IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ගිහින් එන්නත විද ගන්න - ට්‍රම්ප්

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට ලබා දෙන එන්නත් ලබා ගන්නැයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය රිපබ්ලිකන් ආධාරකරුවන්ගෙන් ඉල්ලීමක් කළේය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය දක්වන, ඔහුගේ රිපබ්පලිකන් පාක්ෂික ආධාරකරුවන් බොහෝ දෙනකු එන්නත් ලබා ගැනීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබේ. ඒ, එන්නත් සම්බන්ධයෙන්, ට්‍රම්ප් වැඩි කැමැත්තක් නොදක්වන බැවිනි.

එන්නත් සම්බන්ධයෙන් පමණක් නොව, ‘කොවිඩ් 19’ වසංගතය සම්බන්ධයෙන් ද ට්‍රම්ප් ජනපති ධුරයේ සිටිද්දී ලිහිල් ප්‍රතිපත්තියක් දැරුවේය. ඇමෙරිකාවේ කොරෝනා ඉහවහා ගියේත්, ආසාදිතයන් වැඩි වූයේත් එහෙයිනි.

පසුගිය නොවැම්බරයේ පැවැත්වුණු ජනාධිපතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී ට්‍රම්ප් ද කොරෝනා ආසාදිතයකු බව තහවුරු විය. කෙසේ නමුත්, පර්යේෂණ මට්ටමේ පවතින ඖෂධ ලබා ගැනීමෙන් දින 4 ක් වැනි කෙටි කාලයකින් වයිරසය පරාජය කිරීමට ට්‍රම්ප් සමත් විය.

ට්‍රම්ප් හිතවාදී රිපබ්ලිකන් පාක්ෂික ඇමෙරිකානුවන් එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරද්දී, ඇමෙරිකන් බෝවන රෝග වැළැක්වීමේ විද්‍යායතනයේ ප්‍රධානී වෛද්‍ය ඇන්තනි ෆවුචි, ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියේ, එන්නත ලබා ගන්නැයි රිපබ්ලිකන් ආධාරකරුවන්ට පවසන ලෙසය.‘

 

(රොයිටර්)



අදහස් (0)

ගිහින් එන්නත විද ගන්න - ට්‍රම්ප්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 707 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1741 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site