
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය සඳහා තාවකාලික උපදේශක පුහුණුකරු ලෙස හිටපු දකුණු අප්‍රිකානු පිතිකරු නීල් මැකෙන්සි මහතා පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.
ඒ අනුව මැකෙන්සි මහතා මේ මස 13 වැනිදා සිට 21 වැනිදා දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කරන බව ද ක්‍රිකට් ආයතනයේ සඳහන් කළේය.
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රී දකුණු අප්‍රිකාව බලාපිටත්ව ගිය බවත් එම කණ්ඩායම නීල් මැකෙන්සි මහතා සමඟ පුහුණු කඳවුරකට සහභාගි වීමට නියමිත බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට දකුණු අප්‍රිකානු පිලේ අභියෝගයට හැඩගැසීමට සහ දකුණු අප්‍රිකානු පරිසර තත්වයන් පිළිබඳව වැදගත් මෙන්ම ගැඹුරු දැනුවත් කිරීමක් මැකෙන්සි මහතා කරනු ඇති බව ද ඈෂ්ලි ද සිල්වා මහතා වැඩි දුරටත් කීය.
ලෝක ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග දෙකක් මෙම මස 27 වැනිදා සිට දෙසැම්බර් 9 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේදී පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 18
675
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික ක්‍රිකට් පිලේ උපදේශක පුහුණුකරු නීල් මැකෙන්සි