IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගොවීන් සියයට 95කට පෝර ගන්න දුන්න සල්ලි වතුරේ

(අංජුල මහික වීරරත්න)

පසුගිය මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා ගොවි ජනතාවට ලබා දුන් මුදල් වලින් පොහොර මිල දී ගෙන තිබෙන්නේ ගොවීන්ගෙන් සියයට පහක් පමණක් බව හෙළි වී තිබෙි.

2022/23 මහ කන්නයේ දී බන්ඩි පොහොර මිල දී ගැනීම සඳහා ආසියා සංවර්ධන බැංකුව විසින් රුපියල් බිලියන අටක මුදලක් රජයට ලබා දුන් අතර එම මුදල් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගොවි ගිණුම් වලට මුදල් බැර කරනු ලැබීය.

 හෙක්ටෙයාර් එකක් සඳහා රුපියල් 10,000ක් බැගින් හා හෙක්ටෙයාර් දෙකක් සඳහා රුපියල් 20,000ක් වශයෙන් ලබා දුන් එම මුදල් වලින් බන්ඩි පොහොර මිල දී ගැනීම සඳහා කටයුතු කර තිබෙන්නේ ගොවීන් සියයට පහක් පමණක් බව අනාවරණය විය.

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ආනයනය කළ ද ගොවීන් එයින්  මිල දී ගෙන තිබෙන්නේ සමස්ත ප්‍රමාණයෙන් සියයට පහක් පමණක් බව රජයට අයත් පොහොර සමාගම් දෙකේ සභාපතිවරුන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පෑවති සාකච්ඡාවක දී පවසා ඇත.

 

 



අදහස් (4)

ගොවීන් සියයට 95කට පෝර ගන්න දුන්න සල්ලි වතුරේ

පැරකුම් Sunday, 07 May 2023 11:02 AM

මේ රජයේ පරිපාලන දුර්වලතාවය පෙන්වන තවත් උදාහරණයක්... දීමනාව පොහොර සමාගම් වෙත ලබාදී ගොවීන්ට පොහොර නොමිලේ දුන්නා නම් ඇති ගැටලුවක් තිබේ දැයි නොදනිමි...

:       3       5

යෝගා Sunday, 07 May 2023 11:20 AM

පොහොර ගත්තොත් පමණක් මුදල් ප්‍රතිපූර්ණය කරන්න. එහෙම නැතුව ඔය මුදල් තොරොම්බල් කාරයෝ අතට පත්වීම නවත්තන්න බෑ...

:       0       11

NDF Leader Sunday, 07 May 2023 06:42 PM

පොඩි මිනිහාගේ දේ ලොකුකර පෙන්වන්න ඒකකය වෙනස් කර පෙන්වනවා. ගොවියන් ලාස්, පෑල්, බුසල්, අක්කරවලින් තම ඉඩම් මනින්නේ... හෙක්ටයාරයක් යනු අක්. 2.5කි. ඒ අනුව අක්කරයට දී ඇත්තේ රු. 4000කි. ඒකට මුලු කුඹුරටම මෙයා බණ්ඩි පොහොර දෙනවද? මොවුන්ට ඡන්දෙ දුන්නු හිතේ දුකට ගල් බෝතලයයි, බියර් දෙකයි ඇරන් ආණ්ඩුවේ අම්මා මුත්තා යන්න බනින්න ඇති...

:       2       5

ගොයම් ගස Monday, 08 May 2023 07:21 AM

225 කට අවුරුදු ගාණක් තිස්සේ වියදම් කරපු සල්ලිත් වතුරේ, එහෙම නේද මහින්ද අමරවීර? ඔහේ සැප වාහනේක ගමන් බිමන් ගියාට ඊට සමාන සේවයක් ඔහේගෙන් රටට වුණාද? ඔහේ රට වෙනුවෙන් ඩොලර් කීයක් උපයලා තියනවද? 0 නේද? ඔහේගේ පාර්ලිමේන්තු වරප්‍රසාද ඔක්කෝම ටික මැද පෙරදිග වළං හෝදන අපේ කාන්තාවකට දුන්නා නම් හොඳයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site