(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මීට පස්සෙ පාසලේ පන්තියට යවන්නේ ජාතික අධ්‍යාපන විශ්ව විද්‍යාලයේ වසර හතරක උපාධිය සහ ගුරු පුහුණුව ලබාගත් අය පමණක් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.
ගුරු සේවයට බඳවා ගන්න ප්‍රධාන ක්‍රම දෙකයි තියෙන්නේ. දුෂ්කර පළාත්වල ගුරු හිඟය සපුරා ගැනීම සඳහා ඩිප්ලෝමා ලබපු අයත් සලකා බලා තිබුණා. මීට පසු අපි ගුරු වෘත්තියට බඳවා ගන්නේ වෙනස් ක්‍රමයකට. පීඨ දහනවය එකතු කරලා ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලය බිහි කරනවා. මේකෙ අවුරුදු 4ක උපාධිය සහ ගුරු පුහුණුවෙන් පස්සේ තමයි පාසලේ පන්ති කාමරයට යවන්නෙ. ගුණාත්මකභාවයෙන් යුතු ගුරුවරයකු හදනවා.
COMMENTS
ඒ ගුරුවරු ගොල්ලෝ අඳින්නේ සාරියමද... නැතිනම් 21 යුග වර්‍ෂයට ඉතාම පහසු Softwear ඇඳුමද..??
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුවේ. රාජ්‍ය පාසල් කියන්නේ දේශපාලුවන්ගේ අම්මා අප්පගේ දේපොළ කියලා නොසිතන හා වැඩකටයුතු නොකරන දවස ට ඔය කියන සියල්ලම සිදුවේවි.
ජොශප් ස්ටාලින් වගේද ?
මේ වෙනකොට පුද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනවේදී විශේෂ උපාධිය ලබා දෙනවා අවුරුදු 4ක පාඨමාලා වලින් . එයාලත් බඳවා ගන්න වෙනවා .
සංවර්ධන නිලධාරීන් ලෙස වසර 5 කට වැඩි පිරිස පාසල්වල කාර්යාලවල සේවයේ යොදවා සිටිති. පාසල් පද්ධතිය තුළ සියලු කටයුතු මොවුන් දැනුවත් බැවින් මොවුන් ද ගුරු වෘත්තියට බදවා ගැනීම සුදුසු යැයි සිතමි. මේ සියල්ල උපාධිධාරීන්ය.
අවංකවම කියනවානම් ලංකාවේ පමණයි උපාධියක් නැති ගුරුවරු බඳවාගන්නේ .මේක හොඳ ක්‍රමයක් .සාරි අඳින්නේ නැති අය ගන්නත් එපා
ගුරුවරු සදහා විද්‍යාපීඨ සියල්ලම එක්කර එක විශ්ව විද්‍යාලයක් හැදුවාම අනෙක් විශ්ව විද්‍යායාලවල ළමුන්ට ගුරුසේවයට එන්න බැහැ ඇත්තටම අවුරුදු හතක් ඉගෙනුම ලබා ගුරුසේවයට එනවිට වයස අවුරුදු විසි අටක් විතර වෙනවා කවුද එහෙම ඉගෙනීමට කැමති. ඇත්තටම මේ ගමන්ම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබීමට ගතවෙන කාලය ගැන ඇවධානයටත් ගන්නවා නම් හොදයි සමහරක් විශ්ව විද්‍යාල ඉතාමත් සුලුම සුලු හේතු සදහා දරුවො අසමත් කරනවා විභාග තියන්නෙ අවුරුද්දකට එක් වතාවක් පමණයි ඉතින් දරුවො ඒවාට නාකිවෙනවා.
පුලුවන් නම් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට වඩා විශේෂ තැනක් රජයේ විශ්ව විද්‍යාල වලට දෙන්න. මොකද රජයේ විශ්ව විද්‍යාල වලින් දෙන දැනුම අපිට රැකිවක් ලබා ගන්න මදි. උසස් පෙළ සමත් වෙලා හොදම ප්‍රතිඵලයක් අරන් තමයි රජයේ විශ්ව විද්‍යාලයකට යන්නෙ.නමුත් උසස් පෙළවත් සමත් නොවී S තුනක් ගත්තත් ඔවුන් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ගිහින් රැකියා කරනවා. රජයේ විශ්ව විද්‍යාල දරුවන් අද ගනන් නොගන තත්වෙටම පත්වෙලා. ඒකයි කැම්පස් ගියත් ජොබ් නැත්තෙ. දේශපාලන බලය ඇදුනුම් කම පවුද්ගලික විශ්ව විද්‍යාල තුළින් රැකියාවල් වලට ගිහින් උසස් පෙල සමත් වෙලා අවුරුදු 04 ක් කැම්පස් එකෙ ඉදලා එලියට එන දරුවට රැකියාවක් නෑ. ඒ වගේම ගොඩක් රැකියාවන් වලට දැන්මාම වසර ගානක් පලපුරුද්දක් ඉල්ලනවා. විශ්ව විද්‍යාල වල යන ගමන් රැකියාවක් කරන්න බෑ කොහොමද පලපුරුද්දක් හදා ගන්නෙ. රජයෙන් ඉල්ලනවා දැනට නිවෙස් වල ඉන්න සියලු උපාධිධාරින්සුට රැකියා අවස්ථා ලබා දෙන්න මොකද මේ රටේ තරුණ ජවය මේ සේදීලා යන්නෙ. අවුරුදු ගානක් විවිශ්ව විද්‍යාල තුළ ඔවුන්ගේ මහන්සියට සාදාරනයක් කරන්න. රජයේ විශ්ව විද්‍යාලයක උපාධිය දැන් පිලි නොගන්නා තත්ත්වයටම පත් වෙලා ඒ තත්ත්වෙ ඇති කරන්න එපා.
එතකොට විද්‍යාපීඨවලට ළමයින් ගන්නේ නැද්ද? එහෙම ගත්තොත් ගුරු වෘත්තීය ලැබෙන්නේ නැද්ද?
පාසල් පද්ධතියට ඇතුළු වීමට භික්ෂූන් වහන්සේලාටත් වැඩිපුර අවස්ථාව දෙන්න .ප්‍රාචීන පණ්ඩිත මධ්‍යම සමත් භික්ෂූන් වහන්සේලා ගමිමටිටමෙි සිට එක නම බැගින් හෝ ඇතුළත් කරන්න එතකොට ගමිවල දරැවන්ට අවශ්‍ය ගුණ ධර්ම ටික හෝ කියලා දෙන්න පුලුවන් .
අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගන්නේ කෙසේද? දැනටමත් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනවේදී ගෞරව උපාධිය (විශේෂ අවශ්‍යතා) සම්පූර්ණ කර උපාධිධාරීන් බඳවා ගැනීමට කටයුතු කරන්නේ කෙසේද?