
(නිමල කොඩිතුවක්කු)
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර නිසි ක්‍රමවේදය සහ ව්‍යවස්ථානුකූලව ක්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කළේය.
ලැයිස්තුවේ සිටින සියලු දෙනා ගුණාත්මකභාවයෙන් ඉතා ඉහළ අය බවත් මේ සියලු දෙනාටම රට ගොඩගැනීමේ ලොකු වගකීමක් තිබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් කොළඹ දී අද (24) පැවසීය.
ලැයිස්තුවේ ඉතා පරිණත කොට්ඨාසයක් සිටින බවත් තමාගේ හිතේ ඇත්තේ කඩාවැටුණු ගරාවැටුණු රට සහ ලක්ෂ 220ක් ජනතාව ගොඩගැනීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් නවක මන්ත්‍රිවරුන්ගේ හැසිරීම් ගැන නිගමනයකට ආ හැක්කේ රටේ ජනතාවට බවත් පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සමගි ජන බලවේගය විශ්වාස කරන ප්‍රතිපත්ති මාලාවක් ඇති බවත් මෙම ප්‍රතිපත්ති, දර්ශනය හා වැඩපිළිවෙළ පිළිගන්නා විශ්වාස කරන ධනාත්මක අදහස් ඇති සියලු දෙනාට එකතු විය හැකි බවත් ඔහු සඳහන් කළේය.
සමගි ජන බලවේගය පක්ෂයකට හෝ ලාංඡනයකට සීමා වී නොමැති බවත් මේ ප්‍රතිපත්තිවලට එකඟ විය හැකි ඕනෑම අයෙකුට එකතු විය හැකි බවත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
640
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
යෝගා Sunday, 24 November 2024 05:05 PM
ඔයා නායකත්වයේ ඉන්නකම් මොළේ කලඳක්වත් තියෙන මිනිහෙක් ඔය අම්බලමට අලුතින් එකතු වෙන්නේ නෑ.
Kamal Koyrala Sunday, 24 November 2024 05:26 PM
මහජනතාව ප්‍රතික්ෂේප කරපු අයට එන්න තියෙන මග... දිගටම පරාජය වුණු එකේ හවුලේ අයට තැන දෙන්න තවම අවුල් කාටත් කළින් තමාම අත්සන් කරගෙන සමගියේ බලය පෙන්වන්න ලේකම්තුමා මණ්ඩලේට ගියා... කොහොමද ඒක...?
ගමේ එකාලා Sunday, 24 November 2024 07:28 PM
මහ මැතිවරණය ඉවරවෙලා දවස් 10ක් ගෙවිලා ගියා. තවම සුදුසු අය 4 ක් තෝර ගන්න බැරි වුණා. මහලේකම් නම් රින්ගුවා. අන්තෝ ජටා, බහි ජටා...?
විපරමා Sunday, 24 November 2024 11:50 PM
සැලුන් දොර ඇරලා තිබුණාට දැන් කවුරුවත් එන එකක් නැහැ.. දමිතා ඇවිත් වෙච්චි හරිය හොඳටම ඇති...
Shantha Monday, 25 November 2024 05:37 AM
වෙන අර්බුදයක් නෑ තෝරගන්න බැරි අර්බුදය තමයි
Ranjith Monday, 25 November 2024 06:25 AM
මොවුන්ගේ කාර්යක්ෂමතාව මේකෙන්ම පේනවා. 18 ක්ම පත්කරලා සුමනේකටත් පස්සේ 4 තෝරනවා. රට මේ තත්වෙයේ තියෙන්නේ මේ නිසා නෙමේද?
Perera Monday, 25 November 2024 07:49 AM
අර්බුධයක් නැහැ හැබැයි ගැටළුවක් එළිපිටම පෙනෙන්න තියනවා
Ruwan De Silva Monday, 25 November 2024 07:57 AM
ජාතික ලැයිස්තුවක් හරියට නම් කරන්න බැරි, පක්ෂයේ සමගියක් ඇති කරන්න බැරි, නායකයෙක් ජනපති වුනා නම් රට කොයිබටද? සමහර විට සෝමාලියාව, හයිටිය වගේ වෙයි නේද?
තර්ස්ත මාෂල් Monday, 25 November 2024 08:05 AM
එකම අඩුපාඩුව සුදුසු විපක්ෂ නායක කෙනෙක් තෝරාගන්න බැරිවීම .
Sumanadasa Monday, 25 November 2024 05:22 PM
ජාතික ලැයිස්තුවේ ගැටලුවක් නැතත් බල තන්හාව නිසා මොළයක් නැතිවුණා නේද පොඩ්ඩක් හිතන්න හැකිවෙයිද මන්දා... එජාප නායකයා කිව්වා හිටපු තනතුරු දෙන්නම් එන්න කියලා. වත්මන් නියෝජ්‍ය නායක කිව්වා එන්න කියලා. ඒත් හැමදාම පරදින තිස්ස හා මිට්ටෙක් පස්සෙන් ගිහිල්ලා කෙලවාගෙන දැන් පම්පෝරි ගහනවා එහෙම පක්ෂය කඩාගෙන නොගියා නම් අද වෙනකොට වාහන දහයක් දොළහක් පිරිවරාගෙන අගමැති හැටියට රට වටේ යන්න තිබුණා නේද? බුදුහාමුදුරුවෝ වැඩසිටි කාලයේ එක්තරා හිමිනමක් නිතරම කුසගින්නේ හිටියා කියලා අහලා තියෙනවා. උන්වහන්සේට අතට ගත් ආහාරවේල කටට ගන්න පිනක් නොතිබුණා වගේ ඔබටත් පිනක් නැහැ කියලා හිතෙනවා මෙවරත් බස් බෙදන කෙනා ජනාධිපති වෙනවා කියපු සුමානේ මාමා මෙවරත් පැරදුණා.