාරයේ නයමුදලක් ලබාදෙන්න නැති බැරි සිසුන්ට , එහෙම කලොත් රජයේ විශ්ව විද්‍යාල වලට බදවා ගන්න ප්‍රමානය වැඩිකර , පිටරටට ඇදීයන විෂල් මුදලක් ඉතිරි කරගන්න පුළුවන් , කරුණාකර පොඩි මිනිස්සු පිට පටවල තිබෙන බදු අඩු කරන්න .

:       1       4

Perera Monday, 08 September 2025 10:31 AM

ඔව් ඔව්, ලංකාවේ මිනිස්සු ගෙයින් ගෙට හිඟමනේ යන්නේ BYD කාර් වලින්.

:       0       10

සෙනෙවිරත්න Monday, 08 September 2025 11:32 AM

De silva ඔය බබා අල ලූණු වලට බදු ගැහුවෙ දේශීය ගොවියා රැකගන්න. ඕක වසර කාලයකට හැම රජයම කල දෙයක්,ඒක නොකලොත් අල ගොවියා ලූනු ගොවිය පාරට ගෙන්නන්නෙත් ඔය අපේ විපක්ෂ තුමා, එතුමා මෙහෙන් හාල් මිලයි කියල අරෙහෙ වී වලට ගෙවන මිල අඩුයි කියන.ව ඒ වගේ මොංගල් හාදයෙක් වෙන්න එපා

:       2       2

සෙනෙවිරත්න Monday, 08 September 2025 11:35 AM

මෙතුමා බදු කියන්නෙ කාර් බද්ද වෙන්න ඇති. තමුන්නාන්සෙ ලාබෙට කාර් ගන්න ඉඳල වැඩේ වැරදුනාද,මොනව උනත් වාහන සීමා එන එක රටට යහපතක්, ඊට අමතර කලින්ට වඩා අමුතු බදු පේන්නෙ නැහැ, හැබැයි සෘජු බදු වෙනදට වඩා ගෙවනව ජනතාව බදු සල්ලි හොරා කන්නෙ නැති නිසා.

:       1       1

සෙනෙවිරත්න Monday, 08 September 2025 11:37 AM

බදු අඩු කරන ඇන ගත්තොත් ආයෙම සීයට එන්න කියන්නද හිතාගෙන ඉන්නෙ? ඔයා සීයගෙ කාලෙ කොහේද හිටියෙ. අපට රජය විශ්වාසයි හැකි සෑම විටම සහන දෙන බව, මොකද රජයට ජනතාවගෙ බදු එකතු කරල රට සවාරි වාහන වලට නාස්කරන්නෙ නැහැ. ඒක නිසා මිනිස්සු පිලිගන්න දෙයක් කියන්න.

:       1       1

de silva Monday, 08 September 2025 12:37 PM

සෙනෙවිරත්න මහත්මය , දේශීය අල ලුණු ගොවියෝ නිෂ්පාදනය කරන්නේ රටේ අවශ්‍යතාවයෙන් 30% පමණ ගොවියෝ ආරක්ෂා කරන්න ඕනේ නම් , වී අලෙවි මණ්ඩලේට හෝ සතොසට තම නිෂ්පාදන අලෙවි කරන ගොවියාට යම්කිසි සහනාධාරයක් දුන්නම් ප්‍රමාණවත් , නැතුව මේ විදිහට මුළු රටේම පාරිභෝගික ජනතාවට බදු ගැහුවම , බත් පැකට් එකේ සිට විවිධ අහර ද්‍රව්‍ය වල මිල ඉහල යනවා , ඉහල යන මේ දේවල් නැවත පහට වැටෙන්නේ නැහැ , දුප්පත් මනුස්සය තමා හැමදාම තැලෙන්නේ , කරල පැහෙන්නේ ඩඩ්ලි වැනි පුද්ගලයන්ට , ඇත්ත මේක NPP ආණ්ඩුව පටන්ගත්ත දෙයක් නොවේ පසුගිය ආණ්ඩු සියල්ල කලේ මේක , මේවා වෙනස් කරන්න , ජිවන වියදම පහල දමාගන්න ඕනේ නිසා තමා අපි NPP එක පත් කරගත්තේ , නමුත් දැන් අපේ බලාපොරොත්තු ක්‍රම ක්‍රමයෙන් දියවෙමින් පවතී

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 565 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17366 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site