IMG-LOGO

චමරි ලෝව පළමු තැන ගනී

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා සුපිරි පිතිකාරිය චමරි අතපත්තු ඉතිහාසයේ පළමුවරට අන්තර්ජාතික ක්‍රිකට් සභා (අයි.සී.සී.) එක්දින පිතිකාරියන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව සිටින්නීය.

නවසීලන්තයට එරෙහිව ඊයේ (3) අවසන් වූ එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශතක දෙකක් රැස්කිරීමට සමත් වීමෙන් චමරිට පළමු ස්ථානයට ඒමට අවස්ථාව උදාවූ අතර ඇය පළමු තරගයේදී නොදැවී ලකුණු 108 ක් සහ දෙවැනි තරගයේදී නොදැවී ලකුණු 140 ක් රැස් කළාය.

ඇය ප්‍රසාද ලකුණු 758 ක් හිමිකරගනිමින් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය. ඕස්ටේ්‍රලියානු පිතිකාරී බේත් මූනි ප්‍රසාද ලකුණු 754 ක් ලබා දෙවැනි ස්ථානයේ ද, දකුණු අප්‍රිකානු පිතිකාරී ලයුරි වොල්වර්ඩ්ට් ප්‍රසාද ලකුණු 732 ක් සමගින් තෙවැනි ස්ථානයේ ද, පසුවෙති.

33 වැනි විය් පසුවන චමරි මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 95 කදී ශතක 8 ක් සහ අර්ධ ශතක 15 ක් සමගින් ලකුණු 3,199 ක් රැස්කරමින් වර්තමාන ලෝක කාන්තා ක්‍රිකට් පිටියේ පිතිකාරියන් අතර පෙරමුණේ සිටින්නීය.

 



අදහස් (5)

චමරි ලෝව පළමු තැන ගනී

Senarath Tuesday, 04 July 2023 02:55 PM

ඔබට අපේ සුභපැතුම්

:       1       1

randil dunuwille Tuesday, 04 July 2023 04:13 PM

අපේ පිරිමි කණ්ඩායමට වගේ නිසි ඇගයීමක් නැහැ. ඒත් ඔවුන්ගේ කාර්යය හරියටම කරනවා. මීට වඩා හුඟක් ඔවුන්ව අගය කළ යුතුයි. විශේෂයෙන්ම හොඳ කැප්ටන් කෙනෙක් විදිහට හැමදාම ටීම් එක දිනනවා. පිරිමි කණ්ඩායමේ වෙන්නේ අනිත් පැත්ත. ටීම් එක කැප්ටන්ව දිනවන එක...

:       0       0

SUNIL MILANO Tuesday, 04 July 2023 04:28 PM

චමරි, ඔබට අපගේ උණුසුම් සුබපැතුම්..! 

:       0       0

Hemantha Tuesday, 04 July 2023 05:04 PM

සුබපැතුම්...!!!

:       1       1

උධුලී Wednesday, 05 July 2023 02:08 PM

චමරි අපේ උණුසුම් සුබපැතුම්... ජයෙන් ජයම වේවා ටීම් එකටම...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 3 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 9 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 660 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site