IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


චීන විදේශ ඇමැති ඊශ්‍රායල-පලස්තීන නියෝජිතයන් හමුවෙයි

ඊශ්‍රායල පලස්තීන අර්බුදය විසඳීමට චීනය මැදිහත් වී සිටින අතර, චීන විදේශ අමාත්‍ය වැංග් යී ඊශ්‍රායල විදේශ අමාත්‍යවරිය එලී කොහෙන් සහ පලස්තීන පාලන අධිකාරියේ විදේශ අමාත්‍ය රිය්සදා අල් මලීකී සමඟ වෙන වෙනම සාකච්ඡා පැවැත්වීය.

පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට දේශසීමා හරහා එල්ලවුණු හමාස් ප්‍රහාරයෙන් පසු, පෙරළා පහර දීමට ඊශ්‍රායලයට සාධාරණ අයිතියක් ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරිය චීන විදේශ අමාත්‍යවරයාට පැහැදිලි කළාය.

ඊශ්‍රායල ප්‍රහාරවලින් දිගින් දිගටම ගාසා තීරයේ පලස්තීන වැසියන් මියයෑම සම්බන්ධයෙන්, තමන් දැඩි ලෙස කනගාටු වන බව ද චීන විදේශ අමාත්‍යවරයා ඊශ්‍රායල විදේශ අමාත්‍යවරියට පැවැසූ බව ද වාර්තා වේ.

හමාස් සටන්කාමීන්ගේ මතය ගාසා තීරයේ පලස්තීන වැසියන්ගේ මතය නොවන බව පෙන්වා දෙමින්, පලස්තීන විදේශ අමාත්‍ය රියාද් අල් මලීකී ප්‍රකාශ කළේ පලස්තීනය සැමවිටම සාමයට කැමැත්ත පළ කරන බවය.



අදහස් (0)

චීන විදේශ ඇමැති ඊශ්‍රායල-පලස්තීන නියෝජිතයන් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 163 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 95 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1690 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site