IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජාතික ධජය මැතිවරණ කටයුතුවලට ගන්න එපා

(ප්‍රසාද් රුක්මල් ) 

ජාතික ධජය මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා යොදා ගත්තොත් නීතිය ක්‍රියාත්මක කරන බවත් , මෙහෙම ගියොත් තව ටික දිනකින් ජාතික ගීය පක්ෂයේ ගීතය බවට පත්වේවි යැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන්  ශ්‍රී  රත්නායක මහතා කොළඹ දි පැවසීය .

මෙවර ජනාධිපතිවරණය නිමිත්තෙන් ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරිමේ වැඩසටහනකට සහභාගි වෙමින් හෙතෙම එසේ කීය . කොළඹ දී පැවති මෙම වැඩමුළුව පැපරල් සංවිධානයේ අනුග්‍රහය මත සංවිධානය කර තිබිණ .

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙසේද පැවසීය .

අපි දේශපාලනඥයින් දිහා බලනවා.ඒ අය නැතිනම් මැතිවරණයක් නෑ..ජාතික කොඩියේ අභිමානය අද බල්ලට ගිහින් තිබෙනවා . ඒක නිසා ජාතික කොඩිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා මැතිවරණ ව්‍යාපාරය සදහා  යොදා ගන්න එපා .

දැන් ක්‍රිකට් තරගාවලදී ජාතික ධජය ඇගවටා ඔතා ගෙන එක අතකින් මත්පැන් බෝතලයක් අල්ලාගෙන නටනවා .දේශපාලන දර්ශනයක් නැති නිසා මෙවැනි ගැටලු එනවා.

රටේ සංවර්ධන කටයුතු කරගෙන යන්න අපි එපා කියන්නෙ නෑ.පාර හදලා විවෘත කරන එක ගැටලුවක් නොවේ.නමුත් එම අඅවස්ථාවට දේශපාලනඥයින් එන්න ඕනි නෑ.දේශපාලනඥයින් ගේ මැදිහත් වීමක් නැතිව ජනතාවට එම කටයුතු සිදු කරගෙන යන්න පුලුවන් .

 

 

 



අදහස් (1)

ජාතික ධජය මැතිවරණ කටයුතුවලට ගන්න එපා

සෙනෙවිරත්න Sunday, 18 August 2024 02:03 PM

ඉතාම යහපතක් තීරණයක්. එන් පී පිය හැර හැමෝම ජාතික කොඩිය වැනුව.උන් තමයි ජාතිය ආගම නැතිකරන්නෙ කොඩිය වැනුවම හරි කියල හිතනව ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site