IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගුවන් යානා පදවන්න එතෙරින් ගන්න යයි

(කටුනායක ටී.කේ.ජී කපිල)

ශ්‍රී ලන්කන් සහ මෙරට පෞද්ගලික ගුවන්  සමාගමක් වන ෆිට්ස් එයාර් ගුවන් සේවයට විදේශ ගුවන් නියමුවන් බඳවා ගැනීමට අවසර ඉල්ලා ඇතැයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී පී.ඒ. ජයකාන්ත මහතා පවසයි.

ඒ මහතා එසේ පැවැසුවේ කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ  පිහිටි ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියේ ශ්‍රවණාගාරයේ පැවැති ගුවන් සේවා ක්ෂෙත්‍රය පිළිබඳව පාසල් දරුදැරියන් දැනුවත් කිරීමේ වැඩසටහනකදීය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ ජයකාන්ත මහතා මෙසේ ද පැවැසීය.

ශ්‍රී  ලංකාවේ ගුවන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්සහ ගුවන් නියමුවන්  මේ වන විට වැල නොකැඩී විදේශ ගත වෙනවා. එයට හේතුව විදේශ ගුවන් සේවා සමාගම් ඉහළ වැටුප් ගෙවීමයි. එම වැටුප අපේ වැටුප වගේ පස් හය ගුණයකටත් වැඩියි. ඒ නිසා  එම ගුවන් සේවා වෙත අපගේ ගුවන් නියමුවන්ගෙන් ලොකු ඉල්ලුමක් තිබෙනවා.

සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රය, සියලු කටයුතු පොදුවේ එකම ආකාරයකට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපේ නියමුවන්ට  තවත් රටක වැඩ කිරීම අපහසු නෑ.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධාන තනතුරු අටක් හිස් ඒ සඳහා පුවත්පත් ඔස්සේ දැනුවත් කළත් එම තනතුරු සඳහා අව්‍ය සුදුසුකම් සහිත කිසිදු අයකු මෙතෙක් හමු වී නෑ.  එම නිසා මෙම වසර තුළදී එම තනතුරු පුරවන්න අවස්ථාව නෑ.

 



අදහස් (6)

ගුවන් යානා පදවන්න එතෙරින් ගන්න යයි

Ruwan R Wednesday, 28 June 2023 11:35 AM

නිකන් පච කෙලින්න ඒපා. පහු ගිය දවස් වල උනේ ලෝකේ අනෙකුත් ගුවන් සේවා වල 5 ස් ගුණයකින් පඩි වැඩි කරපු ඒකද. නැත්නම් අපේ ඒවුන්ගේ පඩියට යෝධ බද්දක් ගහපු ඒකද. නියම මැනේජ්මන්ට්. දැන් නම් ශ්‍රී ලංකන් ලාබ ලබයි.

:       2       24

Jagath Wickramasekara Wednesday, 28 June 2023 12:51 PM

අපි ඔවුන්ට යන්න දෙනවා. අලුත් අය ගන්න පුළුවන්...

:       1       8

Perera Wednesday, 28 June 2023 01:14 PM

මේ පච කෙළින අය ඔක්කොම පෙළට තියලා වෙඩි තියන්න ඕනෑ...

:       0       8

Banda Wednesday, 28 June 2023 01:17 PM

ඕක වහන්නකෝ...? අහිංසක මිනිසුන්ගේ සල්ලි හූරං කාලා හොරා කන හැත්ත නිසා කවදාවත් ලාබ ගන්නත් බැරි චී ලන්කන්...!

:       2       10

de silva Wednesday, 28 June 2023 02:36 PM

ලාභ ලබන රක්ෂන සංස්ථාව... රාජ්‍ය බැංකු, ටෙලිකොම් විකුණන්න කතා කරනවා. නමුත් පාඩු ලබන ශ්‍රී ලන්කන් වහලා දමන්න හෝ විකුණා දමන්න හෝ කළමනාකරණය යම්කිසි කාලයකට වෙන සමාගමකට පවරන්න හෝ රජයට කිසිම උනන්දුවක් නැහැ...

:       0       7

Nimal Thursday, 29 June 2023 06:50 AM

අපේ නියමුවන්ට දෙන සොච්චම් වැටුප වත් ගෙවාගන්න නොහැකිව විදෙස් නියමුවන්ගේ වැටුප් ගෙවන්නේ කෙසේද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site