IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


චීනයේ සහය ශ්‍රී ලංකාවට තව දුරටත්

(යොහාන් භාසුර)

චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ඒජන්සියේ නියෝජ්‍ය සභාපති ඩෙන් බෝසින් මහතා සහ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර විශේෂ හමුවක් මෙරට චීන තානාපති කාර්යාලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ සටහන සඳහා චීනය, ඉන්දියාව, ජපානය ඇතුළු අනෙකුත් සියළුම මිත්‍ර රටවල්, ජාත්‍යන්තර සංවිධානවල උපදේශකත්වය, ආධාර සහ අනුග්‍රහය ශ්‍රී ලංකා රජය විශේෂයෙන් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා එහිදී චීන නියෝජිතයන්ට පැවසීය.

ශ්‍රී ලංකාවේ අතිශය මිත්‍රශීලී රටක් ලෙස චීනය සෑම අවස්ථාවකදීම මෙරටට අවශ්‍ය සහයෝගය ලබාදීමට අඛණ්ඩව කටයුතු කරන බව සාකච්ඡාවට එක්වූ චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ඒජන්සියේ නියෝජ්‍ය සභාපති ඩෙන් බෝසින් මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මහතා, චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ඒජන්සිය නියෝජනය කරමින් එහි ආර්ථික හා වාණිජ උපදේශකවරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.



අදහස් (2)

චීනයේ සහය ශ්‍රී ලංකාවට තව දුරටත්

උපාලි Tuesday, 18 April 2023 12:15 PM

සුදුලූණු ඇමති නේද මේ........

:       0       0

Bamunuarachchi Wednesday, 19 April 2023 04:26 AM

චීන්නු මේ ගොයියන්ව අල්ලේ නටෝනවා වගෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site