IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඡන්දෙ ගන්න ජල -විදුලි බිල්පත් ගෙවලා

( අමදෝරු අමරජීව )

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය  ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර්යයේ නියැලෙන බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි ත්‍රිකුණාමල දිසාපති කාර්යාලයේ ස්ථාපිත මැතිවරණ පැමිණිලි කළමනාකරණ ඒකකය කියයි .

මුතුර් ආසනයට අයත් තෝපූර්  ප්‍රදේශයේ ඡන්දදායකයන්ගේ මනාපය ලබා ගැනීම සඳහා ඔහු මෙම උපක්‍රමය භාවිතා කර ඇති බවට පැමිණිල්ලේ සඳහන්වේ  .

මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් එම මැතිවරණ කළමනාකරණ ඒකකය භාර සහකාර තේරීම් භාර නිලධාරී හා අතිරේක දිසාපති ඒ සුදාකරන් මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය උපදෙස් මැතිවරණ  කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇති බවයි.

දැනගන්නට ඇති පරිදි මෙම අපේක්ෂකයා පසුගිය අවසන් පාර්ලිමේන්තුව නියෝජනය කළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන බව පැවසේ. මෙම අපේක්ෂකයා මොල්ලිපොතාන  ප්‍රදේශයේත් මෙම ජල බිල්පත් හා විදුලි බිල්පත් ගෙවීම් සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වලටද පැමිණිල්ලක් ලැබී ඇති බව දැනගන්නට ඇත.   



අදහස් (2)

ඡන්දෙ ගන්න ජල -විදුලි බිල්පත් ගෙවලා

Perera Thursday, 07 November 2024 11:30 PM

අනේ නමයි, බිල්පත් අරින ලිපිනයයි... අපේ බිලුත් අරින්න...

:       0       0

පොල්වත්ත Friday, 08 November 2024 06:10 AM

ඉතින් ඒකේ වැරැද්ද මොකක්ද? යම් අපේක්ෂකයෙක් මැතිවරණ රැස්වීම් නොතියා මැතිවරණ කොමිසමේ අනුමත මුදල තමන්ගේ ප්‍රදේශයේ පවුල්වල සුබසාධන කටයුතු කරන්න වියදම් කරනවා ඇති. ඔහුට වියදම් කළහැකි සීමාව යටතේ මොනවා කළත් වරදක් නැහැ කියලා හිතෙනවා. ඇත්තටම කොමිසම අනුමත කරන මුදලින් කන්න බොන්න දෙන්නත් තහනම් නම් පෝස්ටර් හා කටවුට් ගහන්න බැරිනම් ඔය කළා කියන දේ වරදක් කියලා හිතන්න බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site