(යොහාන් භාසුර)
විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ නිර්දේශ මත පත්කළ කමිටුවක් ලංකා විදුලිබල මණ්ඩල පනත අහෝසි කර එහි සම්පත් සමාගම් පනත යටතේ ස්ථාපිත සමාගම් 14 කට පැවරීමට යෝජනාවලියක් සහ පනත් කෙටුම්පතක් සකස් කර ඇති බවත් අදාල යෝජනාවලිය ක්‍රියාත්මක වුහොත් ජාතික බලශක්ති සුරක්ෂිතතාවය සමාගම්වල පාලනයට නතුවන බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අද (2) පැවසීය.
යෝජිත විදුලිබල ප්‍රතිව්‍යුහගත කිරීමේ පනතින් විදුලිබල කර්මාන්තයේ වත්මන් නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ද අහෝසි කිරීමට ප්‍රතිපාදන සළසා ඇති බව ද ජනක රත්නායක මහතා අනාවරණ කළේය.
අදාල කෙටුම්පතෙහි යෝජනා ක්‍රියාත්මක කළහොත් මහවැලි බලාගාර, ලක්ෂපාන බලාගාර, උමාඔය ඇතුළු අනෙකුත් සියළුම ජල විදුලි බලාගාර සහ නොරොච්චෝලේ ඇතුළු සියළු තාපබලාගාර වෙන් වෙන් සමාගම්වලට පැවරෙන බව කී රත්නායක මහතා ඊට අමතරව ජලවිදුලි බලාගාර අයත් සමාගම්වල ප්‍රමුඛතාවය අනුව බලාගාරවලට ජලය සපයන ගංගා සහ ජලාශවල ජල කළමණාකරනය කළ යුතු බවට ප්‍රතිපාදන ද මෙම කෙටුම්පතට ඇතුළත් කිරීමෙන් ජනතාවගේ කෘෂි හා පානීය ජල අවශ්‍යතා සම්බන්ධ අයිතිවාසිකම්වලට ද අභියෝගයක් එල්ලවනු ඇති බව ද සදඟන් කළේය.
එය ශ්‍රී ලංකා විදුලිබල කර්මාන්ත ප්‍රතිව්‍යුහගත කීරීමේ පනත ලෙස නම් කර ඇති බවත් එම කමිටුවට පැවරූ කාර්යය වෙනුවට අදාල නොවන කාර්යයන් කර ඇති බවත් ඒ මහතා කීය.
2002 අංක 38 දරන ශ්‍රී ලංකා විදුලිබල ප්‍රතිව්‍යුහගත කිරීමේ පනතේ සදහන් ලංකා විදුලිබල මණ්ඩලයේ ආයතනික ව්‍යුහය පිළිබද අධ්‍යයනය කර ඒ ආයතනික ව්‍යුහය ක්‍රියාවට නැගීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට අදාල කමිටුවට බලය පවරා ඇති බවත් එහි ආයනික ව්‍යුහය ලෙස ජනනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීමේ කටයුතු කාර්යක්ෂම කිරීමේ ආයතනික ව්‍යුහ සඳහන් කර ඇති බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් කීය.
කොල්ලුපිටියේ පිහිටි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම් කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එහි සභාපති ජනක රත්නායක මහතා අද (2) එසේ පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජාතික බලශක්ති සුරක්ෂිතතාව අවධානමක