IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


චැනල් ෆෝ චෝදනාව ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කරන ලද  වැඩසටහනෙන් එල්ල කෙරෙන චෝදනා විමර්ශන කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්නැයිවූ යෝජනාවක් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ලැබ ඇත.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (17) සම්මත කිරීමට නියමිතය.

ඇතැම් දේශපාලඥයන් සහ ජ්‍යෙෂ්ඨ හමුදා බුද්ධි අංශ නිලධාරීන් මරාගෙන මැරෙන එම බෝම්බ ප්‍රහාරය ක්‍රියාත්මක කළ ත්‍රස්තවාදීන් සමග සබඳතා පැවැත්වූ බවටත් එම ප්‍රහාරය  පසුපස විශාල කුමන්ත්‍රණයක් පවතින බවටත් එම වැඩසටහනින් චෝදනා එල්ල කර ඇති හෙයින්  ඒ පිළිබඳව විමර්ශනයක් පැවැත්වීම වැදගත් බව එම මන්ත්‍රීවරු මෙම යෝජනාවෙන් කියා සිටිති.

කාරක සභාවේ වාර්තාව මාස දෙකක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවටද  එම යෝජනාවේ සඳහන් වේ.

මේජර් ප්‍රදීප් උදුගොඩ, වජිර අබේවර්ධන, ගුණතිලක රාජපක්ෂ සංජීව එදිරිමාන්න, ඩී.වීරසිංහ, සුමිත් උඩුකුඹුර,  ජයන්ත කැටගොඩ  ජගත් සමරවික්‍රම, කරුණාදාස කොඩිතුවක්කු නීතිඥ මධුර විතානගේ , සමන්ප්‍රිය හෙරත්, ජගත් කුමාර සුමිත්‍රආරච්චි, ඩී.බී හේරත්,කෝකිලා හර්ශනි  ගුණවර්ධන උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, උදයකාන්ත ගුණතිලක, එච්නන්දසේන, නාලක  කෝට්ටෙගොඩ, කුමාරසිරි රත්නායක , සහ  සී බී රත්නායක මෙම යෝජනාවට අත්සන් කළ මන්ත්‍රීවරු වෙති.



අදහස් (2)

චැනල් ෆෝ චෝදනාව ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

බණ්ඩා Monday, 16 October 2023 04:36 PM

බැසිල්ට කඩේ යන, රාජපක්‍ෂලාගේ සාක්කුවේ සිටින, ඔවුන්ගෙන් බලාපොරොත්තු විය හැකි පරීක්‍ෂන පිළිබඳව ජනතාව හොඳින්ම දනී. ජාත්‍යන්තරයද ගොනාට ඇන්දවිය හැකි යැයි සිතන්නේ නම් එය බරපතල වැරැද්දකි. රට බංකොළොත් වීම ගැන හොයන්න දැම්මේද ඔය පුද්ගලයින්ම බව මතක තබාගන්න...

:       0       1

C.K.Lankaputhra Monday, 16 October 2023 05:07 PM

චැනල් ෆෝ චෝදනාව ගැන සොයන්න නොවේ... චෝදනාව වහන්න විවාදයක්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site