IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ජාතික රෝහල ඉදිරිපිට නිහඩ විරෝධතාවයක්

(ශාන්ත රත්නායක)

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත හකුලා ගන්නැයි රජයට බලකරමින් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංවිධානය කරන ලද නිහඩ විරෝධතාවයක් අද (21 ) කොළඹ ජාතික රෝහල ඉදිරිපිට  පැවැත්විණි.

එහිදී අධ්‍යාපන මිල්ටරිකරණය කිරීමටත් මුදලට උපාධි අලෙවි කිරීමටත් ඉඩ නොදන බවත්  අධ්‍යාපන මුදල් මත නොව  කුසලතාවය මත පදනම් විය යුතුය බවත් අධ්‍යාපනය හමුදාකරණයට යටත් නොකරන ලෙස වෛද්‍යවරු රජයට බල කරමින් විරෝධය පැවැත්විය  



අදහස් (8)

ජාතික රෝහල ඉදිරිපිට නිහඩ විරෝධතාවයක්

මුණසිංහ Wednesday, 21 July 2021 03:15 PM

ඔය කියන සංගමයේ සියළු සාමාජිකයින් රැස්වූ දුර්ලභ අවස්ථාවක්...

:       117       572

Kpka Wednesday, 21 July 2021 04:17 PM

එතකොට රජයේ වෛද්‍ය නිලධාරීන් කොතලාවල පනතට පක්ෂයිද?

:       0       28

SarasiThursday, 22 July 2021 12:14 AM

ඔව් ප්‍රමිතිය පිලිබද ප්‍රශ්නයක් නැති නිසා ,ගැටලුවක් නෑ නේද .

:       0       0

SL Wednesday, 21 July 2021 09:37 PM

අපේ රට හදන්න යනවා කියන්නේ ජවිපෙට රජ මගුල්.කොතලාවල පනතේ වැරදි තියෙනවා නම් ඒවා හදාගන්න එක වෙනම දෙයක්. කුහක වෙලා සයිටම වහගත්ත. රටේ දරුවෝ ලක්ෂ ගානක් පිට රට යනවා ඉගෙන ගන්න.ඒවාට එකෙක් කතා කරන්නේ නැහැ. ලෝකේ ඔනෙම රටක ගත්තොත් පුද්ගලික විශ්ව විද්‍යාල රටේ ආර්ථිකයට ලොකු දායකත්වයක් දෙනවා. UGC එක හරහා පුද්ගලික විශ්වවිද්‍යාල රටේ ඇතිකිරීම රාජ්‍යයේ වගකීමක්. කොතලාවල පනතේ ඇති සාධනීය දේවල් සියල්ල අරගෙන , UNP ,සජබ, SLPP එකතු වෙලා මේ කඩයිම අනිවාර්යෙන් ජයගත යුතුමයි. ජවිපෙ රටේ අනාගතය හැමදාමත් විනාශ කළා. උන් කියන විදියට රට කරන්න ගියොත් රටේ ප්‍රශ්න විතරයි ඉතිරි වෙන්නේ. 1. බදු ගන්න බෑ - රාජ්‍ය සේවය නොමිලේ කලයුතුයි. 2. හාල් මිල අඩු කලයුතුයි - වී මිල වැඩි කලයුතුයි 3. ඩොලරය පහල ආයුතුයි - තෙල් මිල අඩු කලයුතුයි . 4.රජයේ සේවක පඩි වැඩි කල යුතුයි - බදු අඩු කලයුතුයි . 5.නිදහස් අධ්‍යාපනය රැකිය යුතුයි. -එයින් බිහිවන අයට රජයේම රැකියා දියයුතුයි . 6.විශ්ව විද්‍යාල සම්පුර්නයෙන්ම රජයේ වියයුතුයි - පුද්ගලික් විශ්ව විද්‍යාල තහනම් කලයුතුයි.

:       0       0

Gurami Thursday, 22 July 2021 01:21 AM

යන්තම් රතු අලි දහදෙනෙක් අල්ලාගෙන පාරට දාලා

:       0       0

කිරි පුතා Thursday, 22 July 2021 05:45 AM

කොතලාවල විද්‍යාල රට පුරා විවෘත විය යුතුයි. එයයි අධ්‍යාපනය ට ඇති නදහස. බඩගෝස්තරවාදීීන් හැමදාම විරුද්ධයි. ඒ ඔවුන්ගේ කුහක ආත්මාර්ථකාමී ආකල්පය

:       0       0

Bamunuarachchi Thursday, 22 July 2021 09:41 AM

නො කතා නො සිනා පනත 2/3 සම්මත වෙනවා.රටට අවශ්‍ය පනතක්.

:       1       125

jayasekara Thursday, 22 July 2021 09:45 AM

දැන්නම් ලංකාවටම හරියන්නේ හමුදා පාලනයක් තමයි

:       0       110

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 408 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 118 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 798 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site