වසර ලක්ෂ ගණනකට පෙර, අග්නිදිග ආසියාවේ ජීවත් වූ නව මානවයකු සොයා ගැනීමට, විද්‍යාඳායෝ සමත් වී සිටිති. සංකීර්ණ මානව පරිණාම ක්‍රියාවලියේ නව පරිච්ඡේදයක් ලිවීමට මෙම නව මානවයා සමත් වී ඇතැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති.
‘හෝමෝ ජුලියෙන්සිස්’ නමැති මෙම මානවයාගේ පොසිල අස්ථි සහ හිස්කබල කොටස් හමුවී ඇත්තේ, චීනයේ ‘සුජිආයෝ’ නමැති කැණීම් භූමියෙනි. පොසිල විද්‍යාඥයන්ට මෙම නව මානවයන් 16 දෙනකුගේ පොසිල කොටස් හමුවුණු බව ද පැවැසෙයි.
‘හෝමෝ ජුලියෙන්සිස්’ යන්නෙහි අර්ථය ‘ලොකු මොළයක් ඇත්තා’ යන අරුථය. නූතන මානවයා පරිණාමය වී ඇත්තේ හෝමෝ සේපියන්ගෙනි. පොසිල විද්‍යාඥයන් සොයාගෙන ඇති ආකාරයට, හෝමෝ සේපියන් මානවයාගේ හිස් කබල ඝන අගල් 82 කි. නියැන්ඩර්තාල් මානවයන්ගේ හිස් කබල ඝන අගල් 88 කි. මෙම නව මානවයා, හෝමෝ ජුලියෙන්සිස්ගේ හිස් කබල ඝන අගල් 103 ක් 109 ක් වෙයි.
හිස් කබල ප්‍රමාණයෙන් විශාල වීම යනු මෙම නව මානවයාට හෝමෝ සේපියන් මානවයාට ප්‍රමාණයෙන් විශාල මොළයක් තිබුණු බව පැහැදිලි වී ඇත. හෝමෝ ජුලියෙන්සිස් මානවයාගේ මොළයේ ප්‍රමාණය, හෝමෝ සේපියන් මානවයාගේ මොළයේ ප්‍රමාණයට වඩා සියයට 30 කින් වැඩි බව ද පැවැසෙයි. හෝමෝ ජුලියෙන්සිස් මානවයාගේ දත් ද අනෙක් මානවයන්ට වඩා ශක්තිමත් වූ බව හමුවුණු ශේෂ කොටස්වලින් පැහැදිලිය.
හෝමෝ ජුලියෙන්සිස් මානවයා ජීවත් වූයේ ලක්ෂ තුනකට පෙර, නැගෙනහිර ආසියාවේ, අද චීනයට අයත් ප්‍රදේශවලය. මෙම මානවයන් කණ්ඩායම් වශයෙන් ජීවත් වූ බවට සාක්ෂි හෙළි වී ඇත. මොවුන් කුඩා අශ්වයන් දඩයම් කළ බව ද පැවැසෙයි.
“අවුරුදු 300,000 ත් 50,000 ත් අතර කාලයේ විවිධ මානව විශේෂ එකට ජීවත් වුණා. ඒත් හිස ලොකු මානව විශේෂයක් අපට හමුවුණු පළමු අවස්ථාව මෙයයි” යැයි චීන විද්‍යා ඇකඩමියේ පොසිල විද්‍යාඥ සියුජී වූ පැහැදිලි කර ඇත.
‘හෝමෝ ජුලියෙන්සිස්’ විද්‍යාඥයන්ට අභිරහසකි. එම අභිරහස නම්, මෙම මානවයා හිටිහැටියේ අතුරුදන්වීමය. හෝමෝ ජුලියෙන්සිස් අතුරුදන් වී, සෙසු මානවයන් ඉතිරි වූයේ කෙසේදැයි තහවුරු කර ගැනීමට තවමත් හැකියාවක් ලැබී නැත.
එන්.ඩී.ටීවී ඇසුරිනි
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
චීනයෙන් හමුවූ අද්භූත මානවයා
බකල ජයා Friday, 06 December 2024 11:25 AM
මේ ජූලියන් අයියා මගුල් ගෙදරක ගිහිං වෙන්න ඕන අතුරුදහන් වුණේ. චීනෙටත් ටිකක් ලඟ රටක තමයි උත්සවේ තිබුණා කියන්නේ.
ChandaniFriday, 06 December 2024 05:20 PM
මගුල් ගෙදර ගිහින් තියෙන්නේ අමු නිර්වස්තරයෙන්ද? සමහරවිට මිනිහා ඔය යන්නේ මධුසමයට වෙන්න ඇති...
බකල ජයාFriday, 06 December 2024 08:09 PM
ඔය පඩි දවසක හැන්දැවේ ගෙදර යන ගමන් ගත්ත එකක්. වෙන වෙලාවට ඔයිට වඩා ටිකක් වැදගත් විදියට ඉන්නවා.
රුවන් Friday, 06 December 2024 09:02 PM
පරිණාමයේ හැලුණු පුරුක හෝමෝ ඉරෙක්ටස් ප්‍රේමදාස නොහොත් සජිත් ප්‍රේමදාසගේ මුත්තන් සොයාගෙන නැත්ද?