IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


චක්‍ර ලේඛයක් නිසා වෛද්‍ය ක්ෂේත්‍රය කඩා වැටෙයි?

(ඩබ්ලිව්.කීර්ති සහ හියුබට් ප්‍රනාන්දු)

රජය නිකුත් කර ඇති නව චක්‍රලේඛයට අනුව වසය අවුරුදු  60 පිරුණු රාජ්‍ය සේවකයන් විශ්‍රාම යා යුතු බැවින්  දැනට රජයේ රෝහල්වල සේවය කරන වයස අවුරුදු 60 ඉක්ම වන විශේෂඥ  වෛද්‍යවරුන් 300ක් සහ වෛද්‍යවරුන් 3110 විශ්‍රාම යාමට නියමිත බව  විශේෂඥ වෛද්‍යවරුන්ගේ  සංගමයේ සභාපති ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර්  ප්‍රනාන්දු මහතා පවසයි.

එකවර විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් රජයට අහිමිවීම නිසා ග්‍රාමීය ප්‍රදේශවල  ජනතාව  වඩාත් දුෂ්කර තාවයට පත්වන  බව ද ඔහු පවසයි. 

මෙම තීරණය රසායනික පොහොර ආයනයන එකවරම නතර කිරීමට ගත්තා වැනි අමනෝඥ තීරණයක් බව ද  විශේෂඥ වෛද්‍ය  ලක්කුමාර් මහතා කියා සිටියේය.

මේ හේතුවෙන් පිටපළාත්වල  රෝහල්වලට විශේෂඥ වෛද්‍ය සේවයක් නැත්තටම නැතිවිමේ අවදානමක් පවතින බව ද වෛද්‍ය ලක්කුමාර් මහතා  පවසයි.

2025 වන තුරු පිළිකාරෝගීන පොරොන්තු ලේඛනවල ඉන්නවා. ව්‍යාධිවේදී  විශේෂඥ වෛද්‍යවරුන් 80ක් සිටිය යුතුයි නමුත් දැන් සිටින්නේ 60ක් පමණයි. එස සංඛ්‍යාව ද 2023 ජනවාරි වන විට 40 දක්වා අඩු විය හැතියි.

නව චක්‍රලේඛයට අනුව 2022 දෙසැම්බර් මස වෛද්‍යවරුන් 3110ක් විශ්‍රාම යාමට නියමිතයි.



අදහස් (53)

චක්‍ර ලේඛයක් නිසා වෛද්‍ය ක්ෂේත්‍රය කඩා වැටෙයි?

කමනී Wednesday, 21 September 2022 04:30 PM

හොදයි අපි 63 කලා කියමුකෝ එතකොට 2024 ඔය කියන තදබදය අයෙමත් එනවනේ.ඉස්සර 60ට ගෙදර ගිය කාලේ ඊලගට හිටපු සෙට් එක ඔය තැන්වලට ආවා.දෙසැම්බර් වලට පස්සෙ එක තැන පල්වෙවී හිටපු ඊලග කන්ඩායම එතැනට එයි.කනිශ්ටයෝ අතරමැදි තැනට එයි.ආදුනිකයෝ කනිෂ්ඨ වෙයි.ඕක තමයි චක්‍රය.එහෙම නැත්නම් මේක 90 වෙනකන් දික්කරගෙන ඉන්න වෙයි හැමදාම

:       0       18

කල්පනා Thursday, 22 September 2022 08:34 PM

අනූවක් නොවෙයි, එකසිය විස්සක් කළත් ඔය අයගේ ප්‍රශ්නය විසඳීමට බැහැ. ඒකයි ඇත්ත තත්වය දොස්තරලා නිසා ඔවුන් හිතාගෙන ඉන්නේ ඔවුන් ජීවමානයි කියලා...

:       0       1

ranjith Wednesday, 21 September 2022 04:51 PM

ඔයගොල්ලෝ ගිහින් පූර්ණ කාලීනව පුද්ගලික සේවය කරන්න ඕනෑතරම් අලුත් අය ඉන්නවනේ... ඒ අයට ඉඩදෙන්න. විශේෂඥ දොස්තර මහත්තයෙක්...රෝහලක ලෙඩ්ඩු කී දෙනෙක් දවසකට බලනවාද?

:       0       1

siri Wednesday, 21 September 2022 04:52 PM

60 න් පස්සේ වැඩ කරනවා නම් පුද්ගලික සේවයේ වැඩ කරන අයට පුද්ගලික සේවය තහනම් කරන්න. නැතිනම් මේ වවාගෙන කන්න තමයි සූදානම....

:       0       1

චන්දන Wednesday, 21 September 2022 05:02 PM

වෛද්‍ය සංගම් මාෆියාව මේවාට වග කියන්න ඕනෑ. පහළ ඉන්න කෙනාට උඩට එන්න දෙන්නේ නැහැ. මහ එවුන්ට කත් අදින කෙනාට විතරයි තැන දෙන්නේ...

:       122       61

SamWednesday, 21 September 2022 09:00 PM

විශේෂඥ වෛද්‍යවරු බිහි කරන්නෙ වෛද්‍ය සංගම්ද? වෛද්‍යවරුන්ගෙනුත් අතිශය තරඟකාරී විභාග තියල තමයි පශ්චාත් උපාධි පාඨමාලා වලට තෝරගන්නෙ. පත් කිරීම් ස්ථාන මාරු වීම් හැම දෙයක්ම තමන්ගේ ලකුණු සහ සේවා කාලය සලකලයි තෝරන්නෙ. අනිත් වෘත්තීන් වල වගේ එක එකාට ඕන ඕන විදිහට වෛද්‍යවරුන්ව මාරු කරන්නයි පත් වීම් කරන්නයි බෑ. ඒක නිසා නොදන්න ගැන දේවල් දන්නව වගේ ගොන් කතා කියන්න එපා.

:       8       56

බද්රානිThursday, 22 September 2022 01:19 PM

සෑම් වලිගෙ පාගාගෙන බොරුවට නිකම් මෙතන උඩ පනින්න එපා, චන්දිම කියල තියන අන්තර්ගතය තේරුම් ගන්න. විශේෂඥ වෛද්‍යවරු බිහිකරන්නේ මාෆියා වේද සංගම් නොවන බව ඔබ නොදන්නවා උනාට, ළදරුවෙක් පවා දන්නවා. මෙතන කියලා තියෙන්නේ, එක්තරා විශේෂඥ වෛද්‍යවරු පිරිසක් සමස්ත වෛද්‍ය ශේත්රයම මාෆියාවක් කරගෙන සිටීමක් ගැනයි. අනික මෙතන කතා කරන්නේ ස්ථාන මාරු ගැන නෙවෙයි, රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගතයුතු වයස් සීමාව ගැනයි. ඔබ ඔය තරම්ම රජයේ රෝහල් වල සේවයට ආස නම්, පැය විසිහතර පුරාම දිනකට පැය අටක රාජකාරි සේවා මුරයකට යටත්ව වෛද්‍යවරු රෝහල් තුල සේවය කල යුතු යයි ඇයි යෝජනා නොකරන්නේ. හවස් වරුවේ හෝ රාත්‍රී කාලයේ කිසිදු වෛද්‍යවරයෙක් රජයේ රෝහලක රාජකාරිය කරනවද? මෙතන තියෙන්නේ, රජයේ සියලුම වරප්‍රසාද ලබා ගැනීමට ඇති දැඩි ගිජු බවයි. අනේ අපි නොදන්නවයි, ඔය දොස්තරලගේ කෙරුවාව?

:       1       11

SamThursday, 22 September 2022 05:17 PM

බද්රානි, නැට්ට පාගගෙන තියෙන්නේ ඔබයි. හවස් වරුවේ හෝ රාත්‍රී කාලයේ කිසිඳු වෛද්‍යවරයෙක් රෝහලේ නෑ කියලා කියන්නේ මොන ලෝකෙද ජීවත් වෙන්නේ. මොන ජෝක් එකක්ද? ඉස්පිරිතාලෙක පැත්ත පළාතකටවත් ගිහින් නැතුවද මේ ටෝක් දෙන්නේ...? දොස්තරලා පැය විසිහතරේම වැඩ තමයි. එහෙම කියලා ලෙඩ්ඩු එනකන් නිදි කිරකිර වාට්ටුවේ පුටුව උඩ වාඩිවෙලා ඉන්නේ නෑ. ඒවාට තමයි ඔන්කෝල් ඩියුටි කියන්නේ... රජයේ සේවය සහ වෘත්තීන් ගැන මෙලෝ හසරක් දන්නේ නෑ නේද? පොතක් පතක් කියවලා ටිකක් ඉගෙන ගන්න. විශ්‍රාම වයස වැඩි අඩු කරන එක දොස්තර සංගම්වල වැඩක් යෑ. ඒවාට තමයි අමාත්‍යාංශ පත් කරලා ඒවාට පොල් පිති වගේ ඇමැතිලා මිනිස්සු පත්කරලා තියෙන්නේ...

:       0       2

බද්රානිFriday, 23 September 2022 08:42 PM

නැට්ට පාගා නොගෙන නැට්ට උඩ හිටගෙන සද්දෙට කතා කරන සෑම් මහත්තයට ලංකාවේ රජයේ රෝහලකදී මම ලද අත්දැකීමක් කියන්නම්කො. මාස දෙකහමාරක පමණ ගර්භණී තත්වයෙන් පසුවූ මගේ යෙහෙලියක් ලේ වහනයක් සිදුවූ නිසා හදිසියේ රෝහල් ගත උනා. එදින හවස මම ඇයව බලන්න ගිය අවස්ථාවේ ඇය හඬමින් පැවසුවේ, කළලයට හානියක් වී ඇති බව පැවසු වෛද්‍යවරිය ඊට පසු දින සින්ටෝ ලබාදී එය ඉවත් කිරීමට කටයුතු කරන බවයි. එතන සිටි සාත්තු සේවිකාවකගෙන් මා ඒගැන විමසු විට ඇය පැවසුවේ කිසිදු ස්කෑන් කිරීමක් සිදු නොකළ බවයි. අදාළ වෛද්‍යවරිය ගැන විමසුවිට, ඒ අවස්ථාවේ පෞද්ගලික රෝහලක චැනල් සේවයේ යෙදී සිටින බව දැනගත් මම, සියලුම වගකීම් භාරගෙන බලෙන් රෝහලෙන් නිදහස් කරගෙන පෞද්ගලික රෝහල වෙත රැගෙන ගියා. එහිදී ස්කෑන් කර බැලුවිට දරුවාට (කළලයට ) කිසිදු හානියක් වී නොමැති බව තහවුරු උනා. මගේ දැනුවත් කම හා අතේ සල්ලි තිබුන නිසා දරුවා බේරුනා. දැන්, තේරෙනවද, ලංකාවේ වෛද්‍ය ශේත්‍රයේ හපන්කම්?

:       2       3

SamMonday, 26 September 2022 12:36 AM

බද්රානි දී තිබෙන උදාහරණය මේ රටේ සාමාන්‍ය දෙයක්. ස්කෑන් කරාම බඩේ ඉන්න ළමයා බේරගන්න පුළුවන් කියලා හිතනවද? ඒත් බලෙන් ටිකට් කපාගෙන සල්ලිත් ගෙවාගෙන ස්කෑන් කරගත්තාම හිතන්නේ මම තමයි ළමයා බේර ගත්තේ කියලා... ලෙඩක් වුණාම වෙන්න පුළුවන් දේවල් රෝගියාට පැහැදිලි කරලා දෙනවා. ලේ යාමකදී කළලයට හානි වෙන්න පුළුවන්. ඔය වගේ දේවල් තේරුම් ගන්න හැකියාවක් නැති ඔබ සහ ඔබේ යාළුවා හිතන්නේ වෛද්‍යවරු හදන්නේ බඩේ ඉන්න ළමයා මරන්න හදනවා කියලා... කිසිම හොයා බැලිල්ලක් නෑ. ටිකට් කපාගන්නවා... ඊට පස්සේ රට වටේ ප්‍රයිවට් ඉස්පිරිතාල වලට දුවනවා. ගිහින් තමන්ට ඕන වැඩේ කරගෙන එනවා. මොකද ලෙඩ්ඩු හිතන්නේ ස්කෑන් එක තමයි වැදගත් කියලා... වෛද්‍යවරු මේ වෙලාවේ කරන්න ඕනෑ වැදගත් දේ දන්නේ නෑ.. අපි එයාලාටත් උගන්නන්න ඕනෑ කියලා තමයි හිතන්නේ... ස්කෑන් එකත් කරගෙන හෙමීට ටිකට් කැපුවාට පස්සේ ගෙදර යන්න පුළුවන්.. එකට ඔය ටික කරගෙන උජාරුවට කියව කියවා ඇවිදිනවා.. මම නැත්තන් මේ දරුවාගේ ජීවිතේ බේරගන්න වෙන්නේ නෑ කියලා... ඔබ වැනි අය දන්නවා වැඩි අය සුළු කොටසක් ඉන්නවා. ඒ අය නිසා පුද්ගලික වෛද්‍ය සේවයට ගොඩාක් හොඳයි. ලෙඩේට අවශ්‍ය දේ නෙවෙයි තමන්ට අවශ්‍ය දේ කරගන්න ලේසියි. එතැනට ගියාම... හිතට සතුටුයි...

:       0       0

කොන්දොස්තර Thursday, 22 September 2022 10:56 AM

චන්දනගෙ අදහස ඉතාමත් නිවැරදියි පුහුණුව සදහා නිසි ක්‍රමවේදයක් නැතිවීමත් සමහර සංගම්වල ඒකාධිකාරයක් මේවාට වගකිවයුතුය සේවයට බදවා ගන්නවා වගේම විශ්‍රාම යැවීමත් කලට වේලාවට කරනවා වගේම පුහුණුව අවශ්‍යතාව අනුව කලට වේලාවට කරන්න ඕන මෙහෙම හිගයක් ඇතිවෙන්නෙ එහෙම කටයුතු නොකිරීම නිසා තමයි

:       0       7

sunimal Wednesday, 21 September 2022 05:07 PM

බුද්ධිමත් වෛද්‍යවරුන් ලෙස තාවකාලික විසඳුමක් සහ දිගුකාලීන විසඳුම් ඉදිරිපත් කරන්න.

:       0       67

hamanWednesday, 21 September 2022 09:11 PM

බුද්ධිමත් වෛද්‍යවරු විදිහට, තමන්ගේ කරන සේවයට හරිහමන් පඩියක් දෙන්නෙ නැති, පහුගියදවස් වල වැඩට යන්නවත් වාහනේට තෙල් ටික ගහගන්න දෙන්නෙ නැතුව කුණුහරප කිය කියා ගහගන්න ආපු කෙලෙහිගුණයක් නැති උන් ඉන්න මේ රටෙන් තොලොංචි වෙලා වෙන රටකට ගිහිං දෙයියනේ කියල කාල ඇඳල බීල ළමයින්ටත් හොඳ අධ්‍යාපනයක් දීල ඉන්නයි තියෙන්නෙ. මොකද මේ රටේ කොහොම හිටියත් හොඳක් නම් අහන්න වෙන්නෙ නෑ මේ කපේට. රටේ හැම දෙයක්ම වලපල්ලට යවන්න හැමෝම එකතු වෙලා පාර කපාගත්තනේ. දැන් ඉතින් විදවන්නයි තියෙන්නෙ. අපේ බදු සල්ලි කිය කියා වැලලෙන්න එපා. බදු සල්ලි වලට කෙලපු උන් තාම ඉන්නව පාර්ලිමෙන්තුවේ. ගිහින් උන්ගෙන් ඉල්ලගන්න.

:       8       45

preethiThursday, 22 September 2022 12:37 PM

බුද්ධිමත් වෛද්‍යවරුන් ලෙස තාවකාලික විසඳුමක් ඉදිරිපත් කර එය සදාකාලිකව ක්‍රියාත්මක කරන්න.

:       2       3

podi mole Wednesday, 21 September 2022 05:14 PM

ලංකාවේ සෞඛ්‍ය සේවය හොඳින්ම තිබුණු කාලේ විශ්‍රාම යන වයස 55යි. කඩන් වැටෙන්න පටන් ගත්තේ 60 කළාට පස්සේ...

:       3       74

ගමේ එකාලා Wednesday, 21 September 2022 07:25 PM

රටම හොරාකාලා කාබාසීනියා කරපු 60 පැනපු දූෂිත දේසපාලුවෝ ඔක්කොම එළවලා දැම්මා නම් තමා හොන්ද .

:       0       5

chandima Wednesday, 21 September 2022 07:31 PM

ඔය චක්‍ර ලේඛනයෙන් 60ට වැඩි මන්ත්‍රීලත් ගෙදර යනවාද?

:       0       1

කිරි පුතා Wednesday, 21 September 2022 07:45 PM

පරණ අයම මේක බදාගෙන ඉන්නවා. සල්ලි හොයන එකයි මාන්නය රකින එකයි තමයි අරමුණ . තරුණ අයට උඩට එන්න දෙන්නෙ නෑ. පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් වෛද්‍යවරුන් බිහි වෙන්න දෙන්නෙ නෑ.

:       4       25

බද්රානි Wednesday, 21 September 2022 07:46 PM

වෛද්‍ය සේවය ආයේ අමුතුවෙන් කඩා වැටෙන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඔය කියන විශේෂඥ වෛද්‍යවරු රජයේ රෝහලක බේතකටවත් හොයා ගන්න බැහැ. පෞද්ගලික වෛද්‍ය සේවා කළු කඩේට (චැනල් සෙන්ටර්) ගාන බැන්දාම තප්පර කිහිපයක් ඇතුලත රෝගය පරීක්ෂා කරවා ගන්න පුළුවන්. සියලුම දිරි දීමනාද ඇතුළුව රජයෙන් පිනට වැටුප් ලබා ගැනීමට නේද මේ තව උත්සහ කරන්නේ? පුළුවන් නම්, රාජකාරියට පැමිණෙන හා පිටවෙන වෙලාව සටහන් කර පෙන්වන්න. (ඒ ස්ථානයට CCTV කැමරා අත්‍යාවශ්‍යයි) හිතාගෙන ඇති ලංකාවේ දොස්තර මාෆියාව ගැන අපි නොදන්නවයි කියලා..සුවසැරිය ගිලන් රථ සේවයටත් මොන තරම් නම් මොවුන් විරුද්ධ උනාද?

:       4       34

kamalThursday, 22 September 2022 11:08 AM

තවත් එක් සියල්ල දත් පණ්ඩිතයෙක්. බෙහෙතක් ගන්න රෝහලකට ගිය පමණින් රෝහලක විවිධ ඒකක වැඩ කරන ආකාරය ගැන අවබෝධයක් ලබා ගන්න බෑ. වාට්ටුවක හෝ සායනයක විශේෂ්‍ය වෛද්‍යවරයා යම් කිසි වෙලාවක එහි නොසිටින්න හේතු ගණනාවක් තියනව. වෙනත් වාට්ටු වල රෝගින් පරීක්ෂාව, ශල්‍යකර්ම සිදු කිරීම, දේශන සම්මන්ත්‍රණ පැවැත්වීම, ඒවාට සහභාගි වීම, විභාග වලට පෙනී සිටීම, වෛද්‍ය ශිෂ්‍යයන්ට ඉගැන්වීම ආදී දහසක් වැඩ තිබෙනවා. නැතුව ගෙදර බුදියගෙන ඉන්නවා හෝ ප්‍රයිවට් බෙහෙත් දෙනව කියන එක නෙවෙයි ඒකෙන් කියවෙන්නෙ. ආයතන සංග්‍රහය කියල එකක් තියනව වෛද්‍ය සේවා ව්‍යවස්ථාව කියල එකක් තියනව ඒවට අනුව තමයි රජයේ සේවකයො වෛද්‍යවරු වැඩ කරන්නෙ. ඒ ගැන අබමල් රේණුවකවත් දැනුවත් කමක් නැති බවයි පේන්නෙ.

:       6       5

WimalThursday, 22 September 2022 02:32 PM

කමලෝ මම දවසක් පුද්ගලික චැනල් සෙන්ටර් එක්කට ගියා වෙදදුරු එනවා කියපු වෙලාවට පෙර ගිය නිසා ඇහැටම දැක්කා එම වෙදදුරු දහවල් ඇවිල්ලා නියමිත වෙලාව වෙනතුරු නිදාගෙන ඉන්නවා වෙලාවට නැගිට අපසිටි ස්ථානය හරහා ගොස් මූණ කට සෝදාගෙන ඇවිත් පරීක්ෂා කලා.හිතන්න එපා ලංකාවෙ ඔබ ඇතුළු ඔක්කොමලා හැටනව ලක්ෂයේ අය කියලා.

:       2       5

බද්රානිThursday, 22 September 2022 02:44 PM

අනේ, මේ කමල් ඔබ හිතන්නේ, මම මේ ගෙදර පොල් ගගා ඉඳලා පත්තරේට අදහස් දක්වනවා කියලාද? ඔබ ඔය කියන සියලුම කාර්යයන් අනෙකුත් රාජ්‍ය සේවකයින්ටත් අදාලයි. තනතුරට අදාළ පැවරෙන විවිධ කාර්යයන් පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියනවා. ඔබ හිතාගෙන ඉන්නේ, ලංකාවේ රෝහල්වල බඩගාලා අත්දැකීම් ගන්න තරම්, දොස්තරලාට තියන මානසික රෝග අපිටත් තියෙනවා කියලාද? ලංකාවේ වගේ කරපටි බැඳගෙන වාහනේටත් බැජ් එක ගහගෙන, පිනට වාහන පර්මිට් ඉල්ලන, පෞද්ගලික මහා ඉහළින් සමාජයේ වැජඹෙන්න උත්සාහ කරන වෛද්‍යවරු ලෝකයේ නැහැ. එදා, 1975 දක්වා එංගලන්තයේ මෙඩිකල් කවුන්සිලය මගින් ලංකාවේ වෛද්‍ය විද්‍යාල නියාමනය කළ සමයේ තිබූ ගුණාත්මක බව දැන් වෛද්‍යවරු තුළ නැහැ. මම මෙතන කතා කරන්නේ බහුතරය ගැනයි. ආයතන සංග්‍රහ ගැන කතා කරන්න කලින් ආයතනය තුළ, නිසි වෙලාවේ රාජකාරිය තුළ නිරත වෙන්න ඕනෑ. චැනල් සේවාව හෝ පෞද්ගලික රෝහල්වලින් උපයන මුදලට වෛද්‍යවරු රජයට බදු ගෙවනවාද? වෛද්‍ය සිසුන්ට පමණක් නොවෙයි, සියලුම විශ්ව විද්‍යාල සිසුන්ට එංගලන්තයේ ක්‍රියාත්මක වෙන ලෙස ශිෂ්‍ය ණය ක්‍රමයක් හඳුන්වාදී, පසුව රැකියාවක් කළ විටදී නැවත අය කරගැනීමේ ක්‍රමවේදයක් ලංකාවේ ක්‍රියාත්මක කළ යුතුයි.

:       0       2

kamalThursday, 22 September 2022 05:34 PM

විමල් අද, ඊයේ ඇහැරුණා වගේ ඔය කියන්නේ රටේ හැම වෛද්‍යවරයාම ඔහොමයි කියලද? හැම වෘත්තියකම ඉන්නවා ඔය වගේ අය, ත්‍රිවීල් පාර්ක් එකෙත් ඉන්නවා ඔය වගේ අය... ඒක තමයි තමන් හැදුණු විදිහේ ප්‍රශ්නයක්, නැතුව වෘත්තියේ ප්‍රශ්නයක් නෙවෙයි. 69 ලක්ෂයේ කෙනෙක් නෙවෙයි කිව්වාම ඔබ හිතන්නේ ඔබට මොලේ තියෙනවා කියලා අනිත් අය හිතයි කියලද? 69 ලක්ෂයේ නැති ඉතුරු අය ටිකත් මේ රට වලපල්ලට යවපු එක තමයි මෙච්චර කල් කළේ... තාමත් හිතාගෙන ඉන්නේ ගෝඨාභය අපු නිසා විතරයි කියලද මේ දේ රටට වුනේ..?

:       1       1

බද්රානි Friday, 23 September 2022 07:17 PM

ආ මට දැනුයි තේරුණේ, අර පහුගිය කාලේ කෘෂිකර්මාන්තය ගැන හිටපු ජනාධිපතිට උපදෙස් දීලා මේ රටේ කෘෂිකර්මාන්තයත් විනාශ කළ විශේෂඥ දොස්තරගේ කල්ලියේ සාමාජිකයෙක් වගෙයි මේ කමල් කියන්නේ. වෛද්‍ය වෘත්තිය හැර අනෙක් සියලුම දේ දන්නා බක පණ්ඩිතයින්නේ මේ අය... ජනතාවගේ කිරිපිටි බීම නවත්වලා දොස්තරලා දැන් කොළ කැඳ වෙන්න ඇති උදේට බොන්නේ... පිටරටවලින් වෛද්‍යවරු මේ රටට ගෙන්වලා සැබෑ වෛද්‍යවරුන්ගේ ගුණාත්මක භාවය ගැන මොවුන්ට උගැන්විය යුතුයි. ලංකාවේ උතුම් වෛද්‍ය වෘත්තිය විනාශ කළ මේ දේශපාලන හෙන්චයියන්...

:       0       2

සමන්ත Wednesday, 21 September 2022 07:53 PM

private channeling කරන්න ඕන කමට එල්ලී ගෙන ඉන්න එපා. අලුතින් එන දොස්තරලට ඉඩ දීලා කරුණාකරලා ගෙදර යන්න. අලුත් අය දක්ශයි. පරණ අය වගේ නෙවෙයි හොයලා බලලා වැඩ කරනවා. පරණ අය ඉන්න නිසා අලුත් අයට ඉඩක් නැ. දැන් මම දන්න විදියට පොඩි ඉස්පිරිතාලවත් විශේෂඥයො ඉන්නවා. ඒ අයට තැන දෙන්නේ නැතිව මහල්ලො ප්‍රධාන ඉස්පිරිතාල ටික අල්ලන් ඉන්නවා.

:       2       29

Prase Wednesday, 21 September 2022 08:15 PM

මොකක්ද මේ විහිළුව...? රාජ්‍ය සේවය ඔක්කොම විකුණලා දැම්මානම් ඉවරයි. 65 කරද්දි කියනවා තරුණයන්ට ජොබ් නැතිවෙනවා කියනවා. 60 කරද්දි වැඩට මිනිස්සු නෑ කියනවා. මේ ඔක්කොම හොරු... ඔක්කොම ගෙදර යවන්න ඕනෑ.

:       0       1

Praba Wednesday, 21 September 2022 08:19 PM

දේශපාලඥයන් 60න් විශ්‍රාම නොයෑම ගැන කාටවත් කැක්කුමක් නැතුව ඇති.

:       1       5

චමින්ද Thursday, 22 September 2022 02:44 PM

දේශපාලුවන් පාර්ලිමේන්තුවට පත්කරන්නේ කවුද? ඒක කරන්නේ ජනතාව. ඉතින් දේශපාලුවන් වැරැදි නැහැ.. උන්දැලා ඉල්ලනවා. මිනිස්සු දෙනවා. ඒ නිසා ඔවුන් එපානම් මොකටද ඡන්දය දීලා පත්කරන්නේ අපි දැනගන්න ඕනෑ හැටට වැඩි අය එලවා දමන්න. ඇත්තටම ප්‍රභා ඔබ 2019 හා 2020 ඡන්දය දුන්නේ ගෝඨාභයට නේද? 2020 දී වාසුටද, චමල්ටද, දිනේෂ්ටද.. සම්බන්ධන්ටද? දේශපාලුවන් හැටෙන් යැවීම අවශ්‍ය නම් එය ඡන්ද දායකයින්ගේ වගකීමක් මිස දේශපාලුවන්ගේ වැඩක් නොවෙයි...

:       0       1

සනත් බණ්ඩාර Wednesday, 21 September 2022 08:27 PM

ඩොක්ටර් සීයලාට හැරමිටි දීමනාවක් දෙන්න වෙනවා.

:       1       0

Rasika Wednesday, 21 September 2022 08:32 PM

විශ්‍රාම වයස හිටපු ඇමතිගෙ පස්සෙන් ගිහිල්ල වැඩි කරගන්න කලින් කොහොමත් තිබුනෙ 60 නේ. .

:       1       3

Niroshini Wednesday, 21 September 2022 09:07 PM

Nothing will happen to the health system as they think. But we will lose the young Consultants continuously working in peripheries due to migration. These senior consultants will lose their private practice. Number of doctors retiring has increased because no one retired during last few years. If this is true, we have to further extend the retirement age to infinity to prevent collapse of health and other areas too.

:       2       11

chandima Thursday, 22 September 2022 12:14 AM

ඔහෙලා කියන්නේ මේ අපේ දොස්තරලා මේ චක්‍ර ලේකය නිසා ලෙඩුන්ට බෙහෙත් දෙන්නෙනැතිව ඉඳීවි කියලද? එහෙමනම් අපික්පැත්තෙන් ඉර පායයි. එකම දේ ඒ ගොල්ලන්ට පෞද්ගලික චැනල් කරලා කාලයක් බෙහෙත් කලාට පස්සේ ලෙඩාට අමාරු වෙන පාටයි නම් රෝහලට එන්න කියලා ඇඟ බේරගන්න එක කරන්න බැරි වෙනවා.

:       0       18

Punchibandara Thursday, 22 September 2022 02:13 AM

This circular is not relevant for doctors.

:       1       6

ashok Thursday, 22 September 2022 06:30 AM

විශ්‍රාම වයස අවුරුදු 100 කරත් ‍ මේ තත්ත්වය වෙන්නේ නැත. වෙනස් වෙන්න නම් ආකල්පමය වෙනසක් ඇති වෙන්න ඕනි. මහජන මුදලින් ඉගෙන ගෙන ජනතාවට සේවය කරන්න කැපවිය යුතුය. අතිකාල දීමනා ඔන්කෝල් දීමනා මේවට සරිලන සේවයක් කරනවද?

:       3       18

ranjith Thursday, 22 September 2022 06:32 AM

පෞද්ගලික සේවය පැයකට ලෙඩ්ඩු කී දෙනෙක් බලනවද. කෝ එම කාර්යක්ෂමතාව රජයේ රෝහලේ.

:       2       20

HamizThursday, 22 September 2022 07:44 PM

දැකලා නැද්ද? දැන්ද ඉපදුනේ. ක්ලිනික් එකකට ඇවිත් බලන්න. එතකොට තේරෙයි. ඉස්පිරිතාලෙට එන්නේ නැතුව ප්‍රයිවට් චැනල්වලට ගිහින් සල්ලි ටික පුදලා ඉන්න අතරතුරේ දොස්තර හම්බකරන ගාණ ගැන හූල්ල හූල්ලා ඇවිත් ඉරිසියාවේ පැලෙනවා. මොන ජීවිතද මන්දා...?

:       1       2

harsha Thursday, 22 September 2022 07:38 AM

You can't stay forever. . One day you have to leave. Work honestly till 55. retire gracefully. give an opportunity to others. Every year there is a batch supposed to be released. Let's change our mind set. After 55 you can work in private hospitals.

:       2       16

Priyantha Jayamanne Thursday, 22 September 2022 08:47 AM

මෙය රජය ගත් ඉතා හොඳ සහ ප්‍රගතිශීලී පියවරකි. විශ්‍රාමික වයස අවුරුදු 55 නොව 60 ලෙස නියම කර ඇතත් සමහර වෘත්තීය සමිති මෙයට විරුද්ධ ඇයි? ඇරත්, විශ්‍රාම යන වයස අඩු කිරීමට විරුද්ධ වන මේ අය නිදහස් වූ අවුරුදු පහක කාලය විදේශගත වී තමන්ටම ධනයක් උපයා ගැනීමටත්, රටට විදේශ විනිමය මුදලක් උපයා ගැනීමටත් ප්‍රයෝජන නොගන්නේ මන්ද? රාජ්‍ය සේවයට බලපෑමක් වෙනවා කියලා මවාපෑමට උත්සාහ කරන නමුත් සත්‍යය නම් ඔවුන් ඊට විරුද්ධ වන්නේ ඔවුන් පීඩාවට පත්වන නිසයි. වෘත්තීය සමිති බලපෑම් මත රජය මෙම අතිශය යෝග්‍ය තීරණයෙන් පියවරක් පස්සට ගන්නේ නම් එය ඛේදවාචකයක් වනු ඇත. පෞද්ගලික අංශයේ වයස් සීමාව අවුරුදු 55 දක්වා සීමා කිරීමට ද රජය සලකා බලනු ඇතැයි විශ්වාස කෙරේ. මෙය ශ්‍රී ලංකාව වන අතර බොහෝ දුරට තරුණ පරම්පරාවක් ආයතනය තුළ රැකියාවක් සහ වෘත්තීය ප්‍රගතියක් අපේක්ෂා කරන රටකි. අපට මේ සඳහා විසඳුමක් අවශ්‍ය වන අතර විශ්‍රාම යන වයස සීමා කිරීම විසඳුම සහ ඉදිරි මාර්ගයයි.

:       0       3

Gaming Perera Thursday, 22 September 2022 09:23 AM

ඔය ඔක්කොම විශ්‍රාම යවන්න. අලුත් වෛද්‍යවරු බිහි කරන්න.

:       0       1

සඳුන් Thursday, 22 September 2022 10:11 AM

විශ්‍රාම වයස අවුරුදු 55 කරන්න. තරුණ දක්ෂ වෛද්‍යවරුන්ට රජයේ රෝහල් බාරදෙන්න. ඔවුන්ට පෞද්ගලික සේවය තහනම් කරන්න. විශ්‍රාමික වෛද්‍යවරුන්ට පූර්ණකාලීනව පෞද්ගලික සේවයේ යෙදීමට ඉඩ සලස්වන්න. මෙයින් ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලංකාවට ලබාගත හැකිවනු ඇත.

:       1       4

kasun Thursday, 22 September 2022 12:01 PM

බහුතරයක් රයජෙ වයිද්‍යවරු ඉන්නෙ ගෙවල් වල. OT ඔක්කොම දාගෙන මුලු පඩියම ගන්නව. සමහර වයිද්‍යවරු මාසෙට දවස් 10 ක්වත් වැඩ කරන්නෙ නෑ. ඉන්නෙ පුද්ලිකායතනවල වල. එ ගොල්ලොන්ව හරියට සේවයට යොදවන්න. ඇත්තට රටෙ වද්‍යවරු හිගයක් නෙ. හිගයක් මවල තියෙන්නෙ.

:       2       5

SamitThursday, 22 September 2022 07:38 PM

සේවා මුරක්‍රමය කියලා එකක් අහලා තියෙනවද? රාජ්‍ය සේවය කියන එක තමුන් හිතනවා වගේ පොඩි දෙයක් නෙවෙයි. ඔබට මැජික් වුණාට රාජ්‍ය පරිපාලන විෂය දන්න අයගෙන් අහලා බලන්න. තමුන් හිතන දේම හරියි කියලා හිතන්නේ නූගත් අය. උගත් කෙනා අවබෝධ කරගන්නවා මම නොදන්න දේවල් තව ගොඩක් තියනවා කියලා. නූගතා හිතන්නේ මම හැම එකම දන්නවා කියලා...!

:       3       2

kasunTuesday, 27 September 2022 07:42 AM

මමත් හිටපු රාජ්‍ය සේවකයෙක් තමයි මිත්‍රයා. ඔයා හිතන් ඉන්නවාට වඩා ගණිත අංශයෙන් උසස් පෙළින් දිවයිනේ ඉහළම සමාර්ත්යක් අරන් මේ වෙනකොට ඕස්ට්‍රේලියාවේ රැකියවක් කරන කෙනෙක්. ඔබේ බුද්ධියට අනුව තේරෙන විදියට කියනවා නම් ඔතැන ප්‍රශ්නය සේවා මුර නොවේ. අතිකාල පැය 120 කරන්නේ නැතුව උපරිම අතිකාල ගණන ගන්න එකයි වැරද්ද?. ඔබේ කතාවෙන්ම තේරෙනවා මාසෙට දවස් 10 ක් පමණක් සේවය කරන අය ඉන්නවා. එහෙම අය කොහොමද අතිකාල පැය 120 ක් ගන්නේ? ඔබෙ බුද්ධි මට්ටම බලාගන්න පුළුවන් අවිස්සාවේල්ල රෝහලට ගියාම. සමහර අය (අවශ්‍ය නම් නම ගම දෙන්නම්) මාසෙට දවස් 6 යි වැඩ (පැය 24 ම වැඩ කියලා හිතුවත් 24 x 6 = පැය 144. උදෙ 8-4 රැකියාවක් කරන කෙනෙක් පැය 7.5 x දවස් 20 = පැය 150)... මාසෙට දවස් 6 ක් විතරක් වැඩ කරලා අතිකාලත් එක්ක වැටුප් ලබන රාජ්‍ය අංශ තියෙනවා නම් ඒවා පෞද්ගලීකරණය කළ යුතුයි. මොකද මහජන සල්ලි. මේ වගේ රටකට ඇවිත් බැලුවා නම් පෙනේවි හරියට මුර සේවය කරන්නේ කොහොමද කියලා..!

:       0       0

kasunTuesday, 27 September 2022 08:05 AM

බහුතරයක් දන්ත වෛද්‍යවරු වැඩ කරන්නේ 8-12. පැය 4 යි. ඉතුරු දවසම පුද්ගලික සෙවයේ... වැටුප සම්පූර්න අතිකාල සමග... පොඩ්ඩක් පහදන්නකෝ කොහොමද එහෙම වෙන්නේ කියලා?

:       0       0

Sanju Thursday, 22 September 2022 12:12 PM

private channeling කරන්න ඕන කමට එල්ලී ගෙන ඉන්න එපා. අලුතින් එන දොස්තරලට ඉඩ දීලා කරුණාකරලා ගෙදර යන්න. අලුත් අය දක්ශයි. පරණ අය වගේ නෙවෙයි හොයලා බලලා වැඩ කරනවා. පරණ අය ඉන්න නිසා අලුත් අයට ඉඩක් නැ. දැන් මම දන්න විදියට පොඩි ඉස්පිරිතාලවත් විශේෂඥයො ඉන්නවා. ඒ අයට තැන දෙන්නේ නැතිව මහල්ලො ප්‍රධාන ඉස්පිරිතාල ටික අල්ලන් ඉන්නවා

:       1       4

podi mole Thursday, 22 September 2022 12:21 PM

විශ්‍රාම වයස වැඩිකිරීමෙන් සිදුවන්නේ...!

:       0       1

podi mole Thursday, 22 September 2022 12:22 PM

විශ්‍රාම වයස වැඩිකිරීමෙන් සිදුවන්නේ නව දැනුම ඇති දක්ෂ, තරුණ විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යාම වැඩිවීමයි.

:       0       1

amila Thursday, 22 September 2022 01:00 PM

මෙක ලොකු ප්‍රස්නයක් වෙන්නෙ නැහැ AL බයෝ වලට A3 ගන්න ඔක්කොමලට විශ්ව විද්ලෙ‍යට එන්න පහසුකම් සැලසුවනම්.

:       2       3

බී අමරසිංහ Thursday, 22 September 2022 05:44 PM

2022 12 31 විශ්‍රාම යවන සේරම රජයේ සේවකයන් තනතුරු අනුව වර්ගීකරණය කලොත් ඒ අයගේ හා වෛද්‍ය හා විශේෂඥ වෛද්‍ය වරුන්ගේ ලොකු අනුපාතයක් නැතුව ඇති. ඔය ගණන් පෙන්නුවට. අනික අද පාර්ලිමේන්තුවේ කියවුනා. දුෂ්කර රෝහල්වල වැඩි හරියක් සේවය කරන්නෙ ලියාපදිංචි වෛද්‍යවරු කියලා. අනික් අය යන්න හොරද ඒවට?

:       0       2

chandima Thursday, 22 September 2022 09:09 PM

60 පැනලා ගෙදර යන්නේ හොඳ පලපුරුද්දක් ඇති වෛද්‍යවරු. දක්ෂ වෛද්‍යවරයෙක් නම් එයාලට ගෙදර උන්නත් පෝලිමේ ලෙඩ්ඩු එනවා. ඒක නිසා අවශ්‍ය නම් සේවාකාලය තුළ ඉපැයූ මුදලින් පුද්ගලික රෝහලක් වුනත් පටන් ගන්න පුළුවනි.

:       0       1

Jay Friday, 23 September 2022 05:11 AM

මේ වගේ චක්‍රලේඛයක් ඉස්සර වෙලාම අනුමත කරන්න ඕනේ ඔය උත්තරීතරයි කියන පාර්ලිමේන්තුවේ ඉන්න බලයට සහ මුදලට අතිශයින්ම කෑදර, රටට කිසිම වැඩක් නැති ඒ අයට වැඩක් ඇති මැතිඇමැතිලාටයි. එතකොට අනිවාර්යෙන්ම රටට ප්‍රගතියක් වෙයි. ඉන්න පළපුරුදු වෛද්‍යවරුන්ව, රටේ මෙවැනි අවදානම් තත්ත්වයක් තියෙන අවස්ථාවක විශ්‍රාම ගන්වන එක කරන්න ඕනේ. අනිත් ආධුනික වෛද්‍යවරුන්ට හොඳ පුහුණුවක් දීමෙන් පසුවයි. කිසිම පෙර සැලසුමක්‌ නැතිව මෙවැනි තීරණ ගැනීම තවත් රටේ වෛද්‍ය ක්ෂේත්‍රයේ ගැටළු ඇතිවීමට මුලපිරීමක් ලෙසයි මට හැඟෙන්නේ... මෙයින් වඩාත්ම පීඩාවට පත්වෙන්නේ නැවතත් රටේ සාමාන්‍ය ජනතාව. මැතිඇමැතිලා කෙලින්ම යන්නේ ඉතිං සිංගප්පූරුව වගේ රටවලට... සාමාන්‍ය ජනතාවට ඉතිං කාගේ පිහිටක්ද?

:       0       2

siri Friday, 23 September 2022 06:35 AM

විශ්‍රාම යන කණ්ඩායමට සාපේක්ෂව ඇත. වැඩි සංඛ්‍යාවක් අලුතින් සේවයට එක්වීමට ඉන්නවා. හැමදාම පරණ අයම ඉන්න ඕනේ... නැතිනම් හැමදෙයක්ම කරන්න බැහැ කියන ආකල්පය තියන් හිටියොත් රටක් හදන්න අමාරුයි. අද තරුණ දොස්තර මහත්වරු වැඩි දෙනෙක්ගේ හොඳ ආකල්ප තියෙනවා.

:       0       2

RAW Friday, 23 September 2022 06:37 AM

ඔය ගණන් ඔයවගේ අඩුවෙන්න මෙයාලාත් එක හේතුවක්... වෛද්‍යවරුන්ට උසස් පුහුණුව ලබන්න ලංකාවේ එකම එක ආයතනයයි තියෙන්නේ. එක විභාගයකට 200ක් හිටියොත් ඒකෙන් ගන්නේ 12ක් 10ක් වගේ ප්‍රමාණයක්... ඉතුරු ඔක්කෝම එළියේ... අලුත් විශේෂඥ වෛද්‍යවරුන් කිසිම කෙනෙක්ට මෙයාලා ඉන්න පළාතකටවත් එන්න දෙන්නේ නෑ. පුද්ගලික සේවයට පහරවදියි කියලා. අන්තිමට ඒ මිනිස්සු රට අතෑරලා යනවා.

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 102 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 158 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 208 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 392 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1858 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 271 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site