IMG-LOGO

චාල්ස්ට ඔටුන්න

ලන්ඩනයේ ශාන්ත ජේම්ස් මාලිගයේදී හෙට (10) චාර්ල්ස් කුමරු නිල වශයෙන් තුන්වෙනි චාර්ල්ස් රජු ලෙස කිරුළු පැළඳීමට නියමිත බව බී.බී.සී පුවත් සේවය පවසයි.

කිරුළු පැළඳීමේ උත්සවය සඳහා 700 ක් පමණ පිරිසකට සහභාගී වීමට අවස්ථාව ලැබෙනු ඇත.

රැජිනගේ අභාවය හේතුවෙන් බ්‍රිතාන්‍ය රජ කිරුළ චාර්ල්ස් කුමරු හට වහාම හිමිවෙන බවත් ඔහු තුන්වෙනි චාර්ල්ස් රජු ලෙස බ්‍රිතාන්‍ය කිරුළ දරන බවත්  බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය.

කිරුළ චාර්ල්ස් කුමරු හට වහාම ලැබුණත් රජු ලෙස කිරුළු පැළඳීමට පෙර ප්‍රායෝගික හා සම්ප්‍රදායික පියවර ගණනාවක් සම්පුර්ණ කිරීමට තිබෙන බව බී.බී.සී පුවත් සේවය පෙන්වා දුන්නේය.

රාජාභිෂේක උත්සවයේදී,  චාර්ලස් කුමරු ලෝකයා ඉදිරියේ හෙට (10)  රජු ලෙස දිවුරුම් දීමට නියමිතව ඇති අතර එහිදී කැන්ටබරි අගරදගුරුතුමා සෙංකෝලය චාර්ල්ස් කුමරුට පිරිනැමීමෙන් අනතුරුව  රන් ඔටුන්න  චාර්ල්ස් කුමරුගේ හිස මත පළඳවමින් නිල වශයෙන් තුන්වෙනි චාර්ල්ස් රජු ලෙස චාර්ල්ස් කුමාරයාට කිරුළු පැළඳවීම සිදු කරයි.

චාර්ල්ස් කුමරු රජ වූ පමණින් ඉබේම විලියම් කුමරු හට  ‘වේල්සයේ කුමාරයා‘ තනතුර නොලැබෙන බවත් එය විලියම් කුමාරයා හට පිරිනමන වාද නැද්ද යන්න තුන්වෙනි චාර්ල්ස් රජුගේ තීරණයක් බවත් බී.බී.සී පුවත් සේවය සඳහන් කළේය.

දෙවැනි එළිසබෙත් මහ රැජිණ ස්කොට්ලන්තයේ බැල්මොරාල් මාළිගයේදී ඊයේ (8) අභාවප්‍රාප්ත වූවාය. ඇය මෙලොවින් සමුගනිද්දී 96 හැවිරිදි වියේ පසු වූවාය.ඇය වසර 70 ක් බ්‍රිතාන්‍යයේ කිරුළ දැරුවාය.

(රොයිටර්)



අදහස් (0)

චාල්ස්ට ඔටුන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 481 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 642 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site