IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


ජනගහනය වගේ හය ගුණයක් ඕ.පී.ඩී වලින් ⁣ බේත් ගනී

(අංජුල මහික වීරරත්න)

සංඛ්‍යා ලේඛන වලට අනුව මෙරට ජනගහනය මෙන් හය ගුණයක් වසරකට රජයේ රෝහල් වල බාහිර රෝගී අංශවලින් ප්‍රතිකාර ලබා ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

එය පවතින ක්‍රමයේ දුර්වලකමක් බව කී අමාත්‍යවරයා  මහජන සෞඛ්‍ය සේවාවේ සිදුකරන ක්‍රමවේදය සත්කාර සේවාවන්ටත් අනුගත කරමින් “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” සංකල්පය හදුන්වා දුන් බව සඳහන් කළේය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අභිනවයෙන් ඉදිකරන ලද රත්නපුර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ගොඩනැගිල්ලේ ප්‍රථම අදියර ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් එම කාර්යාල පරීශ්‍ර ශ්‍රවණාගාරයේ පැවති උත්සව සභාව අමතමිනි.

මහල් හතරකින් සමන්විත මෙම ගොඩනැගිලි සංකීර්ණයේ පළමු අදියර යටතේ මහල් දෙකක් සම්පුර්ණයෙන් ඉදිකර ඇත. එම කොටසේ මාතෘ සංරක්ෂණ සෞඛ්‍ය සේවාවන් සිදුකරන අතර දෙවන අදියර යටතේ තෙවන සහ සිව්වන මහල් ඉදිකිරීමට නියමිතය. මෙහි සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ද  සැලසුම් කර ඇත.

මධ්‍යම රජයේ මූල්‍ය  ප්‍රතිපාදන මත  ඉදිකරන  මෙම ගොඩනැගිලි සංකීර්ණයේ පළමු අදියර  සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 125කි.



අදහස් (2)

ජනගහනය වගේ හය ගුණයක් ඕ.පී.ඩී වලින් ⁣ බේත් ගනී

Nalin Friday, 24 October 2025 04:04 PM

මේකත් නාමල්ගේ වැඩක් කියලා කියන්න බැරි නැහැ . එච්චරට අපතයෝ.

:       9       4

පුවක්දණ්ඩේ විමලේFriday, 24 October 2025 04:36 PM

එක ලඟින් යන වචන පාවිච්චි කරන්නෙ- නාමල්, අපතයෝ

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1268 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 463 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site