IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ගාසා ජන සංහාරය ඉවසනු බැරිව ක්‍රේග් ඉල්ලා අස් වේ

(විමුක්ති එස් රුද්‍රිගු)

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට ප්‍රහාර එල්ල කරමින් පලස්තීන ජාතිකයන් 9000 ක් ඝාතනය කිරීම ජන සංහාරයක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ නිව්යෝර්ක් කාර්යාලයේ අධ්‍යක්ෂකවරයෙක්ව සිටි ක්‍රේග් මොක්හිබර් ප්‍රකාශ කර ඇත.

ඊශ්‍රායලයේ යුද අපරාධවලට ගැලපෙන අයුරින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාල ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් කළ කිරීමට පත්වූවා යැයි පවසමින් ක්‍රේග් මොක්හිබර් පසුගිය 28 වැනිදා සිය ඉල්ලා අස්වීම එක්සත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට බාර දුන්නේය.

ඊශ්‍රායලය පලස්තීනයේ සිදු කරන්නේ ජන සංහාරයක් බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඊශ්‍රායාලය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ නොකරන්නේ මන්දැයි තමන් නොදන්නා බවත් පවසමින් ක්‍රේග් මොක්හිබර් සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇත.ගාසා තීරයේ සිදුවන්නේ ජන සංහාරයකින් ඔබ්බට ගිය යුද අපරාධයක් යැයි මානව හිමිකම් නීතීඥවරයකු ලෙස දැඩි විශ්වාසයකින් පැවසිය හැකි බව ක්‍රේග් මොක්හිබර් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පෙන්වා දී ඇත.

මෙතෙක් මියගොස් ඇති පලස්තීනුවන් 9000 න් 3648 ක් දරුවන් බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය මෙයට මැදහත් විය යුතු බවත් මානව හිමිකම් සංවිධාන රාශියක් මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක් කළේය.එසේම යුද්ධයෙන් මේ දක්වා පලස්තීනුවන් 22000 ක් තුවාල ලබා ඇතැයිද මානව හිමිකම් සංවිධාන පෙන්වා දී ඇත.

පසුගිය 7 වැනිදා සිට මේ දක්වා ගාසා තීරයේ හමාස් ඉලක්ක 12,000 කට ප්‍රහාර එල්ල කර ඇතැයි ඊශ්‍රායල හමුදා පවසයි.එම ප්‍රහාර වලින් හමාස් සටන්කාමීන් විශාල පිරිසක් ඝාතනය කිරීමට හැකියාව ලැබුණු බව ඊශ්‍රායල හමුදා පෙන්වා දී ඇත.එසේම සිය හමුදා ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බවද ඊශ්‍රායලය පවසයි.

ඊශ්‍රායලයට යුද්ධය අවසන් කරන ලෙස පවසමින් මේ වන විට රාජ්‍ය තාන්ත්‍රිකව විශාල පීඩනයක් එල්ල වෙමින් පවතී.ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ද මානුෂීය ආධාර ලබා දීම සඳහා ඊශ්‍රායලය සටන් විරාමයකට පැමිණිය යුතු බව පවසා ඇත.

 



අදහස් (4)

ගාසා ජන සංහාරය ඉවසනු බැරිව ක්‍රේග් ඉල්ලා අස් වේ

Rata Perata Thursday, 02 November 2023 04:42 PM

හමාස් ගහපු වෙලාවේ ඉල්ලා අස්වුණා නම් තමයි ගොඩක් හොඳ...

:       2       10

Dharmatileke Thursday, 02 November 2023 04:57 PM

යුදෙව්වන් මිහිපිට නොසිටිය යුතුයි.

:       14       3

අරවින්ද මොනරවිල Thursday, 02 November 2023 06:12 PM

එ.ජා. සංවිධානය යනු ඇමරිකනු රූකඩයක් පමණයි. ඇමරිකාව කියන දෙයක් කරනවා ඇරෙන්න ඔවුන්ට වෙන කරන්න පුළුවන් කෙංගෙඩියක් නැහැ. එහෙව් තැන හෘද සාක්ෂියක් එක මිනිහෙක් හරි හිටිය එක ලොකු දෙයක්...!

:       0       0

Bunny Preena Friday, 03 November 2023 09:09 AM

මිනිසා සුවඳයි මළසේ... නුවණින් එළියයි හිරු සේ... පරවී වැටිලා ඒ හිරු මල ලෝ තලයේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

වෙසක් සඳ ඔක්කොම එක් කරයි
2025 මැයි මස 11 9 0

රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.


අහසට වෙඩි තබා අසල්වැසියා බය කරලා
2025 මැයි මස 11 51 0

ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිතුරු සංගම් ලොකු පුටුව නලින්දට
2025 මැයි මස 11 76 0

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංව


සූර් වී බසය පැදවූ රියදුරා අත්අඩංගුවට
2025 මැයි මස 11 214 0

මත්පැන් පානය කර මගීන් රැගෙන පෞද්ගලික බස් රථයක් ධාවනය කරමින් සිටි රියදුරෙක් බණ්ඩාරගම ගැලනිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස රථ වාහන අංශ


ගුවනේදී මුදල් සොරකම් කළ විදේශිකයා අත්අඩංගුවට
2025 මැයි මස 11 487 0

රුපියල් දොළොස් ලක්ෂ විසි දහසක් වටිනා ඇමෙරිකානු ඩොලර් 4,000 ක මුදලක් අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානය තුළ දී සොරා ගත් චීන ජාතික


ලක්ෂ 600ක දුම්වැටි සමඟ හතරක් මාට්ටු
2025 මැයි මස 11 174 0

රුපියල් ලක්ෂ 600 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ , කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති ’’ හ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 964 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1425 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 370 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site