IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඡන්ද ගණින තැන්වලට එස්.ටී.එෆ් ආරක්ෂාව

(සුජිත් හේවාජුලිගේ)

රට පුරා සියලුම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල  ආරක්ෂාවට පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ  නිලධාරීන්  යෙදවීමට තීරණය කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන ලබන 21 සහ ඊට පසු දින මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ ආරක්ෂාව සඳහා ඒ අවට කලාපය අධි ආරක්ෂක කලාපයක් කිරීමටද තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

ඡන්දය විමසීමට පසු දින සියලුම අපේක්ෂකයන් මැතිවරණ මහලේකම් කාර්යාලයට කැඳවෙන හෙයින් මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි පවසයි.

ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානවල  ආරක්ෂාව සඳහා සිවිල් ආරක්ෂක නිලධාරීන්ද යෙදවෙන  අතර අවශ්‍ය වුවහොත් ත්‍රිවිධ හමුදා නිලධාරින්ද කැඳවීමට පියවර ගන්නා බව  මැතිවරණ කටයුතු භාර  ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා ප්‍රකාශ කළේය.

මේ අතර ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙතැයි හඳුනාගත් ප්‍රදේශ ගණනාවකට විශේෂ ආරක්ෂාව ලබාදීමටද පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.

ජනාධිපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සඳහාද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බව  ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ පොලිස් ප්‍රධානින් අතර විශේෂ සාකච්ඡාවක් මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ඊයේ (11) පැවැත්විණ. මැතිවරණයේ ආරක්ෂක වැඩ පිළිවෙළ පිළිබඳව එහිදී දීර්ඝව සාකච්ඡා කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

මැතිවරණයේ ආරක්ෂාව සඳහා උපදෙස් ගණනාවක්ම ලබා දුන් බවද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්  54,000ක පමණ පිරිසක් යෙදවීමට අපේක්ෂිතය.



අදහස් (1)

ඡන්ද ගණින තැන්වලට එස්.ටී.එෆ් ආරක්ෂාව

Wije Thursday, 12 September 2024 01:02 PM

පොලිස් නිලධාරිනි ,රාජ්‍ය නිලධාරිනි නරුම දේශපාලකයන්ගේ අමන වැඩ වලින් රට අරාජික වීමට ඉඩ නොදී නීතියෙන් රට රකිමු

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 661 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site