IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඡන්ද දෙකටම අපි සූදානම්

(සුජිත් හේවාජුලිගේ)

යම් හෙයකින් පාර්ලිමේන්තුව විසිරුවා හැරියොත් පාර්ලිමේන්තු මහ මැතිවරණයත් ජනාධිපතිවරණයත් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් බව එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.

සුදුසු දින දෙකක් යොදාගෙන එම මැතිවරණ පැවැත්විය හැකි බවද ඔහු සඳහන් කළේය.

මේ අතර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇතත් ජනාධිපතිවරණයේ කටයුතුවලට ඉන් බාධාවක් ඇති නොවන බවද රත්නායක මහතා පැවසීය.

ඉදිරියේදී පත්කිරීමට නියමිත වැඩබලන පොලිස්පතිවරයා සමග එම කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.

 



අදහස් (2)

ඡන්ද දෙකටම අපි සූදානම්

විජිත් Thursday, 25 July 2024 05:27 PM

මේ හාදයා මේ මැතිවරණ ප්‍රශ්නය වැඩිය ගණන් නොගෙන කතාකිරීම මට හරිම ප්‍රශ්නයක්.ජනාධිපතිවරණය පවත්වන්න රුපියල් බිලියන 10 තියනවා...ඒ සල්ලිවලින් බොහොම ප්‍රවේශමෙන් චන්දය පවත්වනවා'' කියලා පෙරේදා කිව්වා.දැන් කියනවා මැතිවරණ 2 ටම වුනත් රෙඩි කියලා. එතකොට දෙවැනි මැතිවරණයට සල්ලි දෙන්නේ කවුද ? ඒ සල්ලි හොයාගන්නේ කොහෙන්ද ? භාණ්ඩාගාරයෙන් මුදල් වෙන්කරලා තියෙන්නේ ජනාධිපතිවරණයට පමණයි. රාහු කාලය ගැන කතාකරපු මේ මිත්‍යාදෘෂ්ටික " රාහු " කාරයා ඇත්තටම අපේ චන්ද වලට " රාහු" වෙක් වෙයිද ?

:       0       0

chandima Thursday, 25 July 2024 08:24 PM

එහෙම විරුද්ධයි කියලා හිතෙනවා නම් ඒකටත් රාහු කාලේ බලන්න ඕනෑද කියලා නෝනාගෙන් දැම්මම අහලා තියාගන්න... නැතිනම් සෑහෙන්න කල් යයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 589 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1091 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site