IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


චීන රජයේ ’කොවිඩ්’ නීතිවලට ජනතාවගෙන් විරෝධතා

චීන රජයේ දරදඬු 'කොවිඩ්' නීතිරීති එසේත් නැතිනම් සෞඛ්‍ය සීමාවලට එරෙහිව එරට නගර රැසක විරෝධතා ආරම්භ වී ඇත.

ඉකුත් සෙනසුරාදා චීන ජාතිකයන් සිය ගණනකින් ආරම්භ වූ විරෝධතා මේ වන විට දහස් ගණනක් දක්වා වර්ධනය වී ඇතැයි පැවසෙයි.

විරෝධතා පවත්වන ඇතැම් ස්ථාන වල මාර්ග බාධක පනවා ඇති බවත් විරෝධතාවලට සහභාගී වූ විරෝධතාකරුවන් කිහිපදෙනෙකු චීන පොලිසිය රැඳවුම් බාරයට ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.චීනයේ පැවැත්වෙන විරෝධතා හේතුවෙන් ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සියයට 3 කින් පමණ පහත වැටුණු බව විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත.

පසුගිය දා ෂිංජියැං පළාතේ මහල් නිවාස ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් 10 දෙනකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම, එම විරෝධතා ආරම්භ වීමට හේතුවක් වූ බව පැවැසෙයි.

ෂැංග්හායි නගරය, බෙයිජීං නගරය ඇතුළු චීනයේ ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වෙන අතර චීන විශ්ව විද්‍යාල කිහිපයකද විරෝධතා පැවැත්වේ.එහිදී  චීන කොමියුනිස්ට් පක්ෂ රජයට සහ ජනාධිපති ෂී ජින්පින්ට බලයෙන් ඉවත්වන ලෙස විරෝධතාකරුවන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.

විරෝධතා සඳහා විශ්ව විද්‍යාල සිසුන් සහ ආචාර්යවරුන් ද එක් වී සිටින බව පැවැසෙයි.

චීන රජයට සහ ජනාධිපතිවරයාට එරෙහිව මේ ආකාරයට විරෝධතා පැවැත්වීම ඉතා දුර්ලභ සිදුවීමක් බව විදෙස් මාධ්‍ය පැහැදිලි කර තිබේ.

'කොවිඩ් 19' වයිරය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. ඒ, 2019 වසර අවසානයේය. 2020 වසරේ මුල් මාස කීපයේ චීනය දරුණු ලෙස වයිරසයෙන් බැට කෑවේය. ඉන්පසු 'කොවිඩ් 19' ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත් විය.

ආරම්භයේ පටන් චීන සෞඛ්‍ය අංශ නිර්දේශ අනුව, චීන රජය දැඩි නීති පනවමින් වයිරස ව්‍යාප්තිය පාලනය කරයි. ආසාදිතයකු හමුවුණු සැණින්, පළාත් සහ නගර මුළුමනින්ම ලොක්ඩවුන් කර සියලු ආසාදිතයන් හඳුනා ගැනීම සහ ඔවුන් වෙන් කිරීම සිදු කරයි.

විරෝධතා පිටුපස බාහිර බලවේගයක් තිබෙන බව චීන රජය චෝදනා කර ඇත.

034



අදහස් (0)

චීන රජයේ ’කොවිඩ්’ නීතිවලට ජනතාවගෙන් විරෝධතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 449 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site