
(ඩයනා උදයංගනී)
කොළඹ වරායට ආසන්න මුහුදු ප්‍රදේශයේදී මැයි මස 20 වන දින ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න පාලනය කරගැනීම සඳහා සහය දුන් ඉන්දීය නෞකාවන්හි අණදෙන නිලධාරීන් වෙත ඇගයීම් ලිපි ප්‍රදානය කිරීම නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අතින් කොළඹ වරාය පරිශ්‍රයේදී ඊයේ (10) සිදුකෙරිණි
ගින්න කළමනාකරණය කිරීමට සහය දුන් ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ‘සමුද්‍ර ප්‍රහාරී’, ‘වජ්රා’ සහ ‘වෙබාව්’ යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වෙත මෙසේ සේවය ඇගයීමේ ලිපි පිරිනැමිණි.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ආපදා තත්වය කළමනාකරණය කරගැනීම සඳහා සහය වන ලෙස නාවික හමුදාපතිවරයා විසින් ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ‘වෙබාව්’ සහ ‘වජ්රා’ නෞකාවන් මැයි 25, 26 දිනවලත්, සාගර පරිසර හානි වැළැක්වීමේ හා ගිනි නිවීමේ හැකියාවෙන් යුත් ‘සමුද්‍ර ප්‍රහාරී’ නෞකාව මැයි 29 දින ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයට පැමිණ ගින්න පාලනය කිරීමේ මෙහෙයුමවලට එක්විය.
ඔවුන් කළ කැපවීම අගය කරමින්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අතින් ‘සමුද්‍ර ප්‍රහාරී’ නෞකාවේ අණදෙන නිලධාරී කේ සිතාරාම්, ‘වජ්රා’ නෞකාවේ අණදෙන නිලධාරී, ආඥාපති ඇලෙක්ස් තෝමස් යන මහත්වරුන් වෙත මෙලෙස සේවය අගය කිරීමේ ලිපි ප්‍රදානය කෙරිණි.













2025 දෙසැම්බර් මස 30
21
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
703
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගින්න නිවන්න සහය දුන් ඉන්දීය නැවියන් ඇගයීමට
de silva Friday, 11 June 2021 07:42 AM
ගින්න පාලනය කළේ නැහැ... නෞකාව සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වෙලා... මුහුදුබත් වුණා. කල් ඇතිවම ඉන්දියාවෙන් ආධාර ඉල්ලුවා නම් මේ විනාශය වෙන්නේ නැහැ.
සෙනෙවිරත්න Friday, 11 June 2021 10:12 AM
ඔය ඇගයීම් ලිපිය පෙන්වලා ලෝකෙ ඕනෑම රටක නැවක් නිවන්න වගකීමක් බාර ගතහැකියි. මේකේදි නැවත් ඉවරයි. ලංකාවේ වෙරළත් ඉවරයි. කැස්බෑවොත් ඉවරයි..
Nuwan Friday, 11 June 2021 11:07 AM
ඔක්කොම ගිනි අරගෙන ඉවරවෙනකම් වතුර දාලා දැන් සම්මානත් ගන්නවද? ඉස්සෙල්ලාම මේ කට්ටියට රසායනික ගින්නක් නිවන හැටි කියලා දෙන්න.
සාරසී Friday, 11 June 2021 01:32 PM
ඔය සම්මාන දෙන්න ඉස්සෙල්ලා මෙහෙන් නැව්වලට නගින නාවිකයන්ට එන්නත දෙන්න. බලන්න.
Nihal Friday, 11 June 2021 03:00 PM
හරිම වටින සම්මානයක් වෙන්න ඕනේ.. නැතිනම් විමල් සහ ගම්මන්පිලයි අත්සන් කරයිද?