
(මොහොමඩ් ආසික්)
මැතිවරණය කල් දාන බවට කරන ප්‍රකාශ ජනතාව නොමඟ යැවීම සඳහා රජය මගින් කරන දෙයක් යැයි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි .
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය අකුරණ නගරයේදී සංවිධානය කළ ප්‍රචාරක රැළියක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.
දැන් හුඟක් අය කතා කරමින් යනවා මේ මැතිවරණය අවිනිශ්චිතයි කියලා. මේක ජනතාව නොමඟ යැවීම සඳහා රජය ගන්නා උප්පරවැට්ටියක්. ජනතාව තුළ ඡන්දය ගැන සැකයක් ඇති වුණොත් මිනිස්සු අහයි මොකටද කැන්වසින් යන්නේ මොනවදටද කාර්යාල මොනවදටද රැස්වීම් කියලා. මන්දගාමි ස්වරූපයක් ඇති කරන්නයි මේ රජය උත්සාහ කරන්නේ හේතුව අලි පොහොට්ටු කපුටු නියෝජිතයින්ට මහපාරේ බැහැල යන්න බෑ පසුගිය දිනවල අපේක්ෂකයන් ටික කාමරයක් ඇතුලට දාගෙන රැස්වීම් තියෙනවා. මරු රැස්වීම්. රට බංකොලොත් කරපු හොරු රැළකට මින් ඉදිරියට ජනතාව හොඳ පිළිතුරක් දෙන්න බලා ගෙන ඉන්නවා. සියලු කොට්ඨාසවල කාර්යාල දාන්න සියලු අපේක්ෂකයන්න ගෙයින් ගෙට යන්න . 69 ලක්ෂය එකතු කර ගන්න . අනිවාර්යෙන්ම මැතිවරණය පවත්වනවා. මේ ආණ්ඩුව කුමන්ත්‍රණය කරලා මැතිවරණය කල් දාන්න කටයුතු කළොත් දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එක්ක මහ පාරට බැහැල අපි අපේ මැතිවරණය දිනා ගන්නවා මට ලොකු විශ්වාසයක් තියෙනවා නියත වශයෙන්ම මැතිවරණය පැවැත්වෙනවා. .

2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්දය තියෙනවා ද නැද්ද සජිත් කියයි
PODDA Thursday, 16 February 2023 11:34 AM
ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් කරනවා කියලා කෝටි 1000 වැඩි වියදමක් යන චන්දය ඉල්ලනවා.බඩු වැඩිකරලා විදුලිබිල දරාගන්න බැරි විදියට වැඩි කරා .යහපාලානේ කලේ පළාත්සභා චන්දය තියන්න ඕනේ.අවුරුදු 3 පැනලා .එතකොට මෙයා බුදිද .මේ චන්දෙන් ආණ්ඩුව පෙරලන්න පුළුවන් ?මේ වගේ විපක්ෂයක් හින්දා රටට හෙන ගැහුවා .බලය විතරයි ඕනේ
බක්මී Thursday, 16 February 2023 12:34 PM
ඔබතුමාත් චන්දයක් තියන්න කියලා කෑගහනවද .ඔබතුමා දන්නේ නැද්ද ඔබතුමා ඇතුළු රට විනාශ කරන්න දායක වෙච්ච කිසි කෙනෙකුට මේ පාර මිනිස්සු චන්දෙ දෙන්නේ නැති බව. ඔය 225 ම ගෙදර යවන්න රතු එළියක් දෙන්නයි මේ පාර සුදානම් වෙන්නේ. ඒ නිසා ඔබතුමාත් චන්දෙට බයවෙලා ඉන්න.