
(සමන් පාලිත නානායක්කාර සහ ප්‍රසාද් රුක්මල්)
පවතින ධාරාණිපාත වර්ෂාව සහ අධික සුළං සහිත අයහපත් කාලගුණය නිසා කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ දියතලාව අතර ප්‍රදේශයට දැවැන්ත කරපන්ටයින් ගස් ස්ථාන හතරකදී අද (24) අලුයම කඩාවැටීමෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව දියතලාව පොලිසිය පැවසීය.
තවද මෙම මාර්ග කොටසේ කරපන්ටයින් ගස්මෙන්ම කණ්ඩි උඩ දැවැන්ත පයිනස්ගස්ද පිහිටා තිබෙන බවත් ඒවාද කොයි මොහොතක හෝ කඩා වැටීමේ අවදානමක් ඇති බවද රියදුරන් ඇතුළු ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
මෙම මාර්ගය භාවිතා කරන්නන්ට විකල්ප මාර්ග නම් කර ඇති බවත් විකල්ප මාර්ගය ලෙස දියතලාව උඩපාර කහගොල්ල හරහා බණ්ඩාරවෙල මාර්ගය භාවිතා කරන ලෙසත් දියතලාව පොලිස ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සාගර දයාරත්න මහතා පැවසීය.
මෙම මාර්ගයට වැටී ඇති සියලු ගස් කපා කඩිනමින් ඉවත් කිරීම සඳහා දියතලාව යුද හමුදාව දියතලාව පොලිසිය හපුතලේ විශේෂ කාර්ය බළකාය, හපුතලේ ප්‍රාදේශීය සභාව, හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහන කණ්ඩායම් එක්ව කටයුතු කරන බව බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.

2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගස් කඩාවැටී කොළඹ බදුල්ල මාර්ගය අවහිර වෙයි