IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


ජනතාව රවටන්න එපා:පොරොන්දු ඉටු කරන්න

(නිමල කොඩිතුවක්කු)

රටටත් ලෝකයාටත් පොරොන්දු වූ 19 වන සංශෝධනය බලගැන්වීම තවත් ප්‍රමාද කරමින් ජනතාව රවටන්න එපා යැයි ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට අවධාරණය කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන පොරොන්දු වූ ප්‍රතිසංස්කරණ වහා ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට බල කර සිටින බවත් ජයසූරිය මහතා සඳහන් කළේය.

එම ප්‍රතිසංස්කරණ නොකර විවිධ හේතු දක්වමින් ජනතාව තවත් කෝප නොකරන්නැයි ඉල්ලීමක් කරන බවත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කොළඹ දී කැඳවූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ කරු ජයසූරිය මහතා පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා මෙසේ ද කීවේය.

"රාජ්‍ය නායකයා විසින් ප්‍රජාතන්ත්‍රවාදය රැක දෙන බවටත්, මිනිස් අයිතීන් සුරකින බවටත් ජගත් මහලේකම්වරයාටත්, ලෝක ප්‍රජාවටත්, පොරොන්දු වූ ආකාරය නැවතත් සිහි කරන්නට කැමතියි.

එමෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියන්ට ද 19 වැනි සංශෝධනය නැවත බල ගැන්වීමටත්, විධායක ජනාධිපති පදවිය අහෝසිකිරීමටත්, විරුද්ධත්වයක් නොමැති බවත්, එතුමා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. එමෙන්ම බලයට පැමිණ අවුරුද්දකින් නව ව්‍යවස්ථාව ගෙන ඒමටත්, ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ කොන්දේසිය අවුරුද්දකින් ඉවත් කරන බවටත්, ආගමික නායකයන් ඇතුළු සකල ජන වාසීන්ට සහතික වී ඇත. මේ පොරොන්දු ලබා දුන්නේ ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා විසිනුයි. මේ කිසිවක් අද වනතුරු ඉටු කර නැත. නව ව්‍යවස්ථාවක් එළි දැක නැත. එය වචනවලට සීමා වී ඇත.

ලෝකයා හමුවේ දුන් එවැනි ප්‍රකාශ එළිපිට උල්ලංඝනය වන විට එවැනි රටක රාජ්‍ය නායකයාගේ පොරොන්දු ලෝකයා විශ්වාස කරයිද? රටවැසියා විශ්වාස කරයිද? ආයෝජකයා විශ්වාස කරයිද? රට සමඟ ගනුදෙනු කරන ගනුදෙනුකරුවන් විශ්වාස කරයිද? අද අපි කණගාටුවෙන් හා ලජ්ජාවෙන් මේ ගැන කරුණු කියන්නේ රජය විසින් ලබා දුන් පොරොන්දු දැන් එළිපිටම කඩන නිසයි. මෙවැනි සිද්ධි නිසා ජනාධිපතිවරයාට පමණක් නොව ඔහු නියෝජනය කරන ශ්‍රී ලාංකික ජනතාවට ද විශාල අපකීර්තියක් ලැබෙන බව ජනාධිපතිවරයා තේරුම්ගත යුතුයි.

20 වැනි සංශෝධනය බල පවත්නාතාක් මෙරට මහජන නියෝජිතයින් මෙන්ම පුරවැසියන්ද ජීවත් වන්නේ ප්‍රජාතන්ත්‍ර මූලධර්ම අමු අමුවේම උල්ලංඝනය කෙරෙන ඒකාධිපති, කෲර, අසංවර පාලනයක් තුළ බව බහුතර මතයයි.

 



අදහස් (1)

ජනතාව රවටන්න එපා:පොරොන්දු ඉටු කරන්න

Bamunuarachchi Thursday, 16 June 2022 10:21 AM

ඔලුවේ කෙස් ටිකත් නැහැ එත් පොරොන්දු ඉටුකරන්නලු. හරියට ඒගොල්ලෝ පොරොන්දු ඉටු කලාවගේ. මොනවා ඉටු කරන්නත් කලින් රටට ඩොලර් හොයා ගන්න ඔනේ. එකට උදවු වෙනවා පුලුවන්නම්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 259 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 240 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site