චීන ජනාධිපති ෂී ජින්පින් යුරෝපා සංචාරයක් ආරම්භ කරමින්, ප්‍රංශයේ පැරිස් අගනුවර බලා පැමිණියේය. චීන ජනාධිපතිවරයා මෙසේ යුරෝපා සංචාරයක් ආරම්භ කළේ වසර පහකට පසුවය.
ජනාධිපති ආර්යාව පෙංග් ලුවාන් ද මෙම සංචාරයට එක් වී සිටින්නීය. ඊට අමතරව, චීන රජයේ නියෝජිතයන් පිරිසක් ද ව්‍යාපාරික ප්‍රධානීන් පිරිසක් ද සංචාරයට එක් වීම විශේෂත්වයකි.
ප්‍රංශ සංචාරය අතරතුරේ ජනාධිපති ෂී ජින්පින්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ද ලින් ද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
පසුගිය කාලයේ රුසියාව සහ යුරෝපා රටවල් අතරේ සබඳතා පළුදු විය. ඒ, රුසියන් යුක්රේන යුද්ධය හේතුවෙනි. චීනය රුසියාව සමඟ සමීප මිතුදම් පවත්වයි. කොන්දේසි විරහිතව රුසියාවට සහාය දෙන බවට ද චීන ජනාධිපතිවරයා ප්‍රතිඥා දී ඇත. මෙය යුරෝපා බටහිර රටවල විරෝධයට හේතුවක් විය.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
චීන ජනාධිපති යුරෝපා සංචාරයක් අරඹයි
samanali gamage Monday, 06 May 2024 05:58 PM
සමාජවාදී බෝඩ් එක ගහගෙන කොයි නායකයා යන්නෙත් ධනවාදීන් හොයාගෙන මුදල් හොයන්න. ඉතින් රනිල් ජනාධිපතිගේ... ලිබරල් ධනවාදි ප්‍රතිපත්තිය ඔය හොඳයි කියන්නේ... මොකද සමාජවාදී රටවල්වල නොයන්නේ යන්න පුළුවන්, යන්නේ නැහැ... මොකද ඔවුන් දුක් විඳිනවා. ඒකයි ඇත්ත කතාව.