
(අංජුල මහික වීරරත්න)
වසර ගණනක් තිස්සේ මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රවේ අඩුපාඩුවක්ව පැවැති ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය මේ වනවිට අවසන් කෙටුම්පත සකස් කර අවසන් කර ඇති බව එම ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා පත් කළ විද්වත් කමිටුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.
සෑම අංශයක්ම නියෝජනය වන පරිදි විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් මේ සඳහා පත් කෙරුණු අතර ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ, මහාචාර්ය උදිත් ජයසිංහ, මහාචාර්ය පාලිත වීරක්කොඩි, මහාචාර්ය එම් බී. රත්නතිලක, ආචාර්ය බී.වී.ආර් පුණ්‍යවර්ධන, ආචාර්ය ඩී. ඇස් . කුරුප්පුආරච්චි, හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ආචාර්ය අජන්ත ද සිල්වා හා හා ආචාර්ය ඩබ්. එම්. එම් වීරකෝන් යන මහත්වරු මෙම කමිටුවට අයත් වූහ.
සෑම අංශයක්ම නියෝජනය වන පරිදි කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා අදහස් හා යෝජනා ලබා ගත් බව ද විද්වත් කමිටුව කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
68
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
935
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට
පුංචිරාල Wednesday, 28 December 2022 12:55 PM
යෝජනා 1) වාර්ෂික වී අස්වැන්නෙන් 25% රජය මගින් හෝ රාජ්‍ය බැංකු ණය ඇපමත පුද්ගලික අංශමගින් හෝ රැස්කර මධ්‍යම හා සුළුපරිමාණ මෝල් වෙත ලබාදෙන්න. යෝජනා 2) කෘෂිකර්මයට අදාල රජයේ සේවකයින් 80%ක් ඉවත්කර, එම පුනරාවර්තන වියදම් ගොවියන්ගේ කෘෂි උපකරණ සහ විශ්‍රාම වැටුප්වලට යොදන්න. යෝජනා 3) කෘෂි සහනාධාර මුදල් ලෙස ගොවියන්ට ලබාදෙන්න. යෝජනා 4) 50%ක් පොහොර රජය මගින් ගෙන්වා පුද්ගලික වෙළඳුන්ට බෙදාහරින්න. යෝජනා 5) කෘෂි රසායන ප්‍රමිතිය පරීක්ෂා කිරීමට උසස් තාක්ෂණික විද්‍යාගාරයක් පේරාදෙණිය වි.වි අනුබද්ධව පිහිටුවන්න. යෝජනා 6) කෘෂි විද්‍යාව සහ කෘෂි සාහිත්‍ය වෙනම විෂයන් දෙකක් ලෙස මාධ්‍යගත කරන්න.
ravin Wednesday, 28 December 2022 05:46 PM
වැඩේ හරියට කෙරුණොත් හොඳයි. හැබැයි ආණ්ඩු මාරු වෙනකොට ගසාකන්න විදි හොයන්න, ප්‍රතිපත්ති මාරු වෙනවා නම් ඒකටත් අබ සරණයි...