
(ගාල්ල සිරංගිකා ලොකුකරවිට සහ ඉමදුව ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
ගාල්ල ජාතික රෝහලේ ස්ථාපිත කරන ලද දෙවැනි හෘද කැතීට රසායනාගාරය අද (27) සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් විවෘත කෙරිණි.
ස්විට්සර්ලන්තයේ හෘද සායනික පදනම සහ මහාචාර්ය ජර්ග් ගුනන්ෆෙල්ඩර් ඇතුළු ධානපතියන් කිහිප දෙනකු විසින් මෙම රසායනාගාරය සඳහා ඇන්ජියෝග්‍රැෆි යන්ත්‍රයක් මිල දී ගැනීමට යුරෝ 650,000ක ද මූල්‍ය දායකත්වයක් සපයා තිබිණි.
ඊට අමතරව හෘද කැතීට රසායනාගාරය ප්‍රතිසංස්කරණය කර සකස් කිරීම සඳහා ගාල්ල ජාතික රෝහල තම අරමුදලින් රුපියල් ලක්ෂ 250ක් සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 350ක මුදලක් ද වැය කර තිබිණි.
ගාල්ල ජාතික රෝහලේ දෙවන හෘද කැතීට රසායනාගාරය ස්ථාපනය කිරීමෙන් ඇන්ජියෝග්‍රැෆි (angiography) සහ පර්කියුටේනියස් කිරීටක ප්‍රතිකාර සේවා (Percutaneous Coronary Intervention -PCI) සඳහා රැඳී සිටීමේ කාලය වසරක සිට මාසය දක්වා අඩු කළ හැකි වන අතර, ඇන්ජියෝග්‍රැෆි සඳහා දැනට රෝහලේ වසරක පොරොත්තු ලේඛනයක් පවතින අතර, එම පොරොත්තු ලේඛන ද අවම කිරීමට හැකියාව ලැබේ.
එමෙන්ම මෙම නව හෘද කැතීට රසායනාගාරය පිහිටුවීම මගින් වර්තමාන සහ අනාගත රෝග විනිශ්චය සහ හෘද සත්කාර ධාරිතාව පුළුල් කිරීම, දකුණු, සබරගමුව සහ ඌව පළාත්වල හෘද රෝගවලින් සිදුවන මරණ හා රෝගාබාධ අඩු කිරීම, හෘදයාබාධ රෝගීන් සඳහා පැය 24 පුරාම සේවා සහතික කිරීම, පවතින ඒකකයේ බිඳවැටීම් හෝ නඩත්තු කිරීම් හේතුවෙන් සිදුවන සේවා බාධා අවම කිරීම, වාර්ෂික හෘද රෝගී ප්‍රතිකාර සේවා වත්මන් ධාරිතාවයෙන් දෙගුණයකටත් වඩා වැඩි කිරීම ආදි අරමුණු සඵල කර ගත හැකි වනු ඇත.
මෙම අවස්ථාවට වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරීන්, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට්, ස්විට්සර්ලන්තයේ හෘද සායනික පදනමේ මහාචාර්ය ජර්ග් ගුනෙන්ෆෙල්ඩර් ඇතුළු පදනමේ නියෝජිතයින්, ගාල්ල ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්. ඩී. යූ. එම්. රංග, යන මහත්ම මහත්මීන් ඇතුළු විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය හෙද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

2025 නොවැම්බර් මස 21
163
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
234
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1104
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ගාලු රෝහලේ දෙවැනි හෘද කැතීට රසායනාගාරය විවෘත කරයි