(අංජුල මහික වීරරත්න)
යූත් ක්ලබ් වෙත එල්ලවන චෝදනා පදනම් විරහිත බැවින් එම සියලු චෝදනා එකතු වී පරාජය කළ යුතු බව යූත් ක්ලබ් කොළඹ දිස්ත්‍රික් සම්මේලනයේ අධ්‍යාපන හා කාර්‍යාංශ බාර ලේකම් යුත් ක්ලබ් හෝමාගම ප්‍රාදේශීය සම්මේලනයේ සංවිධායක ලහිරු පෙරේරා මහතා පැවසීය.
මින් පෙර යෞවන සමාජවල තනතුරු දැරූ කණ්ඩායම් සිය වගකීම් තරුණ තරුණියන් වෙනුවෙන් ඉටු නොකළ බැවින් ඔවුන්නොහැකියාව වසා ගැනීම වෙනුවෙන් මෙම චෝදනය ඉදිරිපත් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
යූත් ක්ලබ් පිහිටුවීමට අදාලව චෝදනා එල්ල කරන්නේ කවුරුන් දැයි සොයා බැලීම වැදගත් බව කී ලහිරු පෙරේරා මහතා එවිට ඔවුන් මෙම චෝදනා ඉදිරිපත් කරන්නේ කවරක් පදනම් කරගෙන දැයි පැහැදිලි වන බව ප්‍රකාශ කළේය.
රජය විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් ලෙස ජාතික තරුණ සේවා සභාව හරහා යූත් ක්ලබ් පිහිටුවීම හා ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් සම්මේලන පැවැත්වීමට දේශපාලන අධිකාරිය සම්බන්ධ වීමෙන් යූත් ක්ලබ් ජාතික වැඩසටහනක් බවට මෙරට තරුණ තරුණියන්ට හැඟීමක් ඇතිවන බවද ඔහු සඳහන් කළේය.
ලහිරු පෙරේරා මහතා මෙම අදහස් දැක්වූයේ කොළඹ ඇන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී ය. යූත් ක්ලබ් පිහිටුවීමට අදාලව එල්ලවන චෝදනාවලට පිළිතුරු ලබාදීම වෙනුවෙන් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණි.
හම්බන්තොට දිස්ත්‍රික් සම්මේලනය නියෝජනය කරමින් ජාතික සම්මේලනය තේරී පත්වූ ජයනි බස්නායක, කඩුවෙල සම්මේලනය නියෝජනය කරමින් කවීෂ නිම්සර, නාගරික තරුණයා සම්මේලනය නියෝජනය කරමින් ජාතික මණ්ඩලයට තේරී පත් වූ ෆවුසිල් අබ්දුල් රහුමාන්, මාතර දිස්ත්‍රික් සම්මේලනයේ සංවිධායක තනුක් ඒ. සුනන්දගේ මීට සහභාගී වූහ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
චෝදනාවලට ’’යූත් ක්ලබ්’’ උත්තර දෙයි
ටිල්වින් සීයා Saturday, 02 August 2025 04:07 PM
යූත් ක්ලබ් විතරක් නෙමෙයි, ගමේ මරණාධාර සමිතියේ තනතුරුත් අපේ පාක්ෂිකයින්ගෙන් පුරවන්න ඕනෑ. තව ඩෝබිලා ටිකකුත් සාමාජිකයෝ විදියට බඳවාගන්න ඕනෑ.
විපරමා Saturday, 02 August 2025 08:08 PM
වහල්ලූ හිතාගෙන ඉන්නේ මේවත් ,හොර පෙරකදෝරුවා ගේ තාරුණ්‍යයට හෙටක්, වගේ රැවටිලි කියලා?