IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


ඝාතන අනුමත කරන ඇමති එක්ක එකට ඉන්න ලැජ්ජයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඝාතන සාධාරණීකරණය කරන  ඇමති කෙනෙක් එක්ක පාර්ලිමේන්තුවේ වාඩිවෙලා ඉන්න ලැබීම ගැන  ලැජ්ජාවට පත්වෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය.

මුජිබුර් රහුමාන්  මහතා මේ බව සඳහන් කළේ ආණ්ඩු පාර්ශවය විසින් ඉදිරිපත් කළ  මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ තුරන් කිරීම සහ නීතිමය රාමුව ශක්තිමත් කිරීම සඳහා වූ ජාතික වැඩසටහන පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයෙනි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ සභාපතිවරයා මහ දවල් ඝාතනය කළා. ඔහු ඝාතනය කෙරුණේ රාජකාරියේ යෙදී සිටියදී.ශිෂ්ඨ සම්පන්න සමාජයක නම් මනුස්සයෙක් ඝාතනය වුණාම ශෝකය පළ කරනවා. මහජන ආරක්ෂක ඇමති ළඟ ඒ ශිෂ්ට සම්පන්න ගතිගුණ තිබුණේ නෑ. පටන් ගත්තේ පාතාල කියලා හංවඩු ගහගෙන. ඒ ඝාතනය සාධාරණීකරණය කළා.



අදහස් (8)

ඝාතන අනුමත කරන ඇමති එක්ක එකට ඉන්න ලැජ්ජයි

ගුණරත්න Thursday, 23 October 2025 12:59 PM

ජවිපෙ නේ මේ මාලිමාව කියන නමින් ඡන්දය ඉල්ලලා දිනුවේ. ඉතින් ඔවුන්ගෙන් වෙන මොනවාද අපේක්ෂා කරන්න පුළුවන්. එක කාලෙක තුන්ඩු කෑල්ලෙන් රට පාලනය කරපු පිරිසක්. දැන් ඉන්න සමහරක් අයට ඒවා ගැන මතකයක් තේරුමක් නැහැ.

:       29       42

Mohan Thursday, 23 October 2025 01:04 PM

නුඹලා වගේ අය පාර්ලිමේන්තුවේ ඉන්න එක ගැන අපි ලැජ්ජා වෙනවා.

:       34       38

pradeep Thursday, 23 October 2025 01:08 PM

නුඹලා හදපු පාතාලයම මරාගන්න කොට ආණ්ඩුවද පලි?

:       27       37

Nishan Thursday, 23 October 2025 01:46 PM

ත්‍රස්තවාදීන්ගේ ආණ්ඩුවක් බලේට ගෙනාපු ජනතාව දැන් එහි පල විපාක දකිමින් ඉන්නවා, අත් විඳිමින් ඉන්නවා.

:       24       28

Srinath Thursday, 23 October 2025 01:47 PM

පුළුවන්නම් අයින් වෙලා පෙන්වන්න ඔය මන්ත්‍රීකමට මුවා වෙලා හැම බලු වැඩක්ම කරනවා

:       12       11

අරවින්ද මොණරවිල Thursday, 23 October 2025 02:03 PM

ඈ බං ඔයාට මහ දවල් මහ බැංකුව කඩන විට ලැජ්ජා හිතුනේ නැද්ද, බැංකු හොරු එකතුවෙලා ෆූට් නෝට් දානකොට ලැජ්ජා හිතුනේ නැද්ද, පොහොට්ටුවෝ එක්ක එකට එකතුවෙලා කොළඹ නගර සභාවේ බලය අල්ලන්න දත කන කොට ලැජ්ජාවක් දැනුනේ නැද්ද? පාස්කු ප්‍රහාර වෙලා සිය ගණනක් මිය යන කොට ඒ බව දැනගෙන මම නිශ්ශබ්දව හිටියා නේද කියලා මතක් වෙන වාරයක් පාසා ඔබට ලැජ්ජාවක් හිතෙන්නේ නැද්ද?

:       13       23

කපුරුහාමි Thursday, 23 October 2025 02:42 PM

මුජිබරයා කියන කතා ගැන අපි මුලසිටම හොන්දාකාරවම දන්නවා. ඝාතන කිසිවෙකු අනුමත කරන දෙයක් නෙවෙයි. සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනිමෝරු කැළෑ නීතිය මේ රටේ ඇති කෙරුවෙත් බලලෝලි බඩගෝස්තරවාදී දේශපාලුවෝ මිස වෙන කවුද.. ?

:       9       17

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Thursday, 23 October 2025 04:22 PM

ඇයි ඉතිං කියව කියවා ඕකෙම වාඩිවෙලා ඉන්නේ? එක්කෝ හිටගෙන හිටපං, නැතිනම් ඕකෙන් එළියට පළයන්, අපිට පාන්ද?

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1239 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 452 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site