IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජනතාව පාස්පෝට් කාර්යාලය වටලයි

(යොහාන් භාසුර)

බත්තරමුලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පස්වැනි මහලේ පිහිටි ආගමන විගමන පාලක ජනරාල්වරයාගේ කාර්යාලයට පිරිසක් කඩා පැනීම හේතුවෙන් කළහකාරී තත්වයක් අද (26) පස්වරුවේ ඇති වූ බව වාර්තා වේ.

දිනකට නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව සීමා කිරීමට ගෙන ඇති තීරණයක් සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ අද පෙරවරුවේ සිට නොසන්සුන් තත්වයක් පැවැති බවත් පොලිසිය මැදිහත්ව එම තත්වය පාලනය කළ බවත් එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.


පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාගේ කාර්යාලයට කඩාවැඳුණු පිරිස පොලිසිය මැදිහත්ව විසුරුවා හැරි බව කී එම නිලධාරීයා මේ වන විට එම කාර්යාලය තුළ කිසිඳු ගැටලුවක් නොමැති බව සඳහන් කළේය.  



අදහස් (7)

ජනතාව පාස්පෝට් කාර්යාලය වටලයි

Roshan Liyanage Friday, 26 July 2024 04:05 PM

මොකක්ද මේ වේලා තියෙන්නේ?

:       0       5

රසික Friday, 26 July 2024 04:13 PM

අලුත් විශාල ගොඩනැගිල්ලක කාර්‍යාලයක්, ඕනෑතරම් රාජ්‍ය සේවකයෝ, අති නවීන තාක්ෂණය... ඒත්... 2022 ඉඳන්ම මහා තඩි පෝලිම්... මේ 2024 ත් මැද... තවම බැරිවුණා ඉල්ලුමට හරියන්න පාස්පෝට් ටික දීගන්න...

:       1       49

Sriyal Friday, 26 July 2024 05:41 PM

මහජන සේවය සඳහා වූ සේවය නිසියාකාරව නොසපයන ආයතන...!

:       2       47

යෝගා Friday, 26 July 2024 06:06 PM

ඕක ඇතුලේ ඉන්න ජරාව කන්න පුරුදු වෙච්චි නිලධාරි සෙට් එකකුත් ඔය කලබලේ පිටිපස්සේ ඉන්නවා. හොයලා බලන්න..

:       3       44

රෝයි ෆෙඩ්රික්ස් Saturday, 27 July 2024 04:09 AM

ගමන් බලපත්‍රයක්වත් නිකුත් කරන්න බැරි මුන් තමයි අයෙත් ආණ්ඩු බලය ඉල්ලන්නේ .

:       4       18

ජගත් ලියනගේ Saturday, 27 July 2024 02:38 PM

හරිම අකාර්යක්ෂම කාර්යාලයක් තමයි විදේශ ගමන් බලපත්‍ර කාර්යාලය. දවසකට විදේශ ගමන් බලපත්‍ර 1000 ක් වත් දෙන්න පුළුවන් ක්‍රමයක් සොයා ගන්න බැරි ඇයි..?

:       0       0

don Saturday, 27 July 2024 03:19 PM

ඉතින් තොහොමද රටක් සංවර්ධනය කරන්නේ? ඉල්ලුම වැඩිනම් රජයේ ආයතනයක් විදිහට එම ඉල්ලුම සපුරන්න වැඩ කරනවා මිසක්, සැපයුම සීමා කරන්න තීරණය කරන්නේ කොහොමද? මේ වගේ නිලධාරින් එක්කද මේ රට දියුණු කරන්න හදන්නේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 592 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site