IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ජාතික ආණ්ඩු යෝජනාව අවශ්‍ය වෙලාවට ඉදිරිපත් කරනවා

(චමිල් රූපසිංහ)

ජාතික ආණ්ඩු  යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති බවත් අවශ්‍ය වේලාවට එය ඉදිරිපත් කරන බවත් රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
 
අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ අද (17) කොටලිගොඩ තිස්මඩ හරහා මැණික්දිවෙල මාර්ගය හා රත්තේපිටිය දෙල්දෙණිය හරහා උඩ රත්මිවල  යන මාර්ග කාපට් අතුරා සංවර්ධනය කර ජනතා අයිතියට පත් කිරිම සදහා කැටපිටිය පුරාණ විහාරයේ පැවැති උත්සවයේදි සභාව අමතමිනි.
 
එහිදි අමාත්‍යවරයා මෙසේද පැවැසිය.

ජාතික ආණ්ඩු යෝජනාව  සම්බන්දව අද දිනද අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළ  බවත් ඒ සම්බන්ධව  උපදෙස් ඉදිරි දින 2 ක තුළ තමාට ලබා දෙන බවද අමාත්‍යවරයා කි අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ෆයිසල් මුස්තාපා අමාත්‍යවරයාට අලුත් ක්‍රමයට මැතිවරණය පැවැත්විම සදහා  පනත සම්මත කර ගන්න බැරි වු බවත්   එතුමා ගෙනා  පනතට විරුද්දව එතුමාම ඡන්දය දුන් බවද අමාත්‍යවරයා කිය.
එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා.

දැන් සමහරුන් කියනව පළාත් සභා ඡන්දය කල් දාන්නෙ අපි කියල ඒක වැරදියි අපි නෙමේ පළාත් සභා ඡන්දය කල් දාන්නෙ මම මේ කතාව සති දෙකකට කලින් ප්‍රකාස කලද මාධ්‍යවලින් මේ සම්බන්දව පල කරන්නෙ නැ.කරුණාකරල මේ කතාව දාන්න.මාධ්‍යවල අපේ උත්තරේ දාන්නෙ නැ නමුත් විපක්ෂන් පළාත් සභා ඡන්දය පවත්වන්නෙ නැ කියන එක පමනක් මාධ්‍ය වල ලොකුවට පළ කරනවා. 

අපි හැමදාම කිව්ව අනුපාත ක්‍රමයට ඡන්දය තියන්න ඕන කියල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සංධානය කිවුවෙ අලුත් ක්‍රමයට ඡන්දය තියන්න ඕන කියල,පළාත් සභාව සම්බන්දව ඇමැති කම දුන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ෆයිසල් මුස්තාපා අමාත්‍යවරයට එතුමාට අලුත් ක්‍රමයට මැතිවරණය තියන පනත සම්මත කර ගන්න බැරි වුණා.  එතුමා එය අනා ගත්ත. එයා ගෙනාපු පනතට විරුද්දව එතුමාම ඡන්දය දුන්න අලුත් ක්‍රමයට ජන්දය තියෙන පළාත් සභා පනත සම්මත වෙලා තියෙන්නෙ බාගයයි සීමා නිර්නය තවම සම්මත වෙලා නැ ඒකයි පළාත් සභා ඡන්දය ප්‍රමාද , සීමා නර්ණය සම්මත කරන්න 3/2 ඡන්දයක් අවශ්‍ය බව කි අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂය හැමවෙලාවෙම කිවුවෙ අපි කිවුව විදිහට අනුපාත ක්‍රමයට මැතිවරණය පැවැතිවිය යුතු බව කිවුවත් ඒ විදිහට කලානම් මේ වන විට පළාත් සභා ඡන්දය පවත්වා අවසන් බවත් කෙසේ වෙතත් ඉතා ඉක්මනට පළාත් සභා මැතිවරණය පවත්වන බවද ලක්ස්මන් කිරිඇල්ල මහතා එහිදි සදහන් කළේය.

 



අදහස් (0)

ජාතික ආණ්ඩු යෝජනාව අවශ්‍ය වෙලාවට ඉදිරිපත් කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16885 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site