
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියකට දණගස්වා පහර දුන්නැයි උරණ වී එම පුද්ගලයා ට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි මාළිගාවත්ත පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කොළඹ 10 මාලිගාවත්ත බෝධිරාජා මාවත පදිංචිව සිටි එම් එන් ඒ රහුමාන් (26) නැමැති පුද්ගලයෙකි.
මරණකරු සහ සැකකරුවන් මිතුරන් වන අතර ඉකුත් 28 වෙනිදින සැකකරුවන් දෙදෙනා මරණකරුගේ නිවසේ උඩුමහලට පැමිණ තිදෙනාම එක්ව මත්ද්‍රව්‍ය පානය කර ඇතැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේදී එක් පුද්ගලයෙකු නිවසේ තිබූ ජංගම දුරකථනයක් සොරාගෙන ඇති බව පොලිසිය කියයි
ඊයේ (1) අලුයම කඩුවක් සහ මන්නයක් රැගෙන ත්‍රී රෝද රථයකින් පැමිණ තිබූ සැකකරුවන් දෙදෙනා නිවසේ දොර කඩාගෙන ඇතුළු වී ඇඳේ නිදා සිටි පුද්ගලයාට බිරිඳ බලා සිටියදීම පාදයකට කඩු පහරක් එල්ල කර අනතුරුව පපුවට පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකර පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජංගම දුරකතන සොරකම් සිද්ධියකට පිහියකින් ඇනලා
නින්දිත එස් ගමගේ Tuesday, 02 July 2024 02:29 PM
පාප මිතුරන්ගේ ඇසුරේ ප්‍රතිඵලයක්..