(මුදිතා දයානන්ද)
වත්මන් ජනාධිපති ඉල්ලා අස්වන්නේ නම් රටේ වගකීම බාරගන්න අපි සුදානම් යැයි ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක මහතා පවසයි.
වත්මන් ජනාධිපති යටතේ සර්වජන හෝ අන්තර්කාලීන හෝ කුමන ආකාරයේ පාලනයක් ඇති කරන්නට උත්සාහ කළද එය ජනතාව පිළිනොගන්නා තත්වයක් මතුව තිබෙනවා. ඒ නිසා පළමුව ජනතාව ප‍්‍රතික්ෂේප කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉවත් විය යුතු බව එම යෝජනාවලියෙහි පළමු පියවර ලෙස ඉදිරිපත් කරමින් අනුර කුමාර දිසානායක මහතා කියයි.
එසේ ජනාධිපති ඉවත් වු පසු දැනට අගමැතිවරයකු නොමැති තත්වයක් තුළ ව්‍යවස්ථාවේ පවතින ප‍්‍රතිපාදන අනුව කථානායකවරයා තාවකාලික වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කළ යුතු බවද එහි දෙවන යෝජනාව ලෙස ඉදිරිපත් කර ඇත.
මාස හයක් තුළ ජනාධිපතිවරණයක් පැවැත්විමෙන් නව පාලනයකට ඉඩදිය යුතු බවද ඒ අතරතුර කාලයේ වත්මන පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ සහය දෙන්නේ නම් පමණක් තම පක්ෂය රටේ වගකිම භාරගන්නාවා. එසේ නොවන්නේ නම් සෙසු පක්ෂවලට අන්තර්කාලින පාලනයක් පිහිටුවා ගන්නට ඉඩ දි විපක්ෂයේ සිට රට ගොඩනැගිමට අවශ්‍ය සහය ලබාදෙන බවද අනුර දිසානායක මහතා සිය වැඩපිළිවෙල ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
මැතිවරණය පවත්වන කාලය දක්වා තාවකාලික ජාතික ජනබලවේගයේ ප‍්‍රධානත්වයෙන් තාවකාලික පාලනයක් ඇති කරන්න සූදානම් එසේ නොවන්නේ නම් වත්මන් පාර්ලිමේන්තුව තුළ අන්තර්කාලීන පාලනයක් ඇති කරන්න පුලූවන් අපි විපක්ෂයේ සිට අවශ්‍ය සහය ලබාදෙන්න සූදානම්
ඉහත කුමන ආකාරයෙන් පත්වන අන්තර්කාලීන ආණ්ඩුව විසිඑක්වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් වත්මන් ජනාධිපතිගේ හා අනාගතයේ බිහිවන ජනාධිපතිවරුන්ගේ බලතල සිමා කරන යෝජනා මූලික අවශ්‍යතා සපුරන වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කළ යුතුයි.
ජනමත විචාරණයත් මැතිවරණයත් දෙකම එකවර පැවැත්විය යුතුයි මාස හය කාලය තුළ එළියේ සිටින අරගලකරුවන්ද නියෝජිතයන් වෘත්තියවේදින් සිවිල් සංවිධාන වලින් යුත් අධීක්ෂන මණ්ඩලයක් පත් කළ යුතුයි.
රටේ වත්මන් අර්බුදය විසඳිම සඳහා ජාතික ජනබලවේගයේ විසඳුම් යෝජනාවලිය ඉදිරිපත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
එම යෝජනාවලිය ඉදිරිපත් කරනු ලැබුවේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජාජබ අර්බුදයට විසඳුම් ඉදිරිපත් කරයි
සාන්ත Wednesday, 11 May 2022 02:22 PM
කලින් කව්රුත් බෑ කිව්වා. දැන් ඒකටත් ඡන්දයක් තියන්න වෙයි වගේ..
ලොක්කා Wednesday, 11 May 2022 02:48 PM
මේ වගේ වෙලාවක ජනාධිපතිකම ගත්තොත් තමයි ඉතින්... ඡන්දෙකින් එන්න බෑනේ කවදාවත්...
kasun Wednesday, 11 May 2022 03:14 PM
බළලා පැන්නා මල්ලෙන් එළියට.. 88/89 වගේ ගිනිතිබ්බේ ඔන්න ඕක ඕනෑ නිසා. අපි නොදන්න ජවිපය..