IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඝාතනය වූ තරුණයා මරණ පරික්ෂණයේදී තරුණියක් වෙලා

(දිනේෂ් උපේන්‍ද්‍ර සහ නන්ද එස් ඒකනායක)

දුම්මලසූරිය සියඹලාගස්රුප්ප ප‍්‍රදේශයේදී කපාකොටා ඝාතනය කර තිබූ තරුණයා පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී තරුණියක් බව හෙළිව ඇතැයි දුම්මලසූරිය පොලිසිය කියයි.

දුම්මලසූරිය ප‍්‍රදේශයේදී ඉකුත් 12 දා ඝාතනය කර දමා තිබූ 38 හැවිරිදි තරුණයකුගේ දේහය සම්බන්ධව කුලියාපිටිය අධිකරණයෙන් කර තිබූ නියෝගයකට අනුව කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේදී සිදු කළ පශ්චාත් පරීක්‍ෂණයේදී එසේ ඝාතනය කොට තිබුණේ පිරිමි නමකින් පෙනී සිට තිබූ කාන්තාවක් බව එසේ අනාවරණයවී තිබිණ.

දුම්මලසූරිය සියඹලාගස්රුප්ප ප‍්‍රදේශයේ විශාල වත්තක කලක පටන් පදිංචිව සිට ඇති අදාළ මරණකරු අත්හැර දමා ඇති සුනඛයින් රැකබලාගනිමින් සිටි අයකු බව පොලිසිය අනාවරණය කරගන තිබිණ.

ඝාතනය වාර්තා වී එම ස්ථානයට යනවිටත් බල්ලන් 60කට වැඩි ප‍්‍රමාණයක් එම මියගිය අයගේ රැකවරණය ලබමින් සිට තිබිණ.

අසල්වැසි පුද්ගලයකුගේ දැනුම්දීමකට අනුව එසේ ඝාතනය වී ඇදවැටී සිටි අයගේ දේහය සොයා ගැනීමට එහිදී පොලිසියට හැකිව තිබිණ.

මරාදැමීමට හේතුවක් හෝ මේ වනවිටත් අනාවරණය වී නොමැති බවද පොලිසිය කියයි.

 



අදහස් (0)

ඝාතනය වූ තරුණයා මරණ පරික්ෂණයේදී තරුණියක් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site