IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජාතික රෝහලේ රෝගීන්ට රෑ කෑම මධ්‍යම රාත්‍රියේ

(විමුක්ති එස් රුද්‍රිගු)

කොළඹ ජාතික රෝහලේ ඊයේ (11) රාත්‍රී ආහාරවේල ලබා දී ඇත්තේ පස්වරු 11.30ට බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

එයට හේතු වී ඇත්තේ එදින දහවල් කාලයේදී කාර්යාල සේවකයන් සේවයෙන් ඉවත් වී සිටීම නිසා රාත්‍රී ආහාරය පිළියෙළ කිරීමට අවශ්‍ය වියළි සලාක බාර ගැනීමට වගකිවයුත්තෙක් නොසිටීම බව රෝහල් ආරංචි මාර්ග පැවැසුවේය. තත්වය කළමනාකරණය කර ගැනීමට හැකියාව තිබුණත් බලධාරීන් නිසියාකාරව කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වූ බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

රෝහල් බලධාරීන් කෑම පාර්සල් 2500 ක ඇණවුමක් ආපන ශාලාවකට ලබා දී තිබුණත් එම ආපනශාලාවට කෑම පාර්සල් 2500 ක් පිළියෙළ කිරීමේ හැකියාවක් නොතිබූ බවද රෝහල් ආරංචි මාර්ග පැවැසුවේය.මෙම ඇණවුම ආපනශාලා කීපයකට ලබා දී තිබුණේ නම් මෙම තත්ත්වය උද්ගත නොවන බවද ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.



අදහස් (5)

ජාතික රෝහලේ රෝගීන්ට රෑ කෑම මධ්‍යම රාත්‍රියේ

Rata Perata Friday, 12 January 2024 06:20 PM

ඒකට මොකද, අපේ රටේ ආර්ථික ඝාතකයෝ නැව් වල ඉඳන් කන්නේ දැන්...!

:       0       1

දෙයියො දනී මම නොදනී Friday, 12 January 2024 07:03 PM

ඒකේ කිසිම වරදක් නැහැ... මොකද මෙවර සිංහල අලුත් අවුරුදු සඳහා ආහාර අනුභව කරන්න නැකැත් පතේ තියෙන්නේ 2024.04.13 දින මධ්‍යම රාත්‍රියේ (එනම් 14 දින අලුයම )12.06ට තමයි. ඉතින් ඒකට පුහුණුවක් ගන්නත් එක්කම ඔහොම කමු...!

:       0       2

පාඨකයෙක් Saturday, 13 January 2024 09:47 AM

කෙසේ වෙතත්, රෝගීන්ට ආපන ශාලාවල සැකසූ ආහාර අනුභව කිරීමට දීම කෙතරම් සුදුසුද? විශේෂයෙන්ම දියවැඩියාව, අධික රුධිර පීඩනය, අධික මේදය වැනි රෝග තිබෙන අයට සුදු බත්, තෙල් යෙදූ ආහාර ආදී ආපනශාලා ආහාර ලබාදීම අනාරක්ෂිත නොවේද? එමෙන්ම එම ආහාරවල පිරිසිදු භාවය කෙතරම් විශ්වාසනීයද?

:       0       6

සත්‍යපාල Saturday, 13 January 2024 09:52 AM

සාමාන්‍යයෙන් නිශාචර සතුන් හැර අනෙක් කිසිම සත්වයෙක් ඔය මධ්‍යම රාත්‍රියේ ආහාර ගන්නේ නැහැ.. බොරුවක් නම් සමීක්ෂණයක් කර බලන්න...

:       1       4

රොබෝනිස් Saturday, 13 January 2024 08:04 PM

කරන්නන් වාලේ කරනවා මිස මොළයක් ඇතිව කරන වැඩ නොවෙයි... ඇත්තටම ආහාර පාර්සල් 2500 ක් හදනවා කියන්නේ ලේසි පහසු වැඩක් නොවෙයි..., බලන්න බිලේ 2500 ක් ඇති ගෙවීම කරන්න වවුචර සකසා ඇති ඇත්තටම ඇණවුමක් බාරදෙන්න හැකියාව ඇති තැනක් සොයන්න ඕනෑ. කොහොමත් රෝහල් සැපයීම ගැන දන්නෝ දනිති...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site