IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


චීනයේ ශිෂ්‍ය වීසා දෙනබව කියා මුදල් වංචා කළ සභාපති-අධ්‍යක්ෂවරු 3 රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

චීන රටේ ශිෂ්‍ය වීසා ලබා දෙන බව පවසා මුදල් රුපියල් පන්ලක්ෂ හැටදහසක මුදලක් වංචා කිරීමේ චෝදනාවට ‘කොස් ලංකා’ පුද්ගලික සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු වරදකරු කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සැකකරුවන්ගේ ඇගිලි සලකුණු වාර්තා ලැබෙන තෙක් ලබන 18 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද (04) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ දීර්ඝ නඩු විභාගයකින් පසු පළමු චෝදනාවට සැකකරුවන් වරදකරු කරමින් මෙම නියෝගය නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා දෙවන චෝදනාවෙන් ඔවුන් නිදහස් කරන ලෙසට නියෝග කළේය. ඒ අනුව දඩුවම් නියම කිරීම සදහා ඇගිලි සලකුණු වාර්තා කැදවන තෙක් සැකකරුවන් රක්ෂිත භාරයේ තැබීමට මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කළේය.

පැමිණිලිකාර පාර්ශ්වයට වංචා කළ මුදල් නැවත ගෙවන්නේ නම් දඩුවම් අඩු කිරීම සලකා බැලිය හැකි බවත් දුප්පත් ජනතාවගෙන් මුදල් ලබා ගෙන දීර්ඝ කාලයක් ගතව ගොස් ඇති අතර මෙවැනි වංචා සිදුකර මේ සමාජයේ මිනිසුන් කොහේ යන්නේදැයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ දී ප්‍රකාශ කළේය.



අදහස් (0)

චීනයේ ශිෂ්‍ය වීසා දෙනබව කියා මුදල් වංචා කළ සභාපති-අධ්‍යක්ෂවරු 3 රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 306 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site