
(ජේ.කේ.එල්. චාමින්ද)
අක්මිමන හියාරේ මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය සලකුණු කරණු ලබන ස්ථානයේ දි ඡන්ද පත්‍රිකාව ඉරාදැමු පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අක්මිමන පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ අක්මිමන හියාරේ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදිවියේ පසුවන අයෙකි.
මොහු ඡන්දය ප්‍රකාශ කිරිමට පැමිණෙන විට සිය ජංගම දුරකථනය ද රැගෙන පැමිණ තිබේ. ඡන්ද මධ්‍යස්ථානය තුලදි ජංගම දුරකථනය නාදවි ඇත. එම අවස්ථවේ ඡන්දපොළ ස්ථානාධිපතිවරයා විසින් මොහුට ජංගම දුරකථනය තබා පැමිණෙන ලෙස දැනුම් දි ඇත. ඉන් කෝපයට පත් මෙම පුද්ගලයා ඡන්දය සලකුණු කරණ ස්ථානයේ දිම ඡන්ද පත්‍රිකාව ඉරාදමා ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද (15) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ. මෙම සිද්ධිය සම්බන්දව අක්මිමන පොලිසිය පරික්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්ද කොලේ ඉරූ තවත් අයෙක් අත්අඩංගුවට
kasun Thursday, 14 November 2024 05:12 PM
මම හිතන්නේ ලංකාවේ වුණු ලොකුම වැරැද්ද මේක වෙන්න ඇති... තමන්ගේ ඡන්ද පත්‍රිකාව ඉරන්න බැරිනම් ගිලලා කෑවාම මොකද? අපේ රටේ තියෙන්නේ අමුතුම විදිහක් අප්පා. මේවද දැන් ප්‍රශ්න...? අලුත් රජයවත් මේ විහිළු අයින් කරනවා නම් හොඳයි.
අසාධාරණ Thursday, 14 November 2024 05:56 PM
දුරකතනය නාදවුනා නම් ඒක තියලා එන්න ඡන්ද දායකයාට පිටතට යන්න අවසරයක් නැහැ. ඡන්ද පත්‍රිකාව තියලා යන්නත් බැහැ. ඉතින් කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැහැ කේන්තියක් ඇතිවෙනවා... ක්ෂණික කෝපය නිසා හෝ නූගත්කම හෝ නොදැනුවත්කම නිසා සිදුවීමක් නිසා සාධාරණයක් වෙන්න ඕනෑ...
Perera Thursday, 14 November 2024 06:05 PM
රජය සතු දේපළක් විනාශ කිරීම ඇපත් නොලැබෙන වරදකි.
ගුණරත්න Thursday, 14 November 2024 07:01 PM
වයඹ ඡන්දයේදීත් ඡන්ද පත්‍රිකා විනාශ කළ අයට විරුද්ධව පවරන අද නඩුවේ ඡන්ද පත්‍රිකාවක වටිනාකම විදියට සත කිහිපයක් ලෙස නිශ්චය කර තීන්දුව දී තිබුණා. ඒක නිසා ඔය දේපල හානි කිරීම යටතේ නඩු පැවරුවා වුණත් ඇති වැඩක් නැහැ.