IMG-LOGO

ජනතාව පෝලිම්වල දුක් විදිද්දී ආණ්ඩුව ඉන්ධනවලින් ලාභ උපයනවා

(නිමල කොඩිතුවක්කු)

යහපාලන ආණ්ඩුව තිබුනේ  නම් අද ඉන්ධන මිල විය යුත්තේ ඩීසල් ලීටරය රු. 126 ක් සහ පෙට්‍රල් ලීටර රු. 130 ක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

වෙළෙඳපොලේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙන බවත් බොරතෙල් මිල ඩොලර් 98 දක්වා පහත බැස ඇතැයිද රණවක මහතා කීවේය.

ආණ්ඩුව ඉන්ධනවලට පනවා ඇති  සහගහන බදු හරහා ජනතාව පත් කර ඇති පීඩනය මින් අවබෝධ කර ගත හැකි බවත් කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

මහජනතාව පෝලිම් වල දුක් විදිද්දී  පෙට්‍රල්, ඩීසල් වලින් රුපියල් 120 ට අධික ප්‍රමාණයක මුදල් බදු වලටත් අමතරව ලාභ හැටියට රජය උපයා ගන්නා බවත් හෙතෙම කීවේය.

ආණ්ඩුවේ වැරදි මූල්‍ය කළමනාකරණය නිසා අද රටේ ජනතාව වන්දි ගෙවන්න සිද්ධ වී ඇති බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.



අදහස් (10)

ජනතාව පෝලිම්වල දුක් විදිද්දී ආණ්ඩුව ඉන්ධනවලින් ලාභ උපයනවා

SUNIL MILANO Wednesday, 16 March 2022 05:25 PM

ඇත්ත දැන දැනත් බොරු වපුරවනවා. ඇතුලේ ඉන්න ඕනෑ අය එළියේ ඉන්නේ... මේ අය කරපු විනාශ තමයි... මේ දැන් ජනතාව දුක් විඳින්නේ...

:       36       129

බයියාWednesday, 16 March 2022 06:14 PM

විරුවා ආවේ ආවේ රට හදන්නනේ... දැන් අවුරුදු 2ට හැදුවා නේද හොඳටම..?

:       47       34

වසන්න Wednesday, 16 March 2022 06:16 PM

අනේ යන්න බොරු කියන්නැතිව...

:       26       68

Prabha Wednesday, 16 March 2022 06:48 PM

ආණ්ඩුවේ වැරැදි ගොඩයි... ඒත් මේ මිනිස්සු බොරදියේ මාළු බාන්න හදනවා. තෙල් මිල 5% පමණ බැස තිබෙන එකයි ඇත්ත...

:       19       93

wicky Wednesday, 16 March 2022 07:05 PM

මහත්තයෝ මතක නැද්ද අර සුත්‍රය..? දැන් ඩොලර් එක වැඩිවෙලා, බොරතෙල් මිලත් වැඩි වෙලා. ඔයා ඔය ඩොලර් හොයන විදිය කියන්නකෝ... අන්න එතකොට අපි බලමු, ප්‍රායෝගික කතාවක්ද කියන්නේ කියන එක...

:       1       0

Rohana Wednesday, 16 March 2022 07:14 PM

ඉතිහාසයේ කිසිදිනක නැති විදියට මේ ආණ්ඩුව තෙල්, ගෑස්, කිරිපිටි හිඟයක් ඇතිතර ඒවා ගන්න ජනතාව පෝලිම් ගස්වා දඬුවම් කරන්නේ ඔබලාව ඡන්දයෙන් පත්කරගත් නිසාද? මේවාට හොඳ පිළිතුරක් දෙන්න ජනතාව සැදී පැහැදී සිටින බව මතක්කර සිටිමු...

:       40       21

කිරි පුතා Wednesday, 16 March 2022 07:26 PM

රටට පොඩ්ඩක්වත් ආදරය ඇති කෙනෙක් නෙවෙයි. හෙළ උරුමයේ සංකල්ප සම්පූර්ණයෙන්ම විනාශ කරලා බල තණ්හාවෙන් සහ වෛරී සිතුවිලි වලින් හිස පුරවාගෙන ජනතාවට බොරු කිය කියා ඡන්ද නෙලාගන්නවා... මෙයාලා වගේ අය දේශපාලනයෙන් ඉවත්කර දැමීම ජනතාවගේ වගකීමක්...

:       19       70

de silva Wednesday, 16 March 2022 07:39 PM

මේවා බොරු වෙන්නේ කොහොමද? යහපාලන කාලේ තිබුණු මිල සූත්‍රය සියලුදෙනාම දන්නවා... අද පවතින ලෝක වෙළෙඳපලේ බොරතෙල් මිල සියලු දෙනාම දන්නවා. මොහු කියන්නේ සත්‍යයක්...

:       63       20

de silva Wednesday, 16 March 2022 08:13 PM

ආණ්ඩුව තෙල් මත ගහන අසීමිත බද්ද ඉවත් කරනවා නම් තෙල් සංස්ථාව පාඩු ලබන්නේ නැහැ. අපි පෙට්‍රල් ගහන්න සල්ලි දීලා, විදුලි බල මණ්ඩලේට දෙන තෙල්වලට බදු ගැහුවේ නැතිනම් ඒකත් පාඩු ලබන්නේ නැහැ. දැන් සිදුවිය යුතු සියල්ල සිදුවී හමාරය. කරුණාකර ගෙදර යන්න.

:       80       15

Bunny Preena Friday, 18 March 2022 09:20 AM

එදාවේල ටුවර්ස් ඡන්ද දායකයින් ඉන්නකන් තට්ටු මාරු ක්‍රමයට මොවුන් රට පාලනය කරයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 236 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site