
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන දින ගංවතුර සුළි සුළං හෝ වෙනත් හදිසි ආපදා ඇති වූ හොත් ඒවාට මුහුණදෙමින් මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ඔරු අගුල් බැකෝ යන්ත්‍ර යනාදි දෑ සූදානම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියළුම තේරීම් භාර නිලධාරීන්ට උපදෙස් දී ඇත.
එසේම ඡන්ද විමසීම පැවැත්වෙන දින හදිසියේ ආපදාවන් ඇති වුවහොත් ඊට මුහුණ දීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස නාවික හමුදාවට සහ ගුවන් හමුදාවටද දැනුම් දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
බොරු අගුල් යනාදිය සූදානම් කරන ලෙස කොමිසම දැනුම් දී ඇත්තේ නිතර ගංවතුර ඇතිවන ප්‍රදේශවල තේරීම් බාර නිලධාරීන්ටය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ නුවරඑළිය තේරීම් භාර නිලධාරී නන්දන ගලබඩ මහතා පැවසුවේ කොමිසමේ උපදෙස් අනුව හදිසි අපදාවන්ට මුහුණදීම සඳහා සියලු කටයුතු සූදානම් කරගෙන යන බවයි.
වර්ෂාව සමඟ නාය යෑම් සහ ගස් කඩා වැටීම් නුවරඑළිය දිස්ත්‍රික්කයේ බොහෝ විට දක්නට ලැබෙන තත්ත්වයක් බවත් එවැනි තත්ත්වයන් ඇති වුවහොත් ගසතු සහ කඩා වැටෙන පස් කඳු ඉවත් කිරීම සඳහා බැකෝ යන්ත්‍ර සූදානම් කරන බවත් ඔහු සඳහන් කළේය.
හදිසියේ ආපදාවන්ට මුහුණ දීම සඳහා සූදානම් වන ලෙස කොමිසම දිස්ත්‍රික් ආපදා කමිටුවලටද දැනටමත් උපදෙස්දී ඇත.
2025 දෙසැම්බර් මස 18
661
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්දෙ දා හදිසි ආපදාවලට සූදානමින් ඉන්න
විකුම් Thursday, 12 September 2024 02:06 PM
චන්දේ දිනේ කොහොම වෙතත් ප්‍රතිඵල එහෙම එන්න ගන්න කොට නම් ඕනේ වෙයි.