(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි පාසලක අටවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියක චක්කරේ පාඩම් නොකිරීම සහ පැවරූ වැඩ නොකළැයි කියමින් ඉදල් මිටකින් පහර දී ඇතැයි පොලිසිය කියයි.
එම පාසලේ ගණිත ගුරුවරයකුට එරෙහිව පැමිණිල්ල ලැබුණු බව ද ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
පහරකෑමට ලක් වූ සිසුවිය ද කැටුව පැමිණ ඇයගේ මව විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇත.
පහර කෑමට කෑමට ලක් වූයේ යැයි කියන සිසුවිය ගෙන් ද මෙම සිදුවීමට අදාළව ප්‍රකාශයක් පොලිසිය විසින් ලබාගෙන තිබේ.
සිසුවියට රෝහල්ගත වීමට අවශ්‍ය නොවන බව පවසන්නේ යැයි පොලිසිය කියයි.
පැමිණිලිකාර පාර්ශ්වය සහ සිසුවියට පහර දුන් බව කියන ගණිත ගුරුවරයා ද කැඳවා මෙම පැමිණිල්ල විභාග කිරීමට ආරච්චිකට්ටුව පොලිසිය කටයුතු යොදා ඇත.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චක්කරේ පාඩම් නොකළාට ඉදල් මිටෙන් ගහලා
Senaka Saturday, 22 April 2023 09:11 AM
චක්කරේ ඉදල් මිටෙන් ගහලා හරි පාඩම් කරවන්නේ ඒකෙ තියෙන වටිනකම ගුරුවරයා දන්නා නිසා. මෝඩ හැත්තට ඒක තේරෙන්නෙ නෑ. මැරෙනකන්ම හැමදාම ජීවිතේට ඕන දෙයක් ඕක. චක්කරේ දන්නේ නැතුව සාමාන්‍ය පෙළ, උසස්පෙළ වල රැඳෙන්න බෑ. අම්මන්ඩි ඔච්චර දරුවට ආදරේ නම් ගෙදරදි පාඩම් කරවලා එවන්න තිබුණානේ. අම්මයි දූයි දෙන්නට ඕන මඟුලක් කර ගන්න කියලා ඉස්කෝලෙන් එලවලා දාන්න තියෙන්නේ...
Lakmal Saturday, 22 April 2023 09:14 AM
පොලීසියට තිබුනේ පොලීසියේ කොහු මිටෙන් අම්මටත් දෙකක් දෙන්න.
Pradeep Kumara Saturday, 22 April 2023 10:26 AM
අපේ කාලේ ගුරුවරු අපිටත් ගැහුවා. හැබැයි කොසු, ඉදල් මිටවල් වලින් නම් නෙමෙයි. අපේ පැත්තේ තිබුණා කූරටියා කියලා කෝටු ජාතියක්. අපිටම කියලා කෝටුව කඩලා ගෙන්නවා ගෙන අපිටම ගැහුවා. ඒත් අපි ඒවා ගෙවල්වලට කියන්න ගියේ නෑ. කිව්වා නම් එහෙම ගෙදරිනුත් ගුටිකන්න වෙනවා. එදා එහෙම ගුරුවරුන්ගෙන් ගුටිකාපු නිසා ඒ වැරැදි හදාගෙන අද හොඳින් ඉන්නවා.
නිශ්ශංක Sunday, 23 April 2023 04:00 PM
දැන් මොකක්ද ඔයා කරන්නේ...?
චිරන්ත Saturday, 22 April 2023 04:57 PM
තමන්ගේ වරද තියාගෙන අම්මා දරුවා නිවැරැදියි කියන්න ගියාම වෙන්නේ එම දරුවාට අනාගතයක් නැතිවීම පමණයි. වෙනත් කිසිම සෙතක් නැහැ. අපරාදේ කෙල්ලගේ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශවෙලා කියලා කියන්න පුළුවන්..
මෝධු Sunday, 23 April 2023 08:23 AM
නුගත් දෙමව්පියන්ට පස්සේ කාලේ වෙන්නේ මේ වගේ දරුවන්ගෙන් කොසු පාරවල් කන්න, නැත්නම් මහලු නිවාස වලට යන්න.
Dileepa Sunday, 23 April 2023 08:51 AM
අතින් පයින් පහරදෙන මේ මිනිස්සුන්ට තියෙන්න මානසික රෝගයක්. කොච්චර කිව්වත් හදන්න බෑ. චක්කරේ පාඩන් කරන්නෙ නැත්තම් අම්මට එන්න කියල බාර දෙන්න අපිට මෙයාට උගන්නන්න බෑ කියල. අන්න ඒක තමයි වැදගත් විදිය. අම්මට ගරු කරන්න ඕන රටේ නීතිය ගැන දැනගෙන ඒ අනුව ක්‍රියාමාර්ගයක් ගත්ත එක ගැන.
ගොරකානේ මලිත් Sunday, 23 April 2023 03:57 PM
දඬුවම් නොකර ළමයි හැදුවම බිහිවෙන්නේ උඹලා වගේ එලොවටත් නැති මෙලොන්වටත්, මොලයක් නැති, දුර දක්නා නුවනක් නැති, උඩඟු, මෝඩ, බය්යෝ තමයි.
Bamunuarachchi Sunday, 23 April 2023 02:47 PM
අපේ කාලේ නම් ගණිතය කියලා දුන්නු හාමුදුරුවෝ චක්කරේ පාඩම් තිබෙන ළමයින්ට ලොසින්ජර් දුන්නා. දැන් කරන්න තිබෙන්නේ චක්කරේ පාඩම් නැති ළමයින්ට දඬුවම් කර අමාරුවේ නොවැටී ඕන කුදයක් ගහගනිල්ලා කියලා අහක බලා ගැනීමයි.