
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් කිලෝ 12.5 ගෘහස්ථ සිලින්ඩරය මිල අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 1,257 කින් ඉහළ දැමීමට තීරණය කිරීමත් සමඟ එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2,750 ක් බවට පත්වූ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය.
මෙම මිල වැඩි වීමට පෙර ලිට්‍රෝ ගෑස් කිලෝ 12.5 ගෘහස්ථ සිලින්ඩරයක් රුපියල් 1,493 ක මිලක පැවතුණි.
ලිට්‍රෝ කිලෝ 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 503 කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 1,101 ක් බවට ද, කිලෝ 2.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 231 කින් ඉහළ දැමීමත් සමඟ එම සිලින්ඩරය රුපියල් 520 ක් දක්වා ද, ඉහළ ගියේය.
ලාෆ් ගෑස් සමාගමේ නිලධාරියකුගෙන් ඊයේ රාත්‍රී කළ විමසුමකදී පැවසුවේ එම සමාගම මේ දක්වා නව මිල තීරණය කර නොමැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සනීපයි. හොද එකෙන්ම කරනවා. රෙස්පෙක්ට්.
මේක ඉතිහාසේයේ යම් අත්‍යවශ්‍ය භාණ්ඩයක් සදහා වූ විශාලතම මිල වැඩිවීමක් විය හැක. මේක මෙතනින් නවතින්නේ නැත.
දුකයි නමුත් අපි තෝරාගත් රජය මේ.
අතිශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩයක මිල මෙහෙම ඉහල දැමීමක් මීට පෙර වාර්තා වෙලා නැහැ.
පොහොට්ටු ලේකම් සහ ලියුම්කරු සාගර කාරියවසම් වෙතයි. ඉන්ධන මිල වැඩි වුණා කියලා ඛනිජ සම්පත් ඇමතිට ඉල්ලා අස් වෙන්න කියලා මාධ්‍ය හරහා ලියුමක් දැම්මා වගේ අත්‍යාවශ්‍යම භාණ්ඩයක් වන ගෑස් සහ අනිකුත් ආහාරවල මිල ඉහළ යනතුරු නිහඬව ඉන්න මුදල් ඇමතිට වහාම ඉල්ලා අස් වෙන්න කියලා මාධ්‍ය හරහා ලියුමක් නිකුත් කරන්න කියලා ඉල්ලා සිටිමි.
දැන් සැපද ? මම තමයි හොඳටම කරේ .
69ට ජය වේවා. මේ ඔබේ පැතුමයි. කිරිබත් කමු නටමු
සහන මල්ල අරන් ආපු විරුවා අපේ බඩට නෙලනවා ආයි ගොඩ නොවෙන්න. බත් පැකට් එක රු 300/ විතර වෙයි. ගෑස් එකට එකක් වැඩි වුන නිසා. කිරි බීලා හමාරයි, කෝ ඩොලර් මවන වියත්මගේ ටික.
හෙන ගහන අපරාධයක් නේද මේ කොරෝනා උවදුරත් එක්ක කරන්නේ. අහිංසක මිනිස්සු නැති කරන්නද යන්නේ?
මේ රටේ ඉතිහාසයේ එක භාණ්ඩයක වැඩිම මිල වැඩි වීමයි මේ. 69 ලක්ෂයට සතුටුද දැන්? අමතරව කිරිපිටි වැඩි වෙලා. සිමෙන්ති හිථූ ගණන් වලට. මිනිස්සුන්ට ජිවත් වීම අභියෝගයක්
ජනතාව තවදුරටත් අත්‍යවශ්‍ය නොවන බව පැහැදිලියි. පුලුවන්නම් ඉන්න නැත්නම් මැරෙන්න
මුදල් අච්චුගැහුවට උද්දමනය ඉහල යන්නෙ නෑ කියල කිව්ව නේද? දැන් ගෑස් වැඩිවෙන්නෙ නිකන් 84% කින් වගේනෙ. එකපාර ඔය වගේ ලොකු ගානකින් ගෑස් වැඩිවෙනව කියන්නෙ මිනිස්සු කොහොමද දරාගන්නෙ
යම පාලනය කියූ යහපාලනය පටන්ගත් 2015 දී රවී ඇමතිවරයා විශාල ලෙස ගෑස් මිල අඩුකර නොතිබුනා නම් අද වනවිට ගෑස් සිලිංඩරය රුපියල් හාරදහසට ආසන්න වෙන්න තිබුනා කොහොමද දැන් සැපද. (බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ )
අපි වහල්ලුනේ එම නිසා අනිවාර්යෙන්ම ඡන්දය දෙනවා.
එක්කෝ මේ රාජපක්ෂලාට සහ මේ රජයට අත්‍යවශ්‍ය භාන්ඩ කියන්නේ මොනවද කියල අවබෝදයක් නැහැ , නැත්නම් මිනිස්සු ගැන මෙගොල්ලොන්ට කිසිම තැකීමක් නැහැ , 2015 ට කලින් තිබ්බෙත් මේ වගේ තත්වයක්.
ලංකා දේශපාලන ඉතිහාසයේ අති දුෂිතම රජයක් අතවශ්‍ය භාණ්ඩ වල මිල මෙලෙස ඉහල දැමීම පුදුමයක් නොවන අතර තව ඉදිරියටත් මේ දුෂිත පාලකයන් රටේ මුළු ජන ජිවිතම අන්ත දුගී අසරණ තත්වයට ගෙනගොස් රටේ ජීවත්වෙන්න බැරි තත්වයක් උදාවෙයි.
රැකියා සඳහා යන කාන්තාවන්ටත්, ආපනශාලා හිමියන්ටත් ගැසූ මරු පහරක් කියලා කියන්න පුළුවන්... සියලු ආහාර මිල නොසිතූ ලෙස ඉහළ යාවි. කොරෝනා වලින් මැරුණා වගේ කුසගින්නේ මියයාම් වෙන්න පුළුවන්..
1257කින් වැඩිවෙලා තියෙන්නේ 12+57 = 69, අයියෝ සල්ලි...!!! මේ ආණ්ඩුවට 69න් මිදෙන්න බැරි හැටියක්, පුදුම ගේම් එකක් 69ට දෙන්නේ...
මතකද 2004දී ගෑස්මිල රුපියල් 35 කින් වැඩි කළාම රුපියල් 600 සිට 635 දක්වා අපි විනෝද වුණා ගෑස් සිලින්ඩරයකුත් අරන් ලිප්ටන් වටරවුමට ඇවිත්...
මුදලාලිලා ට අවශ්‍ය විදියට මිල තීරණය වන නිසා වෙළඳ ආර්ථික කටයුතු ඇමති ධුරය න් වහා අහෝසි කරන්න .
දුප්පතුන් සුරා කාලා බිලියන් ගණන් හොරා කාපු උගතෙක් ඉතිහාසේ වාර්තාවෙලා නෑ මෙහෙම.
පාරට එකතුවෙමු. රතිඤ්ඤ පත්තුකරමු. ඩාන්ස් කරමින් කිරිබත්කමු. දැන් කට්ටියටම සැපද ?
පුද්ගලික අංශයේ හෝ රජයේ සේවය කරන අයට මේක ඉතාම අත්‍යවශ්‍යම භාණ්ඩයක්. රස්සාවකට නොයන කාන්තාවන්ට මේක එතරම් අත්‍යවශ්‍යම නොවෙන්න පුලුවන්. ඒත් වයස්ගත වුනමහ දර ලිප් පත්තුකරකර ඉන්න බැහැ. පක්ෂ භේදයකින් තොරව කථා කලහොත් දැන් නම් සැපම තමයි. යුද්දෙ දිනුවත් මහින්ද මහත්තය ඉන් පසු මැතිවරණයෙන් පරාජය වන බවට මම අනාවැකියත් පල කලා. එහෙම කලේ ගොඩක් අඩුපාඩු දැකල. ප්‍රභාකරන්ට වඩා රටට හානි කර පුද්ගලයින් බොහෝ පිරිසක් මහින්ද මහත්තය ගාව හිටපු නිසා ඒ ඉරණම අත්වුනා. එහෙම කියපු අනාවැකි දැවැන්ත ලිපිලෙස ජනපිය පුවත්පත්වල පවා පලමුනා. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ විපක්ෂ බොහෝ පිරිසක් සමාජවාදියොවත්, ධනවාදියොවත්, මාක්ස්වාදියොවත් නොවන බවත් අවස්ථාවාදියො පිරිසක් බවත් මම ඉතා පැහැදිලිව සටහන් කලා. දැන් කියන්න තියෙන්නෙ මෙච්චරයි. ඊලග මැතිවරණය ඒකාන්තයෙන්ම පරදිනවා. මට නම් ස්ථිර දේශපාලන පක්ෂයක් නැහැ. ඒත් පසුගිය මැතිවරණයේදී ගෝඨාභය මහත්තයට ඡන්දය දුන්නා. නමුත් කණගාටුවෙන් වුනත් කියන්නෙ තියෙන්නෙ අපේ බලාපොරොත්තු කිසිවක් ඉටු වෙලා නැහැ. ඒ නැතත් කමක් නැහැ, එන අය වැයෙන් හරි බඩුමිල සැලකිය යුතු මට්ටමකින් අඩුකරන්න. අසරණ මිනිස්සු ලක්ෂ ගානක් ඉතා දැඩි සේ දුක් විදිනවා.
භාණ්ඩ වල මිල ඉහළ යන ප්‍රමාණය අනුව දුප්පතෙකුට අද තමන්ගේ අදායමෙන් ජීවත්වීම ඉතාමත් අසීරු වී තිබෙනවා. මීට ප්‍රධානතම හේතුව ලංකාවේ බදු ප්‍රතිපත්තියේ තිබෙන වැරද්දක්. රජය අදායම සොයන්නේ දුප්පතාට අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහල දමලයි. නමුත් කල යුතු වන්නේ අදායම් මට්ටම් අනුව බදු ගසා අධික අදායම් ලබන අයවරුන්ගෙන් අධිකව බදු ලැබෙන සේ අදායම් බදු ප්‍රතිපත්තිය වෙනස් කර එම බදු මුදල් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පහත දැමීමට යොදා ගෙන දුප්පතාට සහනයක් ලබා දීමයි.
දැන් ඉතින් කහට එකේ ඉදල ගණන් යනවනෙ.
උදේ පාන්දරම හොඳ සප්‍රයිස් එකක්. බයියෝ ටිකට හෙන සතුටු ඇති .අසරණ මිනිහා අනාතයි. ඕකත් එක්කම තව සප්‍රයිස් ගොඩාක් එයි. එතකොට තවත් සනීපයි.
වැඩ බැරි පාරිභෝගික සේවා ඇමති. මිල වැඩි කරනවා විතරයි.
එන්න තාලෙට කියමු අපි… වැඩ කරන අපේ විරුවා…
කොම්පැනිකරයො කිව්වේ නම් 1000 කින් වත් වැඩි කරන්න ඕන කියලා හැබැයි රජය කිව්වේ 550 මිල වැඩි කරන්න දෙනවා කියලා. අන්තිමට වැඩිවුනෙ රුපියල් 1257. පිටි මිල රු 10 වැඩි කරන්න කතාව හබැයි 495 තිබ්බ පිටි කිලො 5 පැකට් එකේ මිල 650 උනේ ගියමාසෙ 18 වෙනිදා, මිල ගහලම තියෙනවා. කාවද මේ රවට්ටන්නෙ බොරු සකච්චා පෙන්නගෙන? රජයේ පාලනයෙන් රට ගිලිහිලා... අපෝ නයිදෙ අපිත් උඹට දුන්නනේ ඡන්දෙ, තව සල්ලි අච්චු ගහන්න...
අපි හිතුවේ ගෝඨාභය කොන්දක් තියෙන නායකයෙක් කියලා.
රට රකින අපේ විරුවා මව්බිමට....
කිරිබත් කමුත?? දැන් සැපත??? අපේ හාමුදුරුවනේ ... රබන් ගහමුත....?? ඇමරිකාව රට බෙදුවද?? වඳ කොත්තු රා වඳ පෙති ... ඩොක්ට සාෆි මතකද?? පාස්කු බෝම්බෙ කොහොමද ?? ඊළඟ ඡන්දෙත් දිනවමුද?? රට බේර ගන්න රැවටෙමුද??
සෞභාග්‍යයේ දැක්ම. දර ලිපෙන් උයමු.
අඩු ගානේ මිනිසුන්ට කන්නවත් දෙන්න. නැත්නම් අස්වෙලා යන්න.
ගෑස් හැමදාම ගන්නේ නෑනේ. මේ වැඩි වීම ලොකු බලපෑමක් වෙන්නේ නැහැ.
කිරිබත් උයන්නේ නැද්ද හන්දියක් හන්දියක් ගානේ.?
අපිට අහන්ඩ තියෙන ප්‍රශ්නේ දැන් සැපද?
රනිල්ට බැන බැන හිටපු අයට දැන් සනීප ඇති
කෝ බයියෝ නැද්ද අදහස් ලියන්න .අපේ අදහස් ඩිස්ලයික් කරන්න විතරක් පුළුවන් වගේ
ඔයිට වඩා හොඳ නැද්ද පොළේ එළවළු මිල වගේ ඕන ගාණකට විකුණා ගාන කිව්වා නම්...?
බැරිනම් යන්න පුළුවන් කෙනෙකුට දීලා. දැන් සැපද.?