IMG-LOGO

ගැටුම විසදන්න ට්‍රම්ප් මැදි වෙයි

තායිලන්තය සහ කාම්බෝජය අතර හටගත් දේශසීමා ගැටුමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සිටී. ඒ, සටන් විරාමයකට යන්නැයි දෙපාර්ශ්වයෙන් ඉල්ලීමක් කරමිණි.

සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින්, ඇමෙරිකානු ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත්තේ, තමන් තායිලන්තයේ වැඩ බලන අග්‍රාමාත්‍යවරයා සමඟත්, කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා සමඟත් දුරකතනයෙන් කතා කළ බවත්, සටන් විරාමයකට යෑමේ වැදගත්කම පෙන්වා දුන් බවත්ය.

කඩිනමින් සටන් විරාමයකට ගොස් දේශසීමා ගැටුම් අවසන් නොකරන්නේ නම්, තීරු බදු සම්බන්ධයෙන්, තායිලන්තය සමඟ කාම්බෝජය සමඟ හෝ කිසිදු ආකාරයකින් වෙ‍ෙළඳ ගිවිසුමක් ඇති කර නොගන්නා බවත් ජනාධිපති ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පැහැදිලි කර ඇත.

තායිලන්තය සහ කාම්බෝජය යනු දිගු ඉතිහාසයකට මෙන්ම සංස්කෘතියකට හිමිකම් කියන රටවල් දෙකක් වන බැවින් ඔවුන් ඉදිරි වසර ගණනාවක් සහයෝගයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් යැයි ද ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැහැදිලි කර ඇත.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් මේ වනවිට සිටින්නේ ස්කොට්ලන්තයේ සිය නිවාඩු නිකේතනයේ සංචාරය කරමිනි. ඔහු ගොල්ෆ් ක්‍රීඩා කරමින් විවේකීයව සිටින බව පැවැසෙයි. ට්‍රම්ප් ස්කොට්ල්නතයට ගොස් ඇත්තේ පෞද්ගලික සංචාරයක් සඳහාය.

 (එන්.ඩී.ටීවී.)



අදහස් (1)

ගැටුම විසදන්න ට්‍රම්ප් මැදි වෙයි

C.K.Lankaputhra Sunday, 27 July 2025 11:07 AM

ලෝකෙ ඕනෑම දෙයක් ඕනැම තැනක සිද්ධ වෙනවා නම් ඒ ඇමරිකාව අත නොදාපු හින්ද එහෙම නැත්නම් අත දාපු හින්දා. ඒකයි පරම සත්‍යය.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 136 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 418 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site