IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගුවන් යානය වහළත් අරන්ම යයි

(ටී.කේ.ජී.කපිල)

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීම සදහා පැමිණෙමින් තිබූ ගුවන් යානයක් , හදිසියේම යළිත් ඉහළට එසවීම නිසා පහළින් තිබූ  නිවාස සහ දේපොළ රැසක් විනාශ වී ඇතැයි මීගමුව දිසාගෙවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවෝ පවසති.

ගුවන් යානයෙන් ආ අධික පීඩනයත් සමග ඇති වූ නිවසවල වහළට මෙන්ම ගස් කොලන්ද කඩා වැටී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

සිංගප්පූරුවේ සිට පියාසර කළ මෙම ගුවන්යානය  කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට  පැමිණි අවස්ථාවේ ගුවන් යානය වඩා පහළ මට්ටමකින් පියාසර කිරීමනිසා ගුවන් නියමුවා එම ගුවන් යානය ඉහළට ඔසවා ඇත. 

ඒ අවස්ථවේ මෙම යානයේ ඇංජින්  නිකුත් වන අධික ශබ්දය සමග පසුපසට සිදු වන වායු තෙරපුම නිසා මෙම දැඩි සුළං තත්වය ඇති වී තිබෙනවා .

මෙම යානය තුළ මගීන් 292 ක් සහ කාර්යය මණ්ඩලය 12 ක් ගමන් කර ඇති අතර එහි එක් ඇංජිමක අශ්ව බල 75,000 ක පමණ ධාරිතාවයක් ඇතැයි කියති . එවැනි ඇංජින් දෙකක් මේ ගුවන් යානයට තිබේ.

ගුවන් යානය පාහළට පැමිණිමත් සමග මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගුවන් යානය ඉහළට ඔසවා ඇති අතර ඔහුගේ එම සේවය ඇගැයීමකට ලක් කර ඇත.

අපි මේ පිළිබඳ කටාන පොලිසියට සහ කටුනායක ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට ලිඛිතව දැනුම් දුන් බව ගම්වාසීහු පවසති.

මෙම සිදුවීම නිසා දාගොන්න ගොඩැල්ල ඇතුන් නෑවූ තොටුපොළේ සිට කඩවල මංගලාරාම විහාරස්ථානය දක්වා කිලෝ මීටර් 05 ක පමණ ප්‍රදේශයක පිහිටි දේපොළ සහ නිවාස ආපදාවකට ලක් වී ඇතැයි කියති.

අපදාවට ලක් වූ පිරිසට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරුන් පිසූ ආහාර ලබා දීමට පියවර ගෙන තිබුණි .

 

 



අදහස් (6)

ගුවන් යානය වහළත් අරන්ම යයි

pakeer Tuesday, 18 July 2023 06:20 PM

තව ටිකෙන් මේකත් අර සප්තකන්‍යා වගේ වෙනවා .වෙලාවට පයිලට් මේක බේරුවා .කාගේද වරද ?එයා කන්ට්‍රෝලර් ගේද ?

:       0       2

G. K. Ekanayake Tuesday, 18 July 2023 07:49 PM

ග්‍රාමසේවක ගේ කෑම පාර්සලෙන් වැඩක් නෑ. අදාළ ගුවන් සමාගමෙන් හානියට වන්දියක් ගතයුතුයි. මේ ආණ්ඩුව නම් ඕක කරණ එකක් නෑ. මතකනෙ එක්ස්ප්‍රස් පර් ල්

:       1       7

janahithaWednesday, 19 July 2023 11:50 AM

මෝඩ මිනිසුන් තමන්ගේ වහල ගැන හිතනවා .ජීවිත බේරුනා, ඒ වෙනුවෙන් එකතුවෙලා වහලා හදා ගනිල්ලා

:       1       2

Rata PerataWednesday, 19 July 2023 12:08 PM

ජනහිත නෙමෙයි, ජන විරෝධී වගේ.. දේශපාලකයොත් ඒ වගේ තමන්ගේ වැඩ එයාලාම කරගන්නවද? නැතිනම් හැම සතයක්ම අපේ බදු සල්ලි වලින් ගන්නවද?

:       0       1

de silva berlin Tuesday, 18 July 2023 08:32 PM

මේ අසරණ මිනිස්සුන්ට ගුවන්යානා ගුවන්යානා රක්ෂණ සමාගමෙන් වන්දිය අර එක්ස්ප්‍රස් පර්ල් නැවේදී උනා වගේ දේශපාලකයෝ සහ නිලධාරියෝ හොරා ගනීද දන්නේ නැහැ

:       0       8

නිමල් Tuesday, 18 July 2023 11:06 PM

වහල කෙසේ වෙතත් මේකට වහා පරීක්ෂණයක් අවශ්‍ය සිද්ධියක්. අඩි සීයක් දෙසීයක් තරමටවත් පහතට ඇවිත් තියෙනවා යම් නියමුවන්ගේ වරදකින් හෝ යානයේ දෝෂයකින්. ඉතාමත් බැරෑරුම් සිද්ධියක්.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site