IMG-LOGO

චාවකච්චේරි පුංචි මන්ත්‍රීට උසාවියෙන් තහනමක්

(මනෝප්‍රිය ගුණසේකර)

චාවකච්චේරි නගර සභාවේ නාගරික මන්ත්‍රී යශෝකුමාර් දුෂ්‍යන්තම් මහතාට ඔහුගේ මන්ත්‍රීධූරයේ කටයුතු කිරීමේ වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් අද නිකුත් කළේය.

චාවකච්චේරි ප්‍රදේශයේ ඡන්දදායකයන් දෙදෙනකු ගොනුකර තිබූ මූලික පෙතසමක් විභාගයට ගැනීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ අතුරු නියෝගය නිකුත් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීණි.

චාවකච්චේරි නගරසභා බලපදේශයේ පදිංචි ජන්දායකයන් දෙදෙනකු ගොනුකොට ඇති පෙත්සමේ උත්තකරුවන් වශයෙන් සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසයේ මහලේකම් ජී.ජී. පොන්නම්බලම්, චාවකච්චේරි නාගරික මන්ත්‍රී යශෝකුමාර් දුෂ්‍යන්තම්, චාවකච්චේරි නගර සභාව, තේරීම් භාර නිලධාඑීවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

පෙත්සම කැඳවු අවස්ථාවේදී පෙතස්ම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා මහතා කරුණු දක්වමින් චාවකච්චේරි නාගරික මන්ත්‍රී යශෝකුමාර් දුෂ්‍යන්තම් මහතා නගර සභා බල සීමාවෙන් පිටත පදිංචිකරුවකු වන බැවින් ඔහුගේ පත්විම බල රහිතකරන රිට් අඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආචාර්ය කුමාර්. ගුරුබරන් මහතා කරුණු දක්වමින් අදාළ නාගරික මන්ත්‍රීවරයා චාවකච්චේරි නගර සභා බලපදේශයේ මායිමේ පදිංචිකරුවකු බවත් එහෙයින් ඔහු එම ප්‍රදේශයේ පදිංචිකරුවකුෙ වශයෙන් සැලකිය යුතු බව සඳහන් කරමින් අදාළ ලේඛණ ඉදිරිපත් කළේය.

 



අදහස් (0)

චාවකච්චේරි පුංචි මන්ත්‍රීට උසාවියෙන් තහනමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1395 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 515 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 597 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site