
(ටී.කේ.ජී.කපිල )
මේ වනවිට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඈත මුහුදු සීමාවේ දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 200 කට අධික ප්‍රමාණයක් සමග අත් අඩංගුවට ගෙන ගාල්ල වරාය වෙත රැගෙන එමින් සිටින " ජාකොබ් පුතා" බහු දින ධීවර යාත්‍රාවේ හිමිකරු , මෙම පුවත සැළවීමත් සමග මාළදිවයින වෙත පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , අවසාන ආරක්ෂක කවුළුව ද පසු කර යාමට සූදානම් ව සිටියදී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු මීගමුව , පළගතුරය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
මොහු ඊයේ (25 ) රාත්‍රී 08.35 ට කටුනායක ගුවන් තොටුපොළෙන් මාළදිවයින බලා පිටත්ව යාමට සූදානම් වී තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 653 දරන යානයට පිවිසීම සදහා ගුවන් තොටුපොළ වෙත පැමිණ සියලුම ගුවන් සේවා නිශ්කාශන කටයුතු නිමා කර ගුවන් යානයට පිවිසෙන අවසාන ආරක්ෂක කවුළුව වෙත පැමිණ තිබුණි .
මෙසේ අත් අඩංගුවට ගත් මෙම ව්‍යාපාරිකයා මේ වනවිට මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සදහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ මූලස්ථානය වෙත රැගෙන ගොස් තිබේ .
2025 දෙසැම්බර් මස 18
541
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
272
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’ ජාකොබ් පුතා‘ හිමිකරු රටින් පනින්න යද්දී මාට්ටු
ලුම්බිණි Wednesday, 26 June 2024 10:54 AM
අඳුරන දේශපාලකයෝ, පොලිසියේ ලොක්කෝ නැතෙයි?